ප්‍රවීණ නර්තනාචාර්ය චන්දන වික්‍රමසිංහ හා පරිභාපූර්ණ තාල වාද්‍ය කණ්ඩායම් නායක රඛිත වික්‍රමරත්න එකට එක්ව පැවැත්වූ DRUMS AND DANCE ප්‍රසංගයට අවුරැද්දක් පිරීම නිමිති කොට ගෙන මාර්තු 26දා සවස 6.30ට කොළඹ බිෂොප් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී "DRUMS AND DANCE" ද නමින් විචිත්‍රවත් ප්‍රසංගයක් පවත්වන්නට කටයුතු යොදා තිබෙනවා.
එම ප්‍රසංගයට සමගාමීව DRUMS AND DANCE මුල්ම ප්‍රසංගයේ ඩීවීඩී පටයක් එළි දක්වන්නට චන්දන හා රඛිත සූදානම් වෙයි.
"ශ්‍රී ලාංකික ප්‍රසාංගික කලා ඉතිහාසයේ මුල්ම වරට තමයි ජනප්‍රිය නර්තන කණ්ඩායමක් හා ජනප්‍රිය තාල වාද්‍ය කණ්ඩායමක් එකට අත්වැල් බැඳගෙන රසිකයින්ට අපූරැ අත්දැකීමක් තිළිණ කළේ. ඉතිහාසයේ මුල්ම වතාවට තමයි එවැනි කණ්ඩායම් 2ක් එකතු වී කළ ඩීවීඩී පටයක් ජනගත වෙන්නෙ" රඛිත වික්‍රමරත්න කීය.
"අපි මේ ප්‍රසංගය පසුගිය වසර තුළ තුන් වරක් පැවැත්වුවා. එයට ඉතාම ඉහළ ප්‍රේක්‍ෂක ප්‍රතිචාරත් ලැබුණා. මෙවැනි කාර්යක් කරන්න අපේ කණ්ඩායම් දෙක අතර හොඳ අවබෝධයක් හා එක්කොට ගරැ කිරීමක් තිබිය යුතුයි. අපේ කණ්ඩායම් දෙකම ජාත්‍යන්තර වශයෙන්ද කීර්තියට පත්වෙලා ඉන්නෙ. එනිසා අපට විනය පිළිබඳවත් හොඳ දැනුමක් හා අත්දැකීමක් තියෙනවා" චන්දන වික්‍රමසිංහ සිය අදහස් පළ කරමින් කීය.
"අපේ මුල් ප්‍රසංගයට වඩා එළඹෙන ප්‍රසංගය අලුත් නිර්මාණශීලි අංග කීපයකින් හැඩ වෙනවා. යෞවනයේ පසුවන රඛිත හා වයසින් මුහුකුරා ගිය මම මෙවැනි සුසංයෝගයක් හරහා කලා ලෝකයට ආදර්ශයක් වෙලා තියෙනවා. මේක තාරැණ්‍යයට ලබා දෙන හොඳ පණිවිඩයක්," චන්දන කීය.
රමේෂ්
2025 දෙසැම්බර් මස 18
662
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
321
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1110
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
DRUMS AND DANCE බිෂොප් විද්‍යාලයේදී