දඹුල්ල ලංකාදිප මාධ්‍යවේදි කාංචන කුමාර ආරියදාස මහතාගේ වසර 15 මාධ්‍ය දිවියේ අසරණ ජනතාව වෙනුවෙන් සිදුකල හෙලිදරව් තුලින් ඉදිවු 47 වන නිවස ගෙහිමියන්ට බාරදීම ඊයේ 14 දින මධ්‍යම පළාත් ජේෂ්ඨ නියොජ්‍ය පොලිස්පති ගාමිණි දිසානායක මහතාගේ ප‍්‍රධානත්වයෙන් දඹුල්ලේදි සිදු කෙරින.
පසුගිය ඔක්තොම්බර් මස දඹුල්ල රත්මල්ගහ ඇල පදිංචි ජේ. පි. සුධර්මා රත්නමාලි මහත්මියගේ පවුලේ අසරණ කම පිලිබද පුවත පල විමත් සමග දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සාරානාත් සමරකෝන් මහතා සිය නිලධාරි කණ්ඩායමත් සමග මෙම පවුලට පොලිස් නිලධාරින්ගේ වැටුපෙන් ආධාර මුදලක් ද ලබා දිීමට තරම් පොලිස් නිලධාරිහු ආදර්ශමත් වුහ.
ලොව පුරා සිටින විවිධ අය තමන්ට හැකි අයුරින් නිවස ඉදිකර දිම සදහා ආධාර උපකාර කිරිමින් නිවසේ ඉදිකරීම් එක් එක් අය කොටස් වශයෙන් භාර ගත්හ.
තිස්සමහාරාම ප‍්‍රදේශයේ පදිංචි ප‍්‍රදිප් සමන් කුමාර නැමිති තරුණයා මෙම නිවස ඉදිකර දිමට සම්පුරණ ශ‍්‍රමදායකත්වය ලබා දිමට කටයුතු කලේය.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එන්රික්ලට දුන්න සල්ලි වලින් මේවගේ දේවල් කරානම් කොච්චර හොඳද බොහොම හොඳ අගේ කලයුතු දෙයක්. (ර)
ප්‍රජා පොලිස් සිද්ධාන්ත දාර්ශනිකයි. වග කිව යුත්තෝ තවම අන්ධයි. (ර)
නියම වැඩක් කාන්චන ඔබේ සහ පොලිසියේ වැඩය අගය කරනවා (බ)
මේ මාධ්‍යවේදියාගේ සේරම හොඳයි... පොලිසිය පුම්බන්න හදන එක තමයි නරක හැම ප්‍රවෘත්තියකදීම(අ).
ටිකිරි, මනෝජ්, ඔයාලා හිතන විදියට නොවේ අසංක හිතන්නේ (නි)
වැඩේ හොඳයි. නමුත් කළ විදිය පිළිබඳ නම් අපිට ප්‍රශ්න තිබෙන බව අමතක කරන්න එපා (නි)
අසංකගේ කතාවට මම විරුද්ධයි (නි)
බොහොම හොඳ වැඩක්. මා මෙම පුවත දුටුවේ නැහැ. නැත්නම් මමද මෙයට සම්මාදම් වෙමි. ඔබ සැමගේ දහදිය බිදුවෙන් ඒ අසරණ මෑණියන් සහ දියණිය ලබන සතුටු කඳුලින් මේ සදහා දායක වූ සැමට සතුට පිරි නිරෝගීමත් වාසනාවන්ත ජීවිතයක් ලැබේවා ..! (නි)
කොච්චර සතුටුදායක පුවතක්ද? මේ පවුලේ කට්ටිය අප්‍රමාණ සතුටක් ලබනවා ඇති. මාධ්‍යවේදියෙකුට සමාජයට කොපමණ මෙහෙවරක් කළහැකිද? පොලිසිය හොඳ වැඩක් කළාම හොඳයි කියන එකත් වරදක්ද? හැම පොලිස් නිලධාරියෙක්ම නරක පුද්ගලයෙක් නොවෙයි. (නි)
අසංක, ඔයා වැරදියි. ඔය වගේ වැඩක් කඩිනමින් කරන්න පුළුවන් එකම රජයේ ආයතනය (හමුදා හැර) පොලිසිය විතරයි. පුලුවන්නම් අනෙක් ආයතනයක් එක්ක වැඩ කරලා පෙන්නන්න. සමාජයේ ක්‍රියාකාරකම් ගැන පුළුල්ව හිතන්න පුරුදුවන්න. (නි)
කාංචන, ඔහොම යමු. ඔබට මගේ සුබ පැතුම්! (නි)