IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


3 x 3 පැසිපන්දු ශී‍්‍ර ලංකා කණ්ඩායම ආසියානු තරගාවලියට යයි

මෙම මස 15 වැනිදා ආරම්භ වන ආසියානු 3 x 3 පැසිපන්දු ශූරතාවලිය සදහා සහභාගි වීමට ශී‍්‍ර ලංකා කී‍්‍රඩක ක‍්‍රීඩිකාවන් 8 දෙනෙකුගෙන් සමන්විත පැසිපන්දු කණ්ඩායමක් අද (13 වැනිදා) උදෑසන දිවයිනෙන් පිටත්ව ගියේය. අන්තර්ජාතික පැසිපන්දු සම්මේලනයේ නිර්දේශය මත මෙම ශූරතාවලිය මැයි 15 වැනිදා සිට 17 වැනිදා දක්වා දෝහා ක්ටාර්හිදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

මෙම තරගාවලිය ස`දහා පිරිමි කණ්ඩායම් 16ක් සහභාගි වීමට නියමිත අතර පළමු වටයේදී එකකට හතරක් බැගින් කාණ්ඩ හතරක් යටතේ තරග පැවැත්වේ. සෑම කාණ්ඩයකම ඉදිරියෙන් සිටින කණ්ඩායම් දෙක අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබනු ඇත.

ශී‍්‍ර ලංකා 3 x 3 පිරිමි කණ්ඩායමට ප‍්‍රනීත් උඩුමලගල (නායක), තරිදු සංකල්ප (උප නායක), යොහාන් කේසර් සහ ක්ලින්ටන් ස්ටැලෝන් ඇතුළත් වන අතර ශී‍්‍ර ලංකා 3 x 3 කාන්තා කණ්ඩායමට ප‍්‍රමිලා ප‍්‍රනාන්දු (නායිකා), කුමරීන් සිල්වා (උප නායිකා), බෙනිකා තලගල සහ අංජලී ඒකනායක ඇතුළත් වෙති.

ටී. එම්. අමත් (ප‍්‍රධාන පුහුණුකරු) සහ කි‍්‍රස්ටෝපර් කරුණාසිංහ (තරග විනිසුරු) යන මහත්වරුන්ද මෙම සංචාරයට එක්ව සිටින අතර ශී‍්‍ර ලංකා පැසිපන්දු කණ්ඩායමේ හිටපු උප නායකයකු වන යස්වන්ත් මුත්තෙට්ටුවේගම මහතා කළමණාකරු ලෙස කටයුතු කරයි.



අදහස් (0)

3 x 3 පැසිපන්දු ශී‍්‍ර ලංකා කණ්ඩායම ආසියානු තරගාවලියට යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 123 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site