පසුගිය ජනාධිපතිවරණයේ දී මැතිවරණ කොමසාරිස්වරයාගේ කිසිදු ඉල්ලීමක් නොමැතිව හිටපු ජනාධිපතිවරයාගේ අණින් හමුදා කැඳවීමට එරෙහිව පෙරටුගාමී සමාජවාදී පක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බලන මාර්තු 31 වැනි දා අධිකරණයේ පෙනී සිටින්නැයි ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිට සහ සෙසු වගඋත්තරකරුවනට නොතීසි කළේය.
සොලිස්ටර් ජනරාල් සුහද ගම්ලත් මහතා නීතිපති වෙනුවෙන් පෙනී සිටීමට නියමිත බවත්, පෞද්ගලික හේතුවක් නිසා එදින අධිකරණයේ පෙනී නොසිටින බවත් රජයේ නීතීඥ අවන්ති පෙරේරා මහත්මිය දැන්වූවාය.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජනපති අපේක්ෂකයා වූ දුමින්ද නාගමුව මහතා ගොනු කළ පෙත්සමේ මෙසේ ද සඳහන් විය.
‘2011 අගෝස්තු මාසයේ දී එවකට පැවැති රජය හදිසි නීති රෙගුලාසි ඉවත් කළා. එහසේ වුවත් මහජන ආරක්ෂක ආඥා පනතේ 12 වැනි වගන්තිය උපයෝගී කොට ගෙන සමස්ත දිවයිනම ආවරණය වන ලෙස පොලිස් බලතල යුද, නාවික හා ගුවන් හමුදාවන්ට පවරමින් සෑම මාසයකට රෙගුලාසි නිකුත් කිරීම රජය විසින් අඛණ්ඩව සිදු කරන ලදී. ඒ අනුව හදිසි නීතිය ඉවත් කිරීම තුළ ප්‍රජාතන්ත්‍රවාදී වටපිටාවක් ඇති කරන බව මතුපිටින් පෙන්වූවත් සැබැවින්ම මිලිටරි තර්ජනය සක්‍රීයව පත්වා ගනිමින් පුරවැසියන් පාලනය කිරීම රජය විසින් සිදු කළේය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රධාන වගඋත්තරකරු කොට ගොනු කළ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කරනු ලැබුණේ හමුදාවට පොලිස් බලතල පවරමින් ඔහු විසින් නිකුත් කරනු ලබන රෙගුලාසි මගින් ශ්‍රී ලංකාවේ සියලුම පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කරන්නකි යන පදනම මතය.‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරදක් කර ඇත්නම් ඔබතුමා එදා, පොදු දේපළ හොරකම් කළා නම් , දඩුවම් විදිය යුතුමයි, රජකම් කලත් කලකම් පලදෙයි මෙදා.(හේ)
ඡන්දයක් තිබුණු පලියට රටේ ආරක්ෂාව ගැන තීරණ ගන්න මැතිවරණ කොමසාරිස්ගෙන් අවසර ගන්න ඕනෑ ද? ආරක්ෂක ඇමති කොමසාරිස්ද? මහින්දද?(හේ)
ලංකාවේ ව්‍යවස්ථාව අනුව ජනාධිපති කෙනෙක් උසාවි ගෙන්න බැහැ. (හේ)
ආරක්ෂාවට හතර අතේ හමුදාව යොදවන්නේ එදා රාත්‍රී පරසක්වල ජීවින්ගෙන් ලංකාවට ප්‍රහාරයක් එල්ල වෙන්න ගිය නිසා වෙන්න ඇති. (හේ)
මහින්ද මහත්මයාට වැඩි මහජන ප්‍රසාදයක් ලබා ගැනීමට මෙම කරුණ හේතු වේවි. (නදී)
එහෙනම් ඉතින් ඉන්දික ,ඡන්ද කොමසාරිස් ගේ වැඩත් මහින්ද මහතාටම කරගන්න ඉඩ දුන්නා නම් ඉවරයි. (හේ)
ආරක්ෂාව නෙවෙයි . තව පොඩ්ඩෙන් අපිට වැසිකිළි යන්නත් ඉහළින් අවසරයක් ගන්න සිදු වෙන කාලයක් අත ළඟයි තිබුණේ. (හේ)
ඉන්දික ඔබ දන්නේ නැද්ද රටක ජනධිපතිවරනයක් තියෙනකොට සියලු බලතල මැතිවරණ කොමසාරිස් සතුව පවතින බව . (හේ)
හිතාගන්න අමාරුයි මොනවා වෙනවද කියලා.(හේ)
නඩු වැටෙන්න ඉඩ තියෙනවා.(හේ)
මෙය පළි ගැනීමක් නොවිය යුතුයි. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති තුමා වරදක් කර ඇත්නම් ඒ ගැන සොයා බැලීමේ වරදක් මා දකින්නේ නැත. නීතිය කාටත් පොදු විය යුතුය. මීට වඩා වැරදි කල පුද්ගලයෝ අද නිදැල්ලේ සිටින එක නම් ඉවසිය නොහැකිය. කරුණා අම්මාන් කියන්නේ අපේ රටේ සිටින දරුණු ත්‍රස්ත වාධි නායකයෙක්ය. අපේ අහිංසක කිරි සප්පයන්, ගැබිණි මව් වරුන්, පුජකවරුන්, හමුදා නිළධාරීන් අමු අමුවේ මරා දැමු දරුණු ත්‍රස්ත නායකයෙකි. මොවුන්ට විරුද්ධව කිසිම නායකයෙක් ක්‍රියා නොකිරීම අදහාගත නොහැකි කරුණකි. (නදී)
අනේ මේ මොකද වුණේ.(හේ)
දැන් එතකොට ඡන්ද කොමසාරිස් කෙනෙක් මේ රටේ ඉන්නේ මොකටද ? ඡන්ද පෙට්ටි සහ සත්‍ය ප්‍රතිඵලවල ආරක්ෂාව ගැන වගකීමක් එයාට නැද්ද ? (හේ)
එදා තමන් මොකද කළේ කියලා හෘදය සාක්ෂිය දන්නවා ඇතිනේ. නීතිපතිතුමා බොරු කියනවා කියලා නම් කියන්න එපා. (හේ)
එදාට අඬන්න කට්ටිය දැන්ම ලැහැත්ති කර ගන්න.(හේ)
මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා රටේ ආරක්ෂාව ගැන හොඳින් සොයා බලා වැඩ කළ නායකයෙක්.(හේ)
ඡන්ද කොමසාරිස් වෙනුවට පඹයෙක් හිටියානම් සමහරුන් කැමති ඇති . (හේ)
මෙන්න තවත් මාධ්‍ය සංදර්ශනයක්. ජනාධිපති වරයෙක් විශ්‍රාම ගිය පසුවත් ඔහුගේ පාලන සමයේ සිදුවූ කිසිම සිද්ධීයක් පිළිබඳ කිසිවෙකුට ප්‍රශ්න කිරීමට බැහැ.(හේ)
හරි රණවක අපි අහන්නේ එදා රාත්‍රී ආරක්ෂාව ගැන ඔච්චර කලබල වෙන්න තරම් මොකද වුණේ ? . ලංකාවට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කළේ නැහැ නේ .(හේ)
ඔය තරම් ආරක්ෂාව ගැන කටයුතු කරන්න එදා ඇයි සිද්ධ වුණේ කියලා මොකක් හරි සාධාරණ හේතුවක් ඇතිනේ. එහෙම නම් ඒක හැමෝටම දැනගන්න ප්‍රකාශ කරන්න . එච්චරයි.(හේ)
නීතිඥයෙක් වෙච්ච මෙතුමාට උසාවි යන එක කජ්ජක්ද ? (නදී)
අපිට දැන් දැන් පේන හැටියට පවුලේ කෙනෙකුගේන්වත් ප්‍රශ්න කරන්න බැරි විදියට තමයි මොකද්දෝ නීතියක් තියෙන්නේ. (හේ)
මේ සිදුවන්නේ අප ඉටුකරන භූමිකාවට එරෙහි ප‍්‍රති මෙහෙයුමක්. නුගේගොඩ රැළියෙන් පසු එය තීව‍්‍ර කරලා. (නදී)
එතකොට බේබිලාවත් වැරැද්දකට උසාවි ගේන්න බැරිද ? දන්නේ නැති නිසා අහන්නේ .(හේ)
ජනතාවගේ ආරක්ෂාව {රටේ ආරක්ෂාව}නිරන්තරයෙන්ම සොයාබැලීම බුද්ධිමත් නායකයෙකුගේ වගකීමක්.එය මහින්ද මහත්මා හොඳින් ඉෂ්ට කළා.(හේ)
මේ රටේ යුද්ධය ඉවර කරපු හමදා නායකයා හිරේ දාලා මහින්ද මහත්තයව පුම්බපු අයි.ටී.එන් එක කරපු දේවල් නිසා තමයි මෙහෙම වෙන්නේ (නදී)
පළි ගැනිම ? (නදී)
පෙරහැර පටන්ගන්නයි යන්නේ (නි)
වෙච්ච දෙයක්.(හේ)
කළගුණ නොදත් ජාතියක්. අද මේ සේරමලා කල එළියට එන්නේ මේ රට ප්‍රභාකරන් පාලනය නොකරන නිසයි. ඒ තැනට මග පෑදුවේ කවුද කියලා කාටත් මතක නැහැ. එදා රජයේ සේවකයින්ට පඩි වැඩි කරන කොට ඉල්ලන පඩි එපා කියලා කිව්ව කට්ටිය අද කියන්නේ මොකක්ද ? මහින්ද මහත්තයා කිව්ව දේවල්මයි. එදා මිරිස් කරල් වේදිකාවට ගෙනත් පෙන්නපු කාටවත් අද මිළ ගණන් ගැන කතා කරන්නේ නැහැ. ඊයේ ළමා අපචාර දෙකක් ගැන රූපවාහිනියේ කීවා. ඒවත් පහුගිය ආණ්ඩුවේ ගිණුමටද වැටෙන්නේ.? ගංජා සහ කුඩු ඊයෙත් ඇල්ලුවා. තවා කාගේ කර පිටද තියන්නේ? මේවා අහන්නේ හංසයාට දර දිය ඇදපු අපිමයි. (නදී)
රටේ ඕනෑම ජනාධිපති කෙනෙක් උසාවි ගේන්න බැරි එයා පාලනේ ඉන්න කොට පමණි. මතක නැද්ද මහින්ද ජනාධිපතිගේ කාලේ චන්ද්‍රිකා හිටපු ජනාධිපති තුමියව අයතා මුදල් ගනුදෙනුවක් වෙනුවෙන් උසාවි ගේනවා එතකොට ඒවා හරිද දන්නේ නැති නීති තර්ක ගෙන්න එපා (නදී)
ගැනුන්ගෙන් දරුවන්ගෙන් පාලි ගන්න යහ පාලනය දැන් තියෙන්නේ (අ)
දැන් ඔයාලා දාන්නෙම මහින්දගේ මුණ බෙරිවෙච්ච පින්තුර නේද? දාන්නකෝ ලස්සන පින්තුරයක් .(නදී)
රුපවාහිනියේ සජීවී දේශපාලන සංවාද වැඩසටහන් වලට ප්‍රශ්න යොමු කරන ඇතැම් පුද්ගලයෝ මහින්දට දඬුවම් දෙන්නේ නැත්තේ ඇයි කියලා අහනවා. කිරිබත් කන්න බලාගෙන ඉන්නවාලු. ඉතින් කන්න ඕන වුණේ කිරිබත් නේ. දැන් ඉතින් කන්න (අ)
මේනක මෙච්චර කාලයක් ඔයා වැසිකිළි යන්නත් ඉහළින් අවසරයක් ගත්තද? (නදී)
ආසන 120 ගානෙන් 90 ක්ම තියෙන්නේ මහින්ද මහත්තයා අතේ. (නදී)
මිනිසුනේ. එලොවටත් නැති මෙලොවටත් නැති ඔබලා මෙවන් පාප ක්‍රම වල දුක විඳින්නේ මරණ මන්චකයේදීය. (අ)
අනේ හරි වැඩේ, නුගේගොඩට ආපු මිනිස්සු දැක්ක විතරයි ඔක්කොම චෝදනා මතක් වෙලා! හරි පුදුමයි! (අ)
උසාවිය ගාව රැළියක් තියයි ද මහින්ද මහත්තය එනවා කියල. (අ)
රටේ පුරවැසියන් හැටියට අපි සතුටුවිය යුතුයි. දේශපාලන බලතල තිබියදී ඒවා වැරදි ක්‍රමයක භාවිතා කරලා රටේ දේපල සූරාගෙන කාල වෙනත් විපාක යමෙක් කලානම් ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වීම ගැන. මේ පක්ෂ-විපක්ෂ සියලු දෙනාට පොදු විය යුතුය. එවිට ඉදිරි අනාගතේදී වෙනත් දේශපාලනඥයකු විසින් නැවත එවැනි වැරදි කිරීමෙන් වැලකීමට එය ඉවහල් වේවි. ජන්ද දායකයා බලාපොරොත්තු වන්නේ තමාගේ ජන්දයෙන් බලයට පත්වුණු කෙනා තමන්ගේ ගමට, නගරයට , හා මේ රටට යහපතක් කරාවි කියලා. එහෙම නැතිව රටේ දේපල විනාශ කරලා සියලු සම්පත් සූර කන්න නොවේ. වැරදි ඇත්නම් ඒවා සොයා බලා නීතිමය ක්‍රියාමාර්ග හැමෝටම සාධාරන ලෙස ඉටුවිය යුතුය. අපේ පක්ෂය අපේ පක්ෂ කියල හිතනවාට වඩා අපේ රට අපෙන් පසුව අපේ දරුවන්ට අපි යහපත් ශ්‍රී ලංකාවක් උරුමකර දිය යුතුයි කියන එක ගැන සිතන්න. (නදී)
ලොකු පොඩි බේදයක් නැතුව වැරදි කරුවන් දඩුවම් කිරීම මගින් අනාගත අපේ දුදරුවන්ගේ අනාගතය හැඩ ගැසෙනු ඇත. (ර)
සම්පත් මහින්ද මහත්තයව උසාවි ගේන්න පුළුවන් (දිල්)
මහින්දට ඇති රැල්ලට බයේ කරන දේවල්. නුගේගොඩ සෙනග දැකල පින් ඇමතිලාට නින්ද යන්නේ නෑ(නදී)
ඔන්න දැන් හිටපු ඇමැතිලාට අයෙම වැඩ තියෙවි (දිල්)
ලංකාවේ නීතියට අනුව කිසිම විධායක ජනපතිවරයෙක්ව උසාවියට ගේන්න බැහැ. හරිනම් ඔය පෙරටුගාමී කාරයන්වයි ජේ වී පි කාරයන්වත් උසාවි ගේන්න බැරිද. යු එන් පි එකේ සබාපතිතුමා ඇතුළු සිවිල් අයව ඝාතනය කල එකට. (නදී)
තව ටික දවසකින් ප්‍රබාකරන් මැරුව කියලා ආණ්ඩුවෙන් නඩුවක් දායිද දන්නේ නැහැ. (නදී)
නීතිය කාටත් එකයි.(නදී)
ජනපති උසාවි ගෙනෙන්න නොහැකිය යන මතය ප්‍රයෝජනයට ගෙන රටේ තමන්ට ඕන විදියට දුෂණයන් කරන්න බැහැ. මොහු අනිවාර්යෙන් දඬුවම් විඳිය යුතුමයි.(නදී)
එදාට උසාවිය ළගට ඇවිත් අඩා වැටෙන්න ඔය රුපියල් 500 ට එන සීලවතිලා ,ප්‍රේමලතාලා, අැසිලින්ලා ,ජොශපින්ලා ටිකට දැන්මම ඕඩර් එක දෙන්න (බ)
ළහිරු ආසන ගැන සිහින දකිනවාද ?(දිල්)
දැන් ඉතින් උසාවියටවත් ගෙන්න ගන්න බලමු, වෙන මොනවත් ඔප්පු කරගන්න බැරිවුණානේ. ජේ ආර් ගේ නීතිය අනුව මහින්ද රාජපක්ෂ මහතාව උසාවි ගෙන්වන්න බෑ. (දිල්)
ඔය නැතිවුණු දේපල,මුදල්, වාහන ආයේ පාටවත් අපට දකින්න ලැබෙන එකක් නැහැ. ඉතුරු වෙලා තියෙන ටිකවත් රැකගන්න බලමු.(දිල්)
වෛර පාලනයේ තවත් ජවනිකාවක්. මේකද යහ පාලනය (නදී)
පලදාට ඇති රුකේ වවුලෝ එල්ලිලා කති. පලදාව නැති රුකේ වවුලෝ පියඹලා යති. එහෙත් සමහර වවුලන් එසේ නොකරන බව අද කාලයේ පෙනේ. ඉදිරි පලදාව සිතමින් එම ගසේම රැදෙන වවුලන් ඉන්නා කාලයක් (නදී)
ගෙම්බෝයි, පෙන්දොයි , නරියොයි, කලුසුද්දොයි මහින්දට ඔපමණ බිය මොකද ? (නදී)