රුපියල් අසුතුන් ලක්ෂයක් වටිනා විදේශ මුදල් තොගයක් තම ගමන්මල්ලේ සගවාගෙන ඩුබායි බලා යාමට පැමිණි රෙදිපිළි ව්‍යාපාරිකයෙකුට රුපියල් දස ලක්ෂයක දඩයක් නියම කළ රේගුව එම විදේශ මුදල් තොගය රාජසන්තක කළේය.
මේ පිළිබඳ රේගු පරීක්ෂණය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ස්ටැන්ලි සේනාරත්න මහතා විසින් සිදු කළේය.
යූරෝ 20,800, එංගලන්ත පවුම් 17,300, සෞදි රියාල් 24,000 ක් ඔහු රැගෙන යාමට උත්සහ කළ බව රේගුව කියයි.
මෙසේ දඩ නියම වුයේ පානදුර ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි ව්‍යාපාරයෙකුටය.
ඔහු අද අළුයම ෆලයි ඩුබායි ගුවන් සේවයට අයත් එෆ්.ඉසෙඩ් 578 දරණ ගුවන් යානයෙන් ඩුබායි බලා යාමට කටුනායකට පැමිණ ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ව්‍යාපාරිකයා ගැන මම දන්නේ නෑ. නමුත් ලංකාවේ අපි ඉතිරි කරපු මුදල් බැංකු අනකරයකින් වත් ලංකාවෙන් පිට ගිනියන්නේ නැහැ. එ්ක හරිම අසාදාරනයි. අපේ මුදල් අපි හම්බ කරලා තියෙන්නේ මහන්සියෙන් එ්ත් කිසිම සාදාරනයක් නැහැ. ඒවා විදෙස් මුදල් කරලා රටෙන් පිට ගිනියන්න හැදුවම රාජ සන්තක කරනවා. ලෝකේ කොහෙවත් මේ වගේ අවනීතියක් නැහැ (නදී)
මේක අසාධාරණයි. (නි)
ජීවාගේ කතාව ඇත්ත (නි)
ඡන්දයට ප්‍රථම ගල්කිස්ස පැත්තෙන් / කොළඹ පැත්තෙන් අහුවුණු හොර සල්ලි තොගය (විදේශ මුදල් ) ගැන කිසිම සඳහනක් නැහැ , මොකද වුනේ ,බිල්ලෝ ගිල්ලද (බ)
ජීවා මහතාණනි !!! ඔබ අන්තර්ජාලය හරහා සොයා බලන්න රටකින් පිට කළ හැකි මුදල් ප්‍රමාණය ගැන , ලෝකයේ සෑම රටකම එම රටේ මුදල් නෝට්ටු පිට ගෙනයාම සීමාවක් කර තිබෙනවා ,ඒවගේම තමා ලංකාවෙත්. හොරට උපයපු සල්ලි නොවේනම් , තමන්ට බැංකුවක් මාර්ගයෙන් සල්ලි පිට ගැන යා හැකිය , නමුත් මුදල් නෝට්ටු නොවේ (බ)