'Angry Bird' ක්‍රීඩාවට නොදෙවෙනි ලෙස බොහෝ දෙනා අතර ප්‍රචලිත වූ ඇන්ඩ්‍රොයිඩ් ක්‍රිඩාවක් වූ 'Fruit Ninja' ක්‍රීඩාවද සිනමා පටයක් බවට පත්කිරීමට සූදානම් වන බව හොලිවුඩයෙන් වාර්තා වෙයි. මේ වනවිට බිලියනයක පමණ බාගත කිරීම් සිදු කොට ඇති මෙම අතිශය ජනප්‍රිය ක්‍රීඩාවේ නිර්මාණකරුවන් වන 'හාෆ්බ්‍රික් ස්ටුඩියෝස්' සමාගම මෙම සිනමා නිර්මාණය සිදුකිරීමේ ගනුදෙනුවට අත්සන්තබා ඇති බවටද වාර්තා වෙයි.
හාෆ්බ්‍රික් ස්ටුඩියෝස් සමාගම 'වින්සන් ෆිල්ම්ස්' සමාගම සමග එක්ව චිත්‍රපට නිෂ්පාදක 'ට්‍රිප් වින්සන්'ගේ නායකත්වය යටතේ මෙම ක්‍රීඩාව සිනමා නිර්මාණයක් බවට පත් කිරීමට නියමිතය. නිමක් නැතිව වැටෙන පලතුරු කපන නින්ජා කෙනකු බවට පත්වී මෙම පලතුරු කපමින් රණශූරයෙකු බවට පත්වීම වැනිරසවත් ක්‍රියාවන්ගෙන් යුක්ත වන මෙම ක්‍රීඩාව මෙන්ම එය පාදක කරගනිමින් නිර්මාණය වන සිනමාපටයද මේ අයුරින්ම රසවත් විය හැකි වනු ඇතැයි විශ්වාසය පළකළ හැකිය.



COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.