IMG-LOGO

2025 අගෝස්තු මස 09 වන සෙනසුරාදා


Doctor Strange (2016)

2016-11-06-ent-107නිරන්තරයෙන් දැවැන්ත නිර්මාණයන් සිනමා ක්ෂේත්‍රයට දායාද කරන මාර්වල් කොමික් සමාගම තවත් දැවැන්ත නිර්මාණ කර්තව්‍යයක් සිනමාලෝලීන් වෙනුවෙන් සූදානම්කර ඇති බව වාර්තා වනවා. ඒ මාවල් ස්ටුඩියෝස් සමාගම විසින් එම නමින්ම නිර්මාණය කරන ලද ප්‍රබන්ධමය චරිතයක් වන ඩොක්ටර් ස්ට්‍රේන්ජ් (Doctor Strange) චරිතය පාදක කරගනිමින් නිර්මාණය වූ "Doctor Strange" චිත්‍රපටයයි. ප්‍රථමවරට 1963 වර්ෂයේදී "Strange Tales" ග්‍රන්ථයෙන් ඉදිරියට එන දොස්තර ස්ට්‍රේන්ජ් චරිතය පාදක කරගනිමින් 2007 වර්ෂයේදී %Doctor Strange^ ත්‍රිමාණ සජීවීකරණ සිනමාපටය ඔස්සේ සිනමා නිර්මාණයක් ඔස්සේ ප්‍රථමවරට සිනමාලෝලීන් හමුවට පැමිණි මෙම මනඃකල්පිත චරිතය ඉන්පසු මාවල් සිනමා නිර්මාණයන් ඔස්සේ කිහිප විටෙකම සිනමාලෝලීන් අතරට පැමිණ ඇත. නමුත් සජීවී චිත්‍රපටයක් ඔස්සේ ප්‍රථමවරට ඉදිරියට එන දොස්තර ස්ට්‍රේන්ජ් චරිතය මෙවර සිනමාගත වන්නේ මාවල් සිනමැටික් යුනිවර්ස් හි 14 වැනි සිනමා නිර්මාණය ලෙසයි. ස්කොට් ඩෙරික්සන්ගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වී ඇති ඩොක්ටර් ස්ට්‍රේන්ජ් චිත්‍රපටය සී.රොබර්ට් කාර්ගිල් සහ ස්කොට් ඩෙරික්සන් විසින් රචනාකර තිබේ. මෙහි ප්‍රධාන චරිතය වන දොස්තර ස්ට්‍රේන්ජ්ගේ චරිතයට %බෙනර්ඩික් කම්බර්බැච් (Benedict Cumberbatch)^ රංගන දායකත්වය ලබාදෙන අතර, සෙසු චරිත සඳහා Chiwetel Ejiofor, Rachel McAdams, Benedict Wong, Michael Stuhlbarg, Benjamin Bratt, Scott Adkins, Mads Mikkelsen, සහ Tilda Swinton දායක වෙයි. ඔක්තෝම්බර් 13 දින හොංකොං හිදී මංගල දර්ශනය පැවැත්වීමෙන් අනතුරුව හෙට (04දා) දිනයේ සිට ලොව පුරා තිරගතවීම ආරම්භ වීමට නියමිතය.

කුඩා කල සිට විවිධ හැලහැප්පීම් ඔස්සේ ඉදිරියට පැමිණි ඉතා දක්ෂ ස්නායු ශල්‍ය වෛද්‍යවරයෙකු වූ දොස්තර ස්ට්‍රේන්ජ් දරුණු අනතුරකට ලක්වීම හේතුවෙන් සිය අත දරුණු ලෙස ආබාධයට ලක්වෙයි. මේ හේතුවෙන් තම දීප්තිමත් වෛද්‍ය වෘත්තියටද අකමැත්තෙන් වුවද සමුදීමට ඔහුට සිදුවෙයි. ඉන්පසු ඒන්ෂන්ට් වන් නම් මායාකරු යටතේ දැනුම ලබන ඔහු ඉන්ද්‍රජාල විද්‍යාව, භූත විද්‍යාව මෙන්ම ආත්මාරක්ෂක සටන් කලාව පිළිබඳවද මනාව හදාරයි. එතැනින්ද නොනැවතුණු ස්ට්‍රේන්ජ් තවත් විවිධවූ දක්ෂ මායාකරුවන් හමුවේ භූත විද්‍යාව හදාරා ලොව දක්ෂම මායාකරුවෙක් බවට පත්වෙයි. තමන් උපයාගත් මෙම දක්ෂතා හේතුවෙන්ම ලොව සුපිරි වීරයන්ගේ අතිජාත මිත්‍රයකු බවට පත්වන ස්ට්‍රේන්ජ් ඔවුන් හා එක්ව ලොව විනාශ කිරීමට සැරසෙන දරුණුම දුෂ්ඨයන්ගෙන් මෙම ලෝකය බේරාගැනීමට දරණ වෑයම ඔස්සේ මෙම සිනමාපටය නිර්මාණය වී තිබේ.

ඉංග්‍රීසි බසින් නිර්මාණයකොට ඇති ඩොක්ටර් ස්ට්‍රේන්ජ් සිනමාපටය මිනිත්තු 115ක කාලපරාසයක් ඔස්සේ දිවෙයි. ඇ.ඩො මිලියන 165ක් පමණ වැය කරමින් නිර්මාණය කර ඇති මෙම සිනමා නිර්මාණය මේ වන විටත් ඇ.ඩො මිලියන 87.7ක ආදායමක් උපයා ඇති අතර, මාවල් සමාගමේ තවත් සාර්ථක නිර්මාණයක් ලෙස ධනාත්මක ප්‍රතිචාර ලැබේ යැයි නිර්මාණකරුවන් බලාපොරොත්තුවෙන් සිටී.

 

අනුෂි දන්තනාරායන

 



අදහස් (0)

Doctor Strange (2016)

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 400 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 308 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 481 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site