IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


IMF විධායක අධ්‍යක්ෂ අග්‍රාමාත්‍ය හරිනි හමුවෙයි

(යොහාන් භාසුර)

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිෂ්ණමූර්ති සුබ්‍රමනියම් මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි.  

ශ්‍රී ලංකාවේ බදු ප්‍රතිපත්තිය, බදු ආදායම් ඵලදායී කළමනාකරණය සහ රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ ක්‍රියාමාර්ග ඇතුළු ප්‍රධාන ආර්ථික කරුණු පිළිබඳව මෙම හමුවේදී අවධානය යොමු විය.

ආර්ථික ස්ථාවරත්වය සහතික කිරීම සහ තිරසාර වර්ධනයක් ඇති කිරීම අරමුණු කරගත් ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳ සාකච්ඡා කළ අග්‍රාමාත්‍යවරිය, රජයේ අනාගත සංවර්ධන න්‍යාය පත්‍රය පිළිබඳව ද කරුණු සාකච්ඡා කළාය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විකල්ප විධායක අධ්‍යක්ෂ ආචාර්ය පී.කේ.ජී. හරිස්චන්ද්‍ර සහ අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි යන මහත්වරු මෙම සාකච්ඡාවට සහභාගී වූහ.



අදහස් (1)

IMF විධායක අධ්‍යක්ෂ අග්‍රාමාත්‍ය හරිනි හමුවෙයි

eresh S kumara Tuesday, 11 February 2025 11:48 AM

ඉන්දියන් මුල්‍ය අරමුදල IMF

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 412 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 236 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1025 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site