තවත් නොබෝ දිනකින් එජාපයේ 70 වැනි සංවත්සරය පැවැත්වෙන බවත් ඒ වෙනුවෙන් ලංකාවේ දේශපාලන පක්ෂයක් ලෙස පළමු වතාවට පරිගණකයෙන් හා ස්මාර්ට් දුරකථනයෙන් මෘදුකාංගයක් හරහා පක්ෂයේ සාමාජිකත්වය ලබාගැනීම හැකි ක්‍රමවේදයක් හඳුන්වාදීමට සූදානම් බවත් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා අද (21) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
ආණ්ඩුව ලබාගන්නා ණය විනිවිද භාවයකින් යුතුව ගන්නා බවද පසුගිය කාලයේ ගත් ණය පියවීමට, රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට හා පොදු ජනතාවට සේවය කිරීමට ඒ මුදල් ආයෝජනය කළ බවත් කී ඇමැතිවරයා පසුගිය කාලයේ ගත් ණය ආයෝජනය කළේ සංවර්ධනයට නොව සංදර්ශනයට බවත් කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොයිතරම් අලුත් වෙන්න හැදුවත් පරණ දේ තමයි තවමත් වෙන්නේ. (හේ)
අනේ හැබෑට දැන් කරන්න තියෙන දේවල්ද නුඹලා කරන්නේ? (නි)
දැන් ඔච්චරයි අඩු (නි)
මේ යන විදිහට ඔය වගේ මෘදුකාංගයක් හදන එක හොඳයි. මොකද ඉදිරියේදී ගෙවල් ගානේ ගිහින් සාමාජිකයෝ එකතු කරගන්න නම් බැරිවෙයි. (නි)
පිළිගන්න අකමැති වුණාට ලංකාව ඉස්සර ඉඳන් ඉන්දියාවෙ කොළනියක් වගේ තමා. (නි)
දැන් ෆ්‍රී වයිෆයි දීලා , ඩේටා ගාන අඩු කරපු නිසා මේ සොෆ්ට්වෙයාර් එක පාවිච්චි කරන්න පුළුවන් (බ)
මම එජාප මන්ත්‍රීලගෙන් ඉල්ලා සිටිනවා මේ දිනයේදී මහජන මුදල් වලින් වාහන පර්මිට් නොගන්න බවටත් , සුපිරි වාහන නොගන්න බවටත් , පිටරට සවාරි නොයන බවටත් දිවුරා පොරොන්දු වන ලෙසට. එදාට අපිට සැබෑ එජාප පාක්ෂිකයන් විදිහට සතුටු වෙන්න පුළුවන්. (බ)
වැඩියෙන්ම ශ්‍රී ලංකාව විනාශකළ දේශපාලුවෝ සිටින අම්බලම මොකක්ද කියලා අපි දන්නවා (නි)
රටේ විනාශයට මුල්වූ තීරණ ගත්තේ එජාපය යි විවෘත ආර්ථිකය .විජේවීර නිදහස් කිරීම .ඉන්දීය හමුදාව ලංකාවෙන් පිට කිරීම , කොටින්ට සල්ලි, ආයුද,. සිමෙන්ති දීම , කොටින්ට උ /නැ පාලනය බාර දීම , මේවා මොනතරම් රටට හානිකර වුවාද? පොඩ්ඩක් හිතා බලන්න (බ)
හෂීම් මහත්තයෝ ඔබතුමාට පින් සිද්දවෙනවා අපේ රටට ඇත්තටම අවශ්‍ය වෙලා තිබුනේ ඕක විතරයි.(බ)
දැන් වයිෆයි රට පුරාම. බැලුන් ගිය ගිය තැන, එපමණි අඩු අපිට. (බ)
මේ අවුරුදු 70 ව ඇතුළත මේ පක්ෂ නායකයන් විසින් කළ කී දෑ අපිට නම් හොඳට මතකයි (නි)
දැන්නම් ඉතින් ඕවා කර කර ඉඳලා හරියන්නේ නැහැ. අන්තිමට කවුරු කවුරුත් කරපු දෙයක් නැහැ. (නි)
අපිට 23 වැනිදා ඉස්සරහට යනවද පස්සට යනවද තීරණය කරන්නලු එජාපෙන්. ලංකාව දැන් ඇමරිකාවේ, එංගලන්තේ, යුරෝපයේ විතරක් නොවේ, ඉන්දියාවේත් කොලනියක් වෙලා. (නි)
කරන්න පොරොන්දු වුණ දේවල් මුලින් කරලා අවසන්වෙලා ඔය මෘදුකාංගය අපිට දෙන්න! (නි)
පක්ෂය විසින් රට ගෙන ගියේ ඉස්සරහටද පස්සටද යන්න තාම තේරිලා නැහැ වගේ. (බ)