
(සුජිත් හේවාජුලිගේ)
විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ගැසට් නිවේදනය ජනාධිපතිවරණය අවසන් වන තෙක් නිකුත් නොකරන ලෙස අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අමාත්‍යාංශයේ ලේකම්වරයාට අද (18) උපදෙස් දුන්නේය.
විසිදෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය පසුගියදා පළවිය.
මේ සම්බන්ධයෙන් අප අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ජනාධිපතිවරණය කල් දැමීම සඳහා මෙම සංශෝධනය ගෙන එන බවට ජනතාව අතරේ බියක් ඇති වී තිබෙන හෙයින් එම බිය දුරු කිරීම සඳහා තමා මෙම පියවර ගන්නා බවයි.
ඡන්දය කල් දැමීම සඳහා විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ආණ්ඩුව කඩිමුඩියේ පාර්ලිමේන්තුවට ගෙනවිත් සම්මත කර ගැනීමට උත්සාහ දරන බවට විපක්ෂයෙන්ද පසුගියදා චෝදනා එල්ල කෙරිණ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සු බය වෙලා නෙවෙයි සර් මිනිස්සුන්ගේ විරෝධයට තමුන්නාන්සේලා බය වුණා කියන්න...
ඒක හොඳයි..., නැත්නම් වෙන්නේ රනිල් රාජපක්ෂට ඡන්දයට කලියෙන්ම ගෙදර යන්නයි...!
ඒක පාර්ලිමේන්තුවට දැම්මාට වැඩබලන අනුප්‍රාප්තික ජනාධිපතිට ඒකෙන් වගතුවක් වෙන්නේ නැහැ කියලා තේරිලා වගේ... ඔන්න ඔහොම තව ටිකක් නැට්ටෙන් එල්ලිලා උන්නාම තේරෙයි තව තව දේවල් ...!
එහෙමයි කියලා හිතමු, ඒ වුණාට තවත් උප්පර වැට්ටි එහෙමත් නැත්තං තවත් "ගේම්" කොච්චර තියෙනවද දන්නැහැ!!!
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරන්න මැතිවරණ කොමිසමට බලය ලැබී තිබිය දී මොකට ද මේ ව්‍යවස්ථා සංශෝධනයක් සම්මත කිරීමට ඇති කඩිමුඩිය? කවුද ඉල්ලුවේ...? තමුන් යෝජනා කළා නම් තමුන්ම අකුළා ගන්න එකයි ඇත්තේ...
මොවුන් කිසිම සංශෝධනයක් රටටවත්, ජනතාවටවත් යහපතක් වෙන එකක් නම් කළේවත්, කරන්නෙවත් නැහැ.
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කරන වෙලාවේ හරියට නොකර දැන් කලබලෙන් කරන්න යනවා. එදා ඔය වැරැද්ද පෙන්වා දෙන්න එක දේශපාලුවෙක් පාර්ලිමේන්තුවේ නොසිටීම නිසා අකුරු දෙකක වෙනසක් කරන්න කෝටි කීයක් වැයකරන්න වෙයිද? (පාර්ලිමේන්තුව රැස්වීමට දිනකට කෝටියක් ඉක්මවා වියදම් වෙනවා නේද? ඔය අකුරු දෙක වෙනසට කොහොමද වියදම් වෙන්නේ...) ඕවා සහගහන අපරාධ ඇමැතිතුමා ඔය වගේ වැඩට ඉස්සර කාලයේ කිව්වේ... බෑවිලා ගහට...කළා වගේ කියලා...
මෙම ඇමැතිගේ භූමිකාව සැක සහිතයි. රටේ හැම දෙයක්ම අවුල් කරන්න කටයතු කරපු කෙනෙක්
මේ අවස්ථාවේ ආණ්ඩුව ව්‍යවස්ථාව වෙනස් කරන්න ගියොත් ජනතාව කොළඹ ඇවිත් දේශපාලකයන්ගේ හොම්බට දෙකක දීල උන්ව බෙරේ වැවට විසි කරලා ආණ්ඩුව වෙනස් කරවී .