උපාධිධරයන් 2592කුට රජයේ පත්වීම් නිකුත් කිරීමේ උත්සවය අද (12) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
රැකියා දස ලක්ෂයේ සංකල්පය යටතේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ වැඩපිළිවෙළ ඇරැඹීය. මෙම රජය එක්වර වැඩිම පිරිසකට රජයේ පත්වීම් දුන් මුල්ම අවස්ථාව මෙය වන අතර ඔවුන් අමාත්‍යංශ, දෙපාර්තමේන්තු ඇතුළු රජයේ විවිධ ආයතන සඳහා අද සිට අනුයුක්ත කෙරේ. අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර හා තලතා අතුකෝරළ යන මහත්ම මහත්මීහු පත්වීම් ප්‍රදානයට එක්ව සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෙනරත් මහත්තයාගේ දැනුම ගැන දුක හිතෙනවා.මෙහෙම හිතන ය ඉන්නකම් මේ රට හදනවා බොරු. (කෞ)
මම රුවනිගේ අදහසට එකඟයි. උපාධිධාරින්ට පුළුවන් වෙන්න ඕනෑ මේ මානසිකත්වයෙන් ගොඩඑන්න. හැමදාම රජය කරනතුරු බලා ඉන්නවා. මොකද ඒගොල්ලෝ රටේ උගත් පිරිසක්. මේ ගොල්ලන්ට හැකියාව තිබෙන්න ඕනෑ ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න (නි)
කලින් රැකියා ගත් අයත් නිකම් ඉන්නවා කරන්න රැකියා නැතුව (නි)
උපදිධාරී අයට පුද්ගලික අංශයේ වැඩ බැරුව නම් නෙමෙයි. ඒ අය බයයි උපාධිධාරී අයට ජොබ් දෙන්න මොකෝ උසස් තැන් වල ඉන්නේ අත්දැකීම් වලින් උඩට ගිය උපාධි නැති එ්ක නිසා ගොඩක් බයයි ...(බ)
රැකියා දසලක්ෂයක් කොහොමද දෙන්නේ ? මේදක්වා දීලා තියෙන්නේ 5,000 ට අඩු ගානක් නේ (ම)
තව කී දෙනෙක් බලාගෙන ඉන්නද රැකියාවක් ලබා ගන්න.(හේ)
පුද්ගලික අංශය උපාධිධාරින්ට රැකියා දෙන්න කැමති නැහැ. ඒ අය උපාධිධාරින්ට බයයි. ඒකනිසා තමයි උපාධිධාරින්ට හැමදාම ගෙවල්වල ඉන්න වෙලා තිබෙන්නේ. මේ නාස්ති වෙන්නේ රටේ උගත් මානව සම්පත (නි)
සෙනරත් මහත්මයා.ඔය විදියට දේශපාලන මනසකින් හැමදේම බලන්න එපා . හැමදේම හොඳ විදියට සිදුවේවි .පක්ෂ පාට නැතිව ස්වාධීනව හිතන්න .මොන රජය පත් වුනත් දෙනලද පොරොන්දු එක සැරේම දෙන්න වරමක් කාටවත් ලැබෙන්නේ නෑ .ඒ නිසා රැකියා දෙන පිළිවෙල දිහා බලලා හරි දුන් පොරොන්දු ටිකටික හරි ඉටුවෙනවා කියල හිතන්න (බ)
පත්වීම් ගත්ත වගේම රාජකාරියත් අවංකවම කලොත් හොදයි .ටික දවසකින් කාර් පෝර්මිට් ඉල්ලලා වර්ජනය කරන්න එහෙම ලෑස්ති වෙන්නත් එපා (කෞ)
සෙනරත් .. ඔහොම යමුකෝ . මැජික් පෙන්නනද කියන්නේ (කෞ)
බහුතරයක් උපාධිදාරීන් කැමති නැහැ පුද්ගලික අංශයේ රැකියා කරන්න. ආණ්ඩුවේ ආයතන වල වගේ අයිස් ගහන්න බැහැනේ. නැති නම් මේ රැකියා ප්‍රශ්නය මිට වැඩිය විසඳිලා. මහන්සි වෙන්නේ නැතිව පඩි ගන්න බදු ගෙවන්නේ නැතිව පෙන්ෂන් ලැබෙන රැකියා විතරයි මේගොල්ලන්ට ඕන. (කෞ)