ජාතික නිදහස් දින උත්සවයේදී ජාතික ගීය දෙමළ බසින් ගායනා කිරීම අලුත් දෙයක් නොවන බවත්, 1949 වසරේදී ද ජාතික ගීය දෙමළ බසින් ගායනා කර ඇති බවත් දෙමළ ජාතික සන්ධානයේ නායක සහ විපක්ෂ නායක ආර් සම්බන්ධන් සදහන් කරයි.
ජාතික ගීය දෙමළ බසින් ගායනා කිරීම සම්බන්දයෙන් ප්‍රකාශයක් සිදුකරමින් හෙතෙම මේ බව සදහන් කළේය.
68 වැනි ජාතික නිදහස් දින උත්සවයේදී ජාතික ගීය දෙමළ බසින් ගායනා කිරීම පිළිබද පුදුමයට පත් වූ බවත්, මෙලෙස ජාතික ගීය දමිල බසින් ගැයීම නොකඩවා සිදුකරන ලෙස ඉල්ලන බවත්, එයින් රටේ ජනතාවටත් ආණ්ඩුවටත් යහපතක්ම වන බවත් සම්බධන් මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි එකගයි. (බ)
උතුරු නැගෙනහිර දමිල භාෂාව පමණක් ( සිංහල නොදන්නා ) දන්නා උදවියත් තමන් ඉපදුනු හැදුනු වැදුණු රටේ තමන්ගේ ජාතික ගීය ජාතිකභිමානයෙන් ගයපු මුල්ම අවස්ථාව මෑත ඉතිහාසයේ මෙය වෙන්න පුළුවන්. රටක ජාතික ගීය ගයන්නෝන එකම භාෂාවකින් වුවත්, ආණ්ඩුවල දුර්වලතාවක් වන සිංහලුන්ට දමිල භාෂාව ඉගැන්වීමත් සහ දමිලයින්ට සිංහල භාෂාව ඉගැන්වීමත් අනීවාර්ය නොකිරීම හේතුවෙන් ගොඩක් දමිල මාධ්‍යයෙන් ඉගෙන ගත්තු උදවියට " හරි විදිහට " ජාතික ගීයෙහි ඇති අරුත් තේරුම් ගන්න බැරිවුනා.(බ)
නිරාජ් ජයමාන්න ඔබ හරි (අ)
පුජ්‍යපද ඉලුක්පිටියේ පඤ්ඤාසේකර නාහිමි වෙත මුස්ලිම් යනු ඉස්ලාම් ආගම අනුගමනය කරන්නන් මිසක් එය ජාතියක් නෙමෙයි, නමුත් අපේ රටේ පමණක් එය ජාතියක් වශයෙන් සලකයි . ලාංකික මුසල්මනුවන්ට අරාබි දන්නේ නැත අරාබිය යනු වෙනත් ජාතියකි, ආගම හා ජාතිය යනු දෙවර්ගයකි, ලාංකික මුසල්මානුවන්ගේ මව් බස දෙමළය. ඒ නිසා අපට අරාබියෙන් ජාතික ගීය ගායනය කිරීමට කිසිම උවමනාවක් නැත. ලංකාවේ මලාය් බසද මව් බස ලෙස භාවිත කරන මුසල්මානුවන් ඇතත් ඔවුන් 1% වෙනි ප්‍රමාණයකි. (බ)
හැම ජාතියකටම අදාල භාෂාවෙන් ජාතික ගීය ගයනවනම් ඉතා ඉක්මනින්ම මුස්ලිම් අය සදහා ද අරාබි බසෙන් ජාතික ගීය ලැහැස්ති කරන්න වේවි. මේ සැරේ බැරිවුණු නිසා ලබන වසරේදීවත් එය කලොත් හොදයි. මෙවන් කටයුතු වලින් රටට සිදුවන දෙය අනාගතයේදී අපිට දකින්න ලැබේවි. (අ)
එහෙනම් ඒ කාලේ තිබුණ කොඩියත් උස්සමුද?(හේ)
මුස්ලිම් යනු ඉස්ලාම් ආගම අනුගමනය කරන්නන් මිසක් එය ජාතියක් නෙමෙයි, නමුත් අපේ රටේ පමණක් එය ජාතියක් වශයෙන් සලකයි . ලාංකික මුසල්මනුවන්ට අරාබි දන්නේ නැත අරාබිය යනු වෙනත් ජාතියකි, ආගම හා ජාතිය යනු දෙවර්ගයකි, ලාංකික මුසල්මානුවන්ගේ මව් බස දෙමළය. ඒ නිසා අපට අරාබියෙන් ජාතික ගීය ගායනය කිරීමට කිසිම උවමනාවක් නැත. (කෞ)
මොනම රටක වත් භාෂා දෙකකින් ජාතික ගීය ගායනා කරන්නේ නැහැ. (හේ)
එදා කියලා දැන් නැවැත්තුවේ අයි කියලා බැලුවද? ජාතික ගීය ගයන්නේ එක් භාෂාවකින්. (හේ)
මේ ගැන තව පාරක් හිතන්න තිබ්බා.(හේ)
ගයාන් ප්‍රියන්ත, ඔය රටවල් වෙනත් භාෂා වලින් ජාතික ගීය ගයන්නේ ඇයි කියා සොයා බැලුවද? ඔබ කියන විදිහට ඉන්දියාවේ ජාතික ගීය කියනවිට අභිමානය හිතට එන්නේ බෙන්ගාලි ජාතිකයින්ට විතරද? (නි)
ජාතික ගීය දෙමළ බසින් ගැයුවා දැන් අපි ඉවරයි අපිට තිබුන ප්‍රෞඩත්වය නැතුවුණා.(හේ)
මේ වැඩ නිසා අනාගත පරම්පරාවට ප්‍රශ්න රාශියක් හිමිවෙනවා ඇත (නි)
එකම දෙයක් අල්ලගෙන දගලන්න එපා.(හේ)
භාෂා දෙකකින් ජාතික ගිය කියන එකම රට ලංකාව කියලයි මම හිතන්නේ (හේ)
1949 කුරිරු තස්තවාදයක් තිබේ නැහැ . (හේ)
1949 කළ දේ 2016 වසරටත් හොඳ නම්, ඉහත අනික් කට්ටිය කියලා තිබෙනවා වගේ 1949 උස්සපු ජාතික කොඩියත් උස්සමු. (නි)
නිවට කරණවෑමියට එළුවාත් රැවුල පානවලු. (බ)
යහපතක් වෙනවා අනේද කියන්නේ!! (බ)
තනුව එක නම් මේකේ ඇති වැරැද්දක් නොමැත (නි)
ලබන මැතිවරණයේදී ආණ්ඩුවට වෙන යහපත් සමහරවිට බලා ගන්න පුළුවන් වේවි.නමුත් මෙම ගායනය නිසා ඊලාම් රාජ්‍යයකට යාමේ පහසුව නම්, වැඩිවෙනවා.(ම)
වැදගත් වන්නේ එහි තේරුම සහ තනුව එකක් විම පමණි (හේ)
සිංහ ලේ තියන අයට දිරවන්නේ නෑ (කෞ)
ඇයි දෙමළ මිනිසුන් මේ රටේ ඉන්න අය නෙමෙයිද ? මහින්ද ජනපති කාලේ එක්සත් ජාතීන්ගේ සමුළුවේදී දෙමළෙන් කතා කරලා දෙමළ බස ජාත්‍යන්තරේට ගෙනිච්චා නම් දැන් ජාතික ගීතය දෙමළෙන් ගැයුවහම මොකද වෙන්නේ ? (නි)
ජාතික ගීය දෙමළින් කියන්න හොඳයි එතකොට අර සිංහල කොඩිය ඔසවන්න නරකයි , යකෝ එක මාර නීතියක් නේ නිවට කම ඉහවහ ගිහින් (කෞ)
ව්‍යවස්ථාවෙත් උප වගන්තියෙත් තියෙනවා දෙමළ භාෂාව රාජ්‍ය භාෂාවක් කියලා මේ වැඩේ ඇත්තටම හොඳ දෙයක් (ම)
උදේ ජාතික ගීය දෙමලෙන් කීව. රෑ "දන්නෝ බුදුන්ගේ" ගීය විකුර්ති කරලා කීව. නිදහස සමරුවේ එහෙමයි. ජාතිය ආගම දෙකම කෑව. (කෞ)
1949 කරපු වරද 2016 දී නැවතත් කළා (කෞ)
මෙම වැඩේ ඉතාම වටිනවා .ඒ ගැයුවේ ඊලම් ජාතික ගීය නෙමෙයි අපේම ජාතික ගීය දෙමළ භාෂාවෙන් . සිංදුවකින් හරි රටේ හීත් බෙදීම නවතගන්න පුළුවන් නම් ඒ ඇති (ම)
ජාතික ගීය භාෂා දෙකකින් ගායනා කරන වෙනත් රටවල් කීපයක්ම තියනවා.කැනඩාව,අයර්ලන්තය,නවසීලන්තය ඒ රටවල් .ස්ව්ට්සලන්තය භාෂා හතරකින් ගායනා කරනවා.දකුණු අප්‍රිකාව තමන්ගේ ජාතික ගීයට භාෂා 4 ක කොටස් ඇතුලත් කරලා තියනවා.දෙමළෙන් කිව්වත් කියන්නේ අපි හැමෝම ඒක අම්මගේ දරුවෝ කියල ඉතින් එකේ වැරැද්ද මොකද්ද? ඒ කියන්නෙත් අපි කියන ජාතික ගීයම තමා. තමන්ට තේරෙන භාෂාවකින් කියද්දී තමා ඒ අභිමානය හිතට එන්නේ.ඉතින් මන් නං එකට විරුද්ද නෑ. (කෞ)
මේ දේ වැරැද්දක් මම දකින්නේ නෑ.(හේ)
ඔය ගීය ජාතික ගීය වුණේ 1951 දී නේද? (නි)
ආදරය කියන වචනය ලෝකයේ විවිද රටවල විවිද භාෂාවෙන් කතා කළත් එකම අරුතක් ගෙන දෙන්නේ , ජාතික ගිය මොන භාෂාවෙන් කිව්වත් අරුත වෙනස් නොකර එකම හැගිමක් ඇති වන්නේ , ජාති වාදී වුනාම ඕවා වෙටහෙන්නේ නැහැ.(හේ)
රටක ජාතික ගීය ගායනා කරන භාෂාව වැදගත් නැත.... වැදගත් වන්නේ එහි තේරුම සහ තනුව එකක් විම පමණි...(හේ)
බමුණු ආරච්චි, ඔබේ ප්‍රශ්නයට උත්තරය ඔබම හිතා බලන්න.ඔබට නොතේරෙන භාෂාවකින් බැන්නොත් ඔබට ඒක දැනෙනවද? ලිං මැඩි මානසිකත්වයෙන් මිදෙන්න. (කෞ)
එදා කිව්වා කියලා අද කියන්න ඕනේ නැහැනේ.(හේ)
ලතා කොයි ලෝකෙද ඉන්නේ භාෂා හතරකින් ජාතික ගී ගයන රටවලුත් තියනවා පොඩ්ඩක් ගූගල් සේර්ච් කරලා බලන්න මෙච්චරකල් ජාතික ගීතයේ තේරුම දන්නේ නෙතුව හින්දි සින්දුවක් වගේ අහන් හිටපු කීදෙනේක්ගේ ඇස්වලට කඳුළු ආවද? ඒ ගෙනත් පොඩ්ඩක් හොයල බලන්න (අනිත් රටාව ජාතික ගීතයේ තේරුමත් කියවල බලන්න ඒ රටගෙනත් පුදුමාක හැඟීමක්ඇතිවෙනවා )(කෞ)
බය වෙන්න එපා පුදුමයට පත්වෙන බොහෝ දේ ඉස්සරහට සිදුවේවි. (හේ)
රිචි බාලසූරිය, ඔබගේ අදහස සමඟ 100% එකඟයි. අවාසනාවකට ඒ යථාර්ථය ගොඩක් මිනිසුන්ට වැටහෙන්නේ නැහැ. (නි)
දෙමළ බස ඉගෙනීම වෙනුවෙන් භාෂා දීමනා ඉල්ලන්න හොඳයි නම් දෙමළ බසින් ජාතික ගීය ගායනා කළාට කමක් නැහැනේ. (නි)
මෙය ඉතාම හොඳ දෙයක්. තමන්ගේ රට ගැන හැඟීමක් ඒමට එය තේරෙන භාෂාවකින් ගායන කළයුතුයි. (නි)
අමතක වුණාද සිංහලයාට රටක් කියලා තියෙන්නේ මෙච්චරයි කියලා (නි)
මේක හුඟක් අය දකින්නේ පාට කණ්ණාඩි දාලා. සමහරවිට ගිය ආණ්ඩුව මේක කළා නම් දැන් විරුද්ධ අය වෙනත් දෙයක් කියාවී. දැන් විරුද්ධ නොවන අය විරුද්ධ වේවි. ඕක තමා ඇත්ත (නි)
මනුස්ස ලේ..... . නැත සිංහ ලේ .(කෞ)
රට කාල අපිවත කාල තමයි පස්ස බලන්නේ(කෞ)
49 තිබුනේ වෙනත් ජාතික කොඩියක් (නි)
දකුණු අප්‍රිකාව, නවසීලන්තය, කැනඩාව මේ රට වල ඉංග්‍රීසි හා ස්ව භාෂා වලින් ජාතික ගීය කියනවා. ඒ රට වල ජනවාර්ගික ප්‍රශ්න නැහැ. (නි)
ජාතික ගීයේ තනුව වෙනස් කරන්න බැහැ (බ)
සම්බන්ධන් මහතාණනි, තවත් පුදුම හිතෙන දේවල් ළඟදීම ඔබට ලැබේවි. එතකොට ඔබගේම ජාතික ගීයක් කියන්න. වාසනාවන් යහපාලනයට! (නි)
ගයාන් ප්‍රියන්ත, ඔබගේ අදහස් හරිම වැදගත්. දේශපාලුවන් පටු බලයට තිබෙන ආශාවෙන් මහජනයාගේ හිත් වලට ජාතිවාදය ඇතුළත් කරලා තියෙන්නේ. සිංහල , දෙමල , මුස්ලිම් අපි කව්රුත් ලක්මවගේ දරුවෝ කියලා හිතන්න පුරුදු වෙන්න (නි)
ලබන මැතිවරණයේදී ආණ්ඩුව තවදුරටත් තියාගන්නවද නැද්ද කියලා ජනතාව තීරණය කරයි. (නි)
තනුව එක නම් මේකේ ඇති වැරැද්දක් නොමැත ඔලුව අතගාල බලන්න මොනවා හරිමොදු වෙනවද කියල. (කෞ)
ඇයි දෙමළ මිනිසුන් මේ රටේ ඉන්න අය නෙමෙයිද? එක තමයි අපට තිබෙන ප්‍රශ්නය. මෙරටේ ඉන්නවනම් ඇයි වෙනසම කෑලක් ඉල්ලන්නේ කියල. (කෞ)
අපි ඉංග්‍රීසියෙනුත් එන වාරයේ ජාතික ගීය කියමු (නි)
වින්සන්ට් රටෙන් කැලක් දුන්නමත් ඔයටිකම කියන්න. (කෞ)
දැන් නෙමේ ඕක බලපාන්නේ අනාගතයේදී.(හේ)
49 දී කළදේම 2016 දීත් කළා කියලා හිතාගමු එහෙනම්. (නි)
ජාතික ගීය ද්‍රවිඩ බසින් ගායනා කිරීම ඉතා හොඳයි (නි)
ගෙම්බන් දන්නේ මඩවළේ තරම පමණය. අද වගේ දියුණු සමාජයක තවමත් ළිං මැඩියන් සිටීම නැවතත් විනාශයකට මුලපිරීමක් වියහැකිය. මිනිස්කමක් උගන්වන කවර ආගම ධර්මයක් පිළිගන්නෙකුට වුවත් මෙවර නිදහස් උත්සවයේදී විශේෂ වැදගත්කමක් දකින්නට තිබුණි. (නි)
දෙමළෙන් ජාතික ගීය ගැයුවා කියා ඇති වැරැද්දක් නෑ.(හේ)
ඒ කාලේ තිබ්බ ජාතික කොඩියත් අපි භාවිතා කරමු (හේ)
1952 සිටම දෙමළෙන් ජාතික ගීයක් තිබෙන බව මෙතන අදහස් දාන අය දන්නෙ නැහැ වගේ. ඒක 1978 ව්‍යවස්ථාවෙ දෙමළ පිටපතෙත් තියෙනවා. අඩුම ගානෙ බලන්න දරුවෙක්ගෙ දෙමළ පොතක් අරන්, ඒකෙ තියෙන්නෙත් මේ ජාතික ගීයමයි. මෙතන විශේෂයක් වුණේ නිදහස් උත්සවේදි කියපු එක විතරයි. (නි)