IMG-LOGO

Beneath Two Ends By Ajantha Wijewardena

 

මේ චිත්‍රපටය ඔබට මට කියන්නේ මිනිසෙකුගේ ජීවිතයේ අන්ත දෙකක් ගැන. මිනිසෙකුට වාහනයක් තිබුනාට, කන්න බොන්නට තිබුනාට ඔවුන්ගේ ජීවිත ඇතුළතින් කොතෙක් දුරට ඔවුන් විඳවනවාද, ඒ විඳවීම් තුළ එය නොපෙන්වා සිටින්නට ඔවුන් කොතෙක් උත්සාහ කරනවාද යන්න පිළිබඳ අජන්තාගේ මේ සිනමා කතාව තුළ විග්‍රහ කෙරෙනවා.

මේ එය පිබඳව එහි අධ්‍යක්ෂිකා අජන්තා විජේවර්ධන කියන කතාව.

“අපෙන් එහා පැත්තෙ වාහනයක යන මනුස්සයෙක් දැකලා අපි හිතනවා ඔහු සතුටින් ඉන්නවා කියලා. මේ මොහොතේ ලංකාවෙ මධ්‍යම පාන්තිකයෝ පොඩි අයිසින් ගාගත්තු ෆැන්ටසියක ඉන්නවා. ගයාන් කියන්නෙත් ඒ වගේ මනුස්සයෙක්. ඒත් ඔහුගේ ජීවිතයේ විවිධ හැලහැප්පීම් තියෙනවා. එයින් පීඩා විඳින්නෙ ඔහුගේ දරුවා. මේ මොහොතේ ලංකාවේ මධ්‍යම පාන්තික ජීවියා තමයි මට එතනදි දැනෙන්නේ. ඒ ඔහුගේ ජීවිතය. මෙතනින් එන්න ඕන අවසන් තීරණය තමයි සිස්ටම් එක කියන නිසා තමුන්ගේ තීරණ ගන්න ඕන නැහැ. මේක මගේ චිත්‍රපට අධ්‍යයන කටයුත්තේ අවසන් විභාගය වෙනුවෙනුයි නිර්මාණය කළේ.”

චිත්‍රපටයේ අවසානය එක්වරම නතරවේයැයි ඔබට හැගුනත් මේ සියල්ල චක්‍රයක් බවත්, මෙය මධ්‍යම පාන්තිකයාට පොදු කතාවක් බවට ඔබට දැනෙනු ඇත. එතුළ ඔබ ඔබේ ජීවිතයට දේවල් ලං කරගත යුත්තේ සිස්ටම් එකේ හෝ අනෙකාගේ බලපෑමකට හෝ නියමයකට අනුව නොව ඔබේ ස්ව කැමැත්තට බව ඔබට පසක් වනු ඇත.

 

ප්‍රධාන රංගනය

  • ගයාන් ලක්රුවන්
  • අන්ගීසා ගුණසේන
  • වත්සලා රණසිංහ
  • සාෂා කරුණාරත්න

 

කතාව  

  • පියල් කාරියවසම්

 

තිරරචනය සහ අධ්‍යක්ෂණය

  • අජන්තා විජේවර්ධන

 

කැමරාකරණය

  • විශ්වජිත් කරුණාරත්න

 

 

රචින්ත ජයවර්ධන



අදහස් (0)

Beneath Two Ends By Ajantha Wijewardena

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 81 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 634 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site