(අජිත්ලාල් ශාන්තඋදය)
පනාමුර කැම්පනේ ප්රදේශයේ කාන්තාවකට රුපියල් 5000 දීමනාව නොලැබුණැයි සමෘද්ධි සංවර්ධන නිලධාරියකුට පොලිලකින් පහරදී ඇතැයි පනාමුර පොලිසිය කියයි.
පොලූපහරකට ලක්වු සමෘද්ධි සංවර්ධන නිලධාරියා කොළොන්න මූලික රෝහලට ඇතුළත් කළ බව පනාමුර පොලීසිය පවසයි.
මෙසේ රෝහල් ගතකර ඇත්තේ කොලොන්න ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ කැම්පනේ වසමේ සමෘද්ධි සංවර්ධන නිලධාරී සුභාෂ් ප්රසන්න කඹුරුගමුව මහතායි. පහරදීම කළ කාන්තාව අත්අඩංගුවට ගැනීමට පොලීසි් කණ්ඩායමක් ඇයගේ නිවසට ගිය බවද පනාමුර පොලීසිය කියයි.
කැම්පනේ වසමේ පුස්වැල්පිටිය විහාරස්ථානයේ දී රුපියල් පන්දහසේ දීමනාවේ ඉතිරි කොටස් බෙදා දී ආපසු එන අවස්ථාවේ සමෘද්ධි සංවර්ධන නිලධාරියා කාන්තාවගේ පොලූ පහරට ලක්ව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිය සතියේ වාර්තා වුණා, 5000 ගන්න ලිස්ට් එක නම දා ගන්න පිහියක් අරන් ගිය අක්කා කෙනෙක් ගැන, දැන් තව අක්කා කෙනෙක් 5000 ගන්න, සමෘද්ධි නිලධාරීයාට පොල්ලෙන් ගහලා! - සමහර විට හෙට අනිද්ද වෙන කොට කඩු, පොරෝ, තුවක්කු, බෝම්බ වගේ දේවල් අරන් යන්නත් පුලුවන්..! - අපේ රටේ කොයි දේ ද හරියට කළේ...?
සර්ටත් වදියි ළඟදීම...!!!
ඔහොම රට වහන්න ගියොත් ළඟදීම කාටකාටත් පොලු පාරවල් වදීවී. විශේෂයෙන්ම ආණ්ඩුවට..., රටක් වහනවා කියන්නේ කඩයක් වහනවා වගේ දෙයක් නොවේ. එක අරමුණක් හින්දා සමස්ථ ජීවන පද්ධතියම කඩා වැටෙනවා අවුරුදු ගාණකට...
සමෘද්ධි නිලධාරීන් කියන්නේ හරි බෝසත් අයනේ.