(අංජුල මහික වීරරත්න)
අඩු ආදායම්ලාභී පවුල් සඳහා නිවාස 2,000ක් එළඹෙන 75 වන නිදහස් දිනය නිමිත්තෙන් ඉදිකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
අගනගරයේ පමණක් නොව අර්ධ නාගරික ප්‍රදේශවල ද මෙම නිවාස ඉදි කරන බව ජනාධිපතිවරයා කීය.
ග්‍රාමීය මෙන්ම නාගරිකව වාසය කරන අඩු ආදායම් ලාභී පවුල්වල නිවාස අවශ්‍යතාව කාර්යක්ෂම සහ මානුෂීය මුහුණු වරකින් විසඳීම රජයේ ඉලක්කය බව කී ජනාධිපතිවරයා එම නිවාස බෙදා දීමෙිදී පුද්ගල ප්‍රතිරූප පසෙක තබා “සුදුස්සාටම අයිතිවන” ක්‍රමවේදයක් ක්‍රියාත්මක වනු ඇතැයි ද සඳහන් කළේය.
හෙට දිනට යෙදෙන 36 වන ලෝක ජනාවාස දිනය නිමිත්තෙන් ප්‍රකාශයක් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම අහල තියෙනවා ආදායම් බදු ගෙවීමට සුදුස්සෝ සමුර්ධි ආධාරත් පසුගිය කාලයේ දුන්නුදේවල් සමග 5000 දීමනා ගත්තා කියලා ඒ අයටත් දෙනවද සුදුස්සො තෝරන්නෙ කොහොමද කියන්න දේශපාලන හිතවත් කමටද නැත්නම් සමුර්ධිය තියෙන අයටද ඇත්තටම මෙහෙම ආධාර දේශපාලන ජයග්‍රහණය සදහා නිදහස ලැබුන දවසේ සිටම දුන්නා එහි ප්‍රතිඵලයක් තමයි මේ රට මෙතරම් පහත් තත්වයට වැටෙන්න හේතුව.එනිසා දෙනවා නම් මාලුවා අල්ලා නොදී අල්ලාගැනීමට බිලී කටුවක් දෙන්න දැන්වත් ඔය සුබසාධන වැඩ නතරකර රට හහදන්න
අඩු ආදායම්ලාභී පවුල් සඳහා නිවාස 2,000ක් එළඹෙන 75 වන නිදහස් දිනය නිමිත්තෙන් ඉදිකරන අතර එම නිවාස ප්‍රමාණය ( අඩු ආදායම්ලාභී පවුල්) වැඩිකරගැනීම සදහා පුද්ගලික අංශයේ ව්‍යාපාර සහ දේශීය සහ විදේශීය පරිත්‍යාගශීලීන්ද සම්බන්ධ කර නිදහස් දිනය "අමතක නොවන නිදහස්" දිනයක් බවට පත් කරන්න කටයුතු කිරීම වැදගත්වේ. විදේශීය මුදල් පරිත්‍යාග හෝ විදේශීය පරිත්‍යාගශීලීන් හෝ ඔවුන්ද මැදිහත්වීම් කරන්නේනම් ඒ සදහා ඔවුනට අවශ්‍ය details ලබාගැනීමට අවස්ථවන් ලබාදෙන්න.
අර්ඹුද කාරී අවස්තාවේ නිවාස 2000 සෑදීමට තීරනය කිරීම සතුටට කරුනක්, පෙරමග සුබ ලකුනක්.
අවුරුදු 7,8 පාරක් ආණ්ඩුකරලා තමන්ට නිවසක් හදාගන්න බැරි, නිවසක් නැති මිනිස්සු ඉන්න රටක් බිහිකළ පාලකයින්ට ජයවේවා..!
කෘෂිකර්මය විනාශකලේ පාදෙණිය මිසක් GMOA නෙවෙයි. GMOA ලේකම් ප්‍රබල අනාවරණය ත්‍රිපෝෂ නිෂ්පාදනයට මුලික වශයෙන් අත්‍යාවශ්‍ය කෝන්, බඩඉරිඟු වෙනත් රටවලින් ගෙන්වනවා වෙනුවට ලංකාවේ තෝරාගත් ගොවීන් ප්‍රමාණයක් යොදවා අවශ්‍ය උපදෙස් ලබාදී ක්‍රමවත්ව මෙම වගාව සහ අවශ්‍ය ත්‍රිපෝෂ නිෂ්පාදනයට මූලික වශයෙන් අත්‍යාවශ්‍ය කෝන් රටතුළම වගාකළහැකි අතර එම නිෂ්පාදන අවශ්‍ය තත්වයන් පරීක්ෂාවෙන් පසු ත්‍රිපෝෂ නිෂ්පාදනයට යොදාගැනීම වැදගත් වේ. එවිට ගොවියාට අදායමක් සහ රැකියාවන් කිහිපයක් බිහිකළ හැකිවේ. දෙවනුව මෙම වගාවන් නිරතුරුව අධ්‍යයනය සහ පරීක්ෂා කිරීමට සහ අවශ්‍ය උපදෙස් සහ නිර්දේශ ලබාදීමට පහසුවෙන්ම කළහැකිවේ. දෙවනුව පුද්ගලික ආයතන තුළ නිෂ්පාදනය කරන්නා වූ ත්‍රිපෝෂ නිෂ්පාදනයට පවා ලංකාවේ වගාකල කෝන් ලබාගැනීමට නිර්දේශ කළයුතුවේ.
පුද්ගලික සහ රජයේ ආයතන තුල නිෂ්පාදනය කරනාවූ ත්‍රිපෝෂ රජයේ ප්‍රමිතියට සිදුවනවාද කියා "අවංක" නිලධාරීන් යොදවා නිතර පරික්ෂ කර ඔවුන් විසින්ම data සියල්ල ලබාගැනීමට කටයුතු කලයුතුවේ. ඔවුනට අවශ්‍ය වනුයේ cellphone යක් පමණි. සවුක්‍ය අමාත්යංශය සහ කෘෂිකර්මාන්ත අමාත්යංශය එක්ව මෙම කටයුතු කරගෙන යාමට හැකියාව තිබේ. විදේශයෙන් ආනයනය කරනාවූ corn සදහා කරනාවූ අනවශ්‍ය වියදම් සියල්ල නැවත දැමීමට හැකියාවක් පවතී. කුඩා දරුවන් සහ ගැබිණි මවුවරුන් විසින් ආහාරයට ගන්න මෙවැනි ත්‍රිපෝෂ ආහාර සෑම නිස්පදනුයක්ම නිසි ප්‍රමිතියෙන් තිබේද කියා සොයාබැලීම වැදගත්වේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඔවුන් විසින් කලයුතු රාජකාරිය කුමක්ද යන්න හදුනාගෙන ඔවුන්ගේ ප්‍රතිපත්තීන් මත සිට ක්‍රියා කිරීම ඔවුන්ගේ වුර්තිය ගරුත්වයට සහ රටේ සුබසිද්දියට වඩාත් වැදගත්වේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනවශ්‍ය මැදිහත්වීම් නිසා මේවනවිට රටේ කෘෂිකර්මනත්යට සිදුව තිබෙනාවූ විනාශය සහ ගොවීන් සහ පුරවැසියන් මුහුණදී තිබෙන තත්වය කණගාටු දායකවේ.
කොහෙ තියෙන නිදහසක්ද මෙ සමරන්න හදන්නෙ???? කන්න නැහැ කියල පාරෙ උද්ගොශණ කරන්නත් නිදහසක් නැහැ රටෙ.
කෝන් කියන්නේ කැලේ තියෙන ලොකු ගස් වර්ගයක හැදෙන හොඳ පළතුරක්... ඒවා කොහොමද ත්‍රිපෝෂ හදන්න ගන්නේ කියලා කියන්න..?
මෙයා බලන්නෙ කොහොමහරි තවත් අවුරුදු 2ක් බලය ඉදල හම්බකරගන්ඩ රටට හෙන ගැහුවත් කමක් නැහැ.