උපාධිධරයන් 2592කුට රජයේ පත්වීම් නිකුත් කිරීමේ උත්සවය අද (12) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
රැකියා දස ලක්ෂයේ සංකල්පය යටතේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ වැඩපිළිවෙළ ඇරැඹීය. මෙම රජය එක්වර වැඩිම පිරිසකට රජයේ පත්වීම් දුන් මුල්ම අවස්ථාව මෙය වන අතර ඔවුන් අමාත්‍යංශ, දෙපාර්තමේන්තු ඇතුළු රජයේ විවිධ ආයතන සඳහා අද සිට අනුයුක්ත කෙරේ. අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර හා තලතා අතුකෝරළ යන මහත්ම මහත්මීහු පත්වීම් ප්‍රදානයට එක්ව සිටියහ.
2025 දෙසැම්බර් මස 18
570
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
283
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1084
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2600 ක් පත්වීම් ලබති
අසාද් Tuesday, 12 January 2016 01:59 PM
සෙනරත් මහත්තයාගේ දැනුම ගැන දුක හිතෙනවා.මෙහෙම හිතන ය ඉන්නකම් මේ රට හදනවා බොරු. (කෞ)
ඇන්ජලෝ Tuesday, 12 January 2016 11:25 PM
මම රුවනිගේ අදහසට එකඟයි. උපාධිධාරින්ට පුළුවන් වෙන්න ඕනෑ මේ මානසිකත්වයෙන් ගොඩඑන්න. හැමදාම රජය කරනතුරු බලා ඉන්නවා. මොකද ඒගොල්ලෝ රටේ උගත් පිරිසක්. මේ ගොල්ලන්ට හැකියාව තිබෙන්න ඕනෑ ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න (නි)
කල්ප Wednesday, 13 January 2016 12:23 AM
කලින් රැකියා ගත් අයත් නිකම් ඉන්නවා කරන්න රැකියා නැතුව (නි)
චින්තක Wednesday, 13 January 2016 03:59 AM
උපදිධාරී අයට පුද්ගලික අංශයේ වැඩ බැරුව නම් නෙමෙයි. ඒ අය බයයි උපාධිධාරී අයට ජොබ් දෙන්න මොකෝ උසස් තැන් වල ඉන්නේ අත්දැකීම් වලින් උඩට ගිය උපාධි නැති එ්ක නිසා ගොඩක් බයයි ...(බ)
සෙනරත් Tuesday, 12 January 2016 10:24 AM
රැකියා දසලක්ෂයක් කොහොමද දෙන්නේ ? මේදක්වා දීලා තියෙන්නේ 5,000 ට අඩු ගානක් නේ (ම)
කමල් Tuesday, 12 January 2016 11:10 AM
තව කී දෙනෙක් බලාගෙන ඉන්නද රැකියාවක් ලබා ගන්න.(හේ)
සඳුන් Wednesday, 13 January 2016 05:12 AM
පුද්ගලික අංශය උපාධිධාරින්ට රැකියා දෙන්න කැමති නැහැ. ඒ අය උපාධිධාරින්ට බයයි. ඒකනිසා තමයි උපාධිධාරින්ට හැමදාම ගෙවල්වල ඉන්න වෙලා තිබෙන්නේ. මේ නාස්ති වෙන්නේ රටේ උගත් මානව සම්පත (නි)
විකි ඉතාලි Tuesday, 12 January 2016 11:42 AM
සෙනරත් මහත්මයා.ඔය විදියට දේශපාලන මනසකින් හැමදේම බලන්න එපා . හැමදේම හොඳ විදියට සිදුවේවි .පක්ෂ පාට නැතිව ස්වාධීනව හිතන්න .මොන රජය පත් වුනත් දෙනලද පොරොන්දු එක සැරේම දෙන්න වරමක් කාටවත් ලැබෙන්නේ නෑ .ඒ නිසා රැකියා දෙන පිළිවෙල දිහා බලලා හරි දුන් පොරොන්දු ටිකටික හරි ඉටුවෙනවා කියල හිතන්න (බ)
ඇන්ටන් Tuesday, 12 January 2016 12:14 PM
පත්වීම් ගත්ත වගේම රාජකාරියත් අවංකවම කලොත් හොදයි .ටික දවසකින් කාර් පෝර්මිට් ඉල්ලලා වර්ජනය කරන්න එහෙම ලෑස්ති වෙන්නත් එපා (කෞ)
කපුගේ Tuesday, 12 January 2016 12:24 PM
සෙනරත් .. ඔහොම යමුකෝ . මැජික් පෙන්නනද කියන්නේ (කෞ)
රුවනි Tuesday, 12 January 2016 12:27 PM
බහුතරයක් උපාධිදාරීන් කැමති නැහැ පුද්ගලික අංශයේ රැකියා කරන්න. ආණ්ඩුවේ ආයතන වල වගේ අයිස් ගහන්න බැහැනේ. නැති නම් මේ රැකියා ප්‍රශ්නය මිට වැඩිය විසඳිලා. මහන්සි වෙන්නේ නැතිව පඩි ගන්න බදු ගෙවන්නේ නැතිව පෙන්ෂන් ලැබෙන රැකියා විතරයි මේගොල්ලන්ට ඕන. (කෞ)