(ගයාන් සූරියආරච්චි)

සහකාර පොලිස් අධිකාරීවරුන් සිවු දෙනකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථන මාරු ලබාදී ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ නිර්දේශ මත පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් මෙම ස්ථාන මාරු ලබාදී ඇත.

ඒ අනුව සහකාර පොලිස් අධිකාරීවරුන් වන කපිල බණ්ඩාර මහතා මඩකළපුව කොට්ඨාසයේ සිට පොළොන්නරුව කොට්ඨාසය වෙතද, එච්.එම්.බී.ජේ. විජේවර්ධන මහතා සීතාවකපුර කොට්ඨෘසයේ සිට කන්කසන්තුරය කොට්ඨාසයටද ස්ථාන මාරු ලබාදී ඇත.

එමෙන්ම කන්කසන්තුරය කොට්ඨාසයේ සිටි සහකාර පොලිස් අධිකාරී ගයාන් ප්‍රසන්න මහතා කොළඹ රථවාහන කොට්ඨාසයටද , සහකාර පොලිස් අධිකාරී ඒ.එල්.එම්. ජෙමිල් මහතා විශේෂ ආරක්ෂක කොට්ඨාසයේ සිට කොළඹ උතුර කොට්ඨාසය වෙතද ස්ථාන මාරු ලබාදී ඇත.

එම ස්ථාන මාරු ඉකුත් 11 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ලබාදී ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.