IMG-LOGO

2025 ජුලි මස 26 වන සෙනසුරාදා


’5000 දීමනාවේ මැයි මාසයට අදාළ මුදල ඉදිරි සතියේදී ලබාදෙනවා’

(නිමන්ති රණසිංහ)

දෛනික ආදායම් අහිමි වූ පිරිස් වෙත ලබා දෙන රුපියල් 5000 දීමනාවේ මැයි මාසයට අදාළ මුදල ඉදිරි සතිය තුළ ලබා දීමට කටයුතු කරනු ලබන සෞඛ්‍ය ඇමැතිනී පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

පවුල් පන් ලක්ෂ හැත්තෑ එක්දහස් අටසිය අනූ දෙකක් (5071892) සඳහා වූ රුපියල් මිලියන විසිපන්දහස් තුන්සිය පනස් නමයක (25359) ක මුදලක් මැයි මස දීමනාව ලෙස ලබාදීමට මේ වන විට කටයුතු කරමින් සිටින බවද අමාත්‍යවරිය ස`දහන් කළාය.

සහනාධාර බෙදා දීමේදී වකුගඩු, ආබාධිත සහ වැඩිහිටි අයවලූන් ලෙස හත් ලක්ෂ අනූ හත් දහස් හයසිය තිස් පහක (797,635) ක් ස`දහා රුපියල් මිලියන තුන් දහස් නවසිය අසූ අටක (3988) මුදලක් මැයි මාසය වෙනුවෙන් ලබා දීමට කටයුතු කරන බව ද අමාත්‍යවරිය පැවසුවාය.

සමෘද්ධි සංවර්ධන නිලධාරී ගමට පැමිණෙන දිනය පෙර දැනුම් දීමෙන් අනතුරුව තදබදය වැලැක්වීමේ අරමුණීන් එක් වරකට පවුල් 100ක් සදහා පමණක් මෙම සහනාධාරය බෙදා දීමට කටයුතු කරනු ඇතැයි ද අමාත්‍යවරිය ස`දහන් කළාය.

විශේෂයෙන්ම ලෝකයේ ආර්ථිකය අඩපන වී ඇති අවස්ථාවක ශ්‍රී ලාංකික ජනතාවගේ ජීවිත නගා සිටුවීම හා ආර්ථිකය පන ගැනීමට රුපියල් මිලිය 25,000කට අධික මුදලක් මෙවර මැයි මාසය ස`දහා රජය විසින් වෙන් කර ඇතැයි ද අමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවාය.

කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරිය මේ බව ස`දහන් කළාය.



අදහස් (8)

’5000 දීමනාවේ මැයි මාසයට අදාළ මුදල ඉදිරි සතියේදී ලබාදෙනවා’

තරංග Thursday, 21 May 2020 03:22 PM

හරි ඉතින් මැඩම්ගෙ ගෙදරින් ගෙනාපු සල්ලි නෙමේනෙ බෙදන්නේ. ඔය සල්ලි මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලිම තමයි. නිකම් බොරුවට කියවන්න එපා. අච්චර මෙච්චර වෙන්කරල තියෙනවා කියලා...

:       0       5

buddhika Thursday, 21 May 2020 03:32 PM

ගමක 10 දෙනෙක් ඇති ඕක ඕනෑ අය... නිකන් දීලා මිනිස්සු පුරුදු කරන්න එපා...

:       1       0

rana Friday, 22 May 2020 02:40 AM

මුළු ලොවේම අාදායම් අහිමි අයට අාධාර ලබාදෙන විට මක්කැයි මේ අපේ අය දේශපාලනය කරන්නේ? මෙය මෙම ආණ්ඩුවේ දෙයක් පමණි... මෙතරම් බංකොලොත්ද ලංකා ආණ්ඩුව...?

:       0       11

Raveendra Friday, 22 May 2020 03:32 AM

අනේ අම්මේ නගාට හරි වියදම් නේද මේ දවස් වල...? ගෙදර දෙමාපියන්ට සල්ලි යහමින් තියෙන නිසා හොඳයි.. ගෙදරින්ම ගෙනැල්ලා මහජනතාවට බෙදන එක කොච්චර හොඳද නේද නගෝ...?

:       0       55

ajith Friday, 22 May 2020 04:49 AM

අපේ ගමේ පාසල් ප්‍රවාහන සේවාවන් පවත්වාගෙන ගිය කාන්තාවන් දෙදෙනෙකුට 5000/- දීමනාව ලබාදීම ග්‍රාම නිලධාරිනිය ඇතුළු කමිටුව ප්‍රතික්ෂේප කරලා තිබුණා. හේතුව වශයෙන් කියලා තියෙන්නේ එම දෙදෙනාගේ ස්වාමිපුරුෂයින් දෙදෙනා විශ්‍රාමිකයින් නිසා දිය නොහැකි බවයි. ඔවුන්ගේ විශ්‍රාම වැටුප රුපියල් 20000/- ට අඩුයි. එ්ක මදි නිසා බිරින්දෑවරු පාසල් වෑන් සේවාව කරගෙන ගියා කියන්නේ. කොහොම වුණත් මේ කාන්තාවන් දෙදෙනා තම රියැදුරන්ට වැටුප ගෙවීමට නොහැකිව සහන සලසමින් ඉන්නවා. 5000/- ලැබුණොත් පොඩිහරි සහනයක් වේවි කියලා තමයි කියන්නේ... මෙවැනි පිරිසට සහනයක් සැලසීමට නීතිමය බාධාවක් තිබෙනවද, අැමැතිතුමියනි..?

:       0       2

rocky Friday, 22 May 2020 05:55 AM

මේ දීමනාව එය ලැබීමට කිසිසේත් සුදුසු නැති කිවහැකි මුදලාලිලාට ඉඩම් හිමි වැවිලිකාරයින්ට එහෙම ලැබෙන බවත් සුදුස්සන්, සමහරෙකුට නො ලැබෙන බවත් ඔබතුමිය දන්නවද? අජිත් සඳහන් කරන දෙදෙනාට වුණත් ඒ ගැන අයිතිවාසිකම් කීමට සුදුසුකමක් නැහැ. විලිලැජ්ජා නැතුව මේ දීමනාවට කොටන්න ටියුෂන් ගුරාලාත් ඉල්ලා හිටියනේ...

:       0       1

chandana Friday, 22 May 2020 06:47 AM

අපේ පැත්තේ පොල් වත්තක් තියෙන මුදලාලි කෙනෙකුටත් 5000 ලැබුණා එයා පොහොට්ටුවේ හින්දා...

:       0       1

Nishan Friday, 22 May 2020 08:32 AM

ඇයි මෙච්චර ඉක්මනින්? තව මාස දෙක තුනකින් දුන්නා නම් හරිනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 87 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 317 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 59 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site