පුවත්පතක පළ වූ මංගල දැන්වීමක් අනුව 77 හැවිරිදි එක් දරු වැන්දඹුවක සමග ප්‍රේම සම්බන්ධයක් ඇති කර ගත් 53 හැවිරිදි පෙම්වතකු, ඇගෙන් රුපියල් ලක්ෂ හතර හමාරක් ගැනීමෙන් අනතුරුව පුතාගෙන් රුපියල් 35000ක් ගැනීමට තැත් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම පෙම්වතා මොරටුව කටුබැද්දේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
රාජගිරියේ පදිංචි සැකකරු ඇය විවාහ කර ගන්නා බව පොරොන්දු වී ඇත.
එහෙත් ඔහු විවාහකයෙකියි පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ආච්චි අම්මේ මේ වයසට මොන දීගද ? නාකි විසේ ගෙටත් උසේ. (ස)
නහින දෙහින කාලේ පිනක් කරගෙන ඉන්නෙ නැතුව ප්‍රේම කරන්න යනවට හොඳ පාඩම්.(ස)
කමක් නැහැ දැන් ඉතින් දෙන්නා කසාද බන්දලා දෙන්න, හරිනේ එතකොට.(ස)
ඕකනේ කියන්නේ හිත කවදාවත් වයසට යන්නේ නැහැ කියලා. (ස)
ලංකාවේ සංස්කෘතියට අනුව ඔවැනි සම්බන්දතා නොගැලපෙන දේවල් වුනත් බටහිර රටවල නම් සාමාන්‍ය දේවල්. එම රටවල් වල දරුවෝ අවු.17-18 වෙනකොට වෙනම ජීවත් වෙනවා. ගෙවල් වල තනි වෙන දෙමව්පියෝ එක් කෙනෙක් මරුනහම ජීවිතේ දුක සැප බෙදා ගන්න , තනිකමෙන් මිදෙන්න වයස ගිහිල්ලත් නැවත විවාහ වෙනවා. හැබැයි වනචර කමට නොවෙයි.(නදී)
ආච්චි වුනත් මොකද හොදට ලව් කරනවා නම්... කියලා බයිලාවක් තියෙන්නේ කට කහනවටද? (නි)
කෑම බීම වගේම තමයි ,මොලෙත් අවශ්‍යම ආහාරයක් තම්යි. (නදී)
මේවට හිනා වෙන්න නම් හොඳ නෑ. ඒත් අපේ සමාජය කොහේටද යන්නේ. දෙන්නම එකයි. (ස)
එහෙම කියන්න එපා. වයසට ගියත් සමහරක් අය තරුණකාලයට වඩා නිරෝගියි. ඒකත් පිනකට පිහිටන්නේ ටික දෙනෙකුට. (ස)
මට මතකයි දවසක් වාහන බාසුන්නැහේ කෙනෙක් කියනවා, අලුත් වාහන වගේ නෙමෙයි පරණ වාහන තල්ලුකරලා හරි ස්ටාර්ට් කරගත්තහම නතරකරගන්න බැරිවෙන්නම දුවනවා කියලා! (නි)
හිත තරුණ ඇති. කණගාටුයි.(ස)
සමහරවිට ඒ අම්මා ඉන්නවා ඇත්තේ තනියෙන්. ඉතින් තනිය මකාගන්න කෙනෙක් හොයන්න හිතන්න ඇති (නි)
අවුරුදු 77 වයසක්ද නංගි.(නදී)
චි චි චි , ඊයා... (නි)
අවරුදු 77 යි වයස බැලු බැල්මට කියන්න බෑ, තාමත් කෙල්ල වගේ ඉන්නේ 53 මට මොකක්ද අනේ.(නදී)
කොහොමද පෙනුම?? (නි)
වනවාසය කරන්න ඕනෑ කාලය නේද අනේ මේ? (නි)
මේ වගේ දේවල් දැකීමෙන් වෙන්නේ අපේ හොදට ඉන්න ආච්චිලත් නරක් වෙන එක තමයි! තව 40-50 පැනලා වැඩේ අතහැරලා දාල ඉන්න අපේ අම්මලාගේ වයසේ ඉන්න අයත් ආපසු අලුතින් ආදරය ගැන හිතන්න ගන්නවා! කොහෙන් කෙලවර වෙයිද දන්නේ නැහැ. (නදී)
මේවා ආච්චිලත් කියවනවානේ! මාර වැඩේ දැන් වෙන්නේ. බැරි වෙලාවත් බස් එකකට නගිනකොටවත් ආච්චි කෙනෙක්ගේ අතින් අල්ලන බැරී වෙනවා උදවුවටවත්." තෝත් මෙතැන මට මනමාලකම් කරන්න එනවද?" කියලා අහන්නත් බැරී නැහැ (නි)
සිංහල ජාතිය වද වෙන මේ කාලේ අපිත් හිතුවා ජාතිය බෝ කරන්න උදව් වෙන්න. (නි)
දත් තියෙනවද?(නදී)
මම මහලු වයසේ, පුළුවනි සියල්ල තවම පෙරසේ (නි)
වයස ගතවෙලා මැරිල යන්නෙ නැතුව ආයෙ පාරක් ටික ටික ආපස්සට තරුණ වෙන්න පුලුවන් නම් මරු නේද? (දී)
වයස උනත් මොකද නහර වැඩ කරනවානම්. මොනවා උනත් පව් වැඩේ. (දී)
ගෑනුන්ගේ විසේ නගින්නේ 50 පස්සේ , අපේ වයසක උදවිය මේ කාලේදී පන්සල් පල්ලි ගිහින් තමන්ගේ හිත සන්සුන් කරගත්නවා (දී)
අවරුදු 77 ක් වයස උනා කියල පන්සලේ ඉන්න කියල නියමයක් නැහැ.ආදරේ කලා කියල මොකද්ද ඇති වරද? කාටවත් හානියක් නැතිනම් . (දී)
අවරුදු 77යි 17 \18 කාලේ ගමේ කොල්ලෝ හැංගිලා ඉන්ඩ ඇති (දී)