
(ආරියරත්න රණබාහු)
ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා නියෝජිත ටකාෆූමී කැඩෝනෝ (Takafumi Kadono) මහතා ඇතුළු නියෝජිත පිරිසක් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (12) පස්වරුවේ පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී හමුවියා .
ආසියානු සංවර්ධන බැංකුව විසින් ශ්‍රී ලංකාව තුළ කරගෙන යනු ලබන සංවර්ධන කටයුතු පිළිබඳව සමාලෝචනයක් මෙම හමුවේදී සිදු කළ එම නියෝජිතයෝ ඉදිරියටද ශ්‍රී ලංකාවට ආධාර ලබා දීමට එම සංවිධානය තුළ වන සූදානම පිළිබඳවද කරුණු දැක්වූහ.
මේ අවස්ථාව සඳහා ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික බිමල් රත්නායක මහතා ද එක්ව සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බී බී සී ගිහින් සිංහල බොදුනුවන්ගෙන් ඇරියස් අල්ලන්න උත්සාහ කළ බිමල් රත්නායකගේ සුවච, කීකරු විලාසයත්, අකුදී සහෝදරයාගේ බයාදු සිනාවත් විසින් කියා පාන්නේ මෙවැනි ජාත්‍යන්තර ආයතනවලට එරෙහිව ජවිපෙ නායකයින් එදිනවල කෑගැසුවේ බොරුවට බවයි...!
අයි.එම්.එෆ්. ගිය කිසි රටක් ගොඩ ගියේ නෑ කිව්ව හාදයා නේද මේ? දැන් අනිත් අය නොගිය තැන් වලටත් යනවා.
මෙතෙක් අවුරුදු 75ක් රටේ මිනිසුන් ගොනාට ඇන්දමින් සියලු සම්පත් විකුනමින් සොරා කමින් රටේ කොඳු නාරටිය බිද දැමූ අද්‍යපනය ආර්ථිකය සමජය විනාස කල හොර නඩය ට ඳඬුවම් දෙමු .. සොරාගත් සියල්ල යලි ජන සතු කරමු .. කෘශිකාර්මික සහ අපනයන ආර්ථිකයක් ගොඩ නගමු .. AKD
දැන්වත් දීනකම් අත්හරිමු. හරි දේ කරන, දූෂණයෙන් තොර හරි පුද්ගලයා තෝරා ගනිමු.