ඉන්දියාවේ පැවැති හයවැනි විස්සයි විස්ස ලෝක කුසලානය ජයගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අද (3) සමත්විය.
ඒ අවසන් මහා තරගයේදී එංගලන්ත කණ්ඩායම කඩුලු 4කින් පරාජයට පත් කරමිනි.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දු යැවූ කොදෙව් පන්දු යවන්නෝ එංගලන්ත කණ්ඩායම ලකුණු 155කට සීමා කිරීමට සමත්වූහ. ජයග්‍රාහී ලකුණු 156 හඹා ගිය කොදෙව් කණ්ඩායම කඩුළු 6ක් දැවී ජයග්‍රහණය හිමිකරගත්තේ පන්දුවාර 19 පන්දු 4කිනි. අවසන් පන්දුවාරයට ජයග්‍රහණය සඳහා ලකුණු 19ක් ලබාගැනීමට තිබූ අතර කාලොස් බ්‍රාත්වෙයිට් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙනයමින් පිට පිට හයේ පහර 4ක් එල්ල කළේය.
මාලන් සැමුවෙල් නොදැවී ලකුණු 85 ක් ලබාගනිමින් සිය උපරිම දායකත්වය කොදෙව් කණ්ඩායමට ලබාදුන්නේය.
කණ්ඩායම් 16 ක් තරග වැදුණු ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය ඉන්දියාවේ කල්කටාහි ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාපිටියේ පැවැත්වුණු අතර තරඟයේ විනිශ්චය සඳහා ශ්‍රී ලංකාවේ කුමාර් ධර්මසේන ද එක්ව සිටියේය. අවසන් තරගයේ තීරකයා වූයේ ද ශ්‍රී ලංකාවේ රංජන් මඩුගල්ලේය.
මේ අතර පිරිමි තරගාවලියට සමගාමීව පැවැති ලෝක කුසලාන කාන්තා තරගාවලියේ ජයග්‍රහණයද ලබාගැනීමට කොදෙව් ක්‍රීඩිකාවෝ සමත්වීම සුවිශේෂී සිදුවීමකි. එමෙන්ම විස්සයි විස්ස ලෝක කුසලානය දෙවරක් හිමිකරගත් ලොව එකම කණ්ඩායම බවටද බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පත්විය. ඔවුන් මීට පෙර 2012 වසරේදී ලෝක කුසලානය දිනාගෙන තිබිණි.
මේ වසරේ පැවැති වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ජයද කොදෙව් කණ්ඩායම දිනාගත්තේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොදෙව්වෝ වාසනාව සහිතව වුණත් සහ මහත්මා ගති පෙන්වමින් ජය ගත්තා. නිලන් කියනවා වගේ තමන්ගේ නොහැකියාව වහගන්න අනුන්නට ඇඟිලි දික්කරන අපේ ක්‍රීඩකයන්ට පමණක් නොවේ අපේ පාලකයින්ටත් ඉගෙනගන්න බොහෝදේවල් මේ කොදෙව් ක්‍රීඩකයන් තුළ තියෙනවා. (බ)
කොදෙව් පිලට උණුසුම් සුබ පැතුම් !! දුෂ්කරතා සහ බාධක අතරින් ඔබ ලබා ගත් මෙම ජයග්‍රහණය අති විශිෂ්ටයී, සියල්ලෝම මෙය ආදර්ශයට ගත යුතුයී. (බ)
2014 20/20 ශුරයන් වූ ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා විලාශය ඇල්මැරුණු, දියාරු කිසිම සටන්කාමිත්වයක් හෝ වගකීමක් නැති විදියටයි මම දැක්කේ. තුන්පාරක් 20/20 අවසන් මහා තරගයටම පැමිණ එකවරක් කුසලානය දිනු අපේ ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයින්ට මෙදා පාර මුල් වටයෙන්ම ඉවත් වෙන්න. සිදුවීම ගැන වග කිවයුත්තන් අවශ්‍ය තීන්දු තීරණ වහාම ගත්තේ නැත්නම්, අපේ රටේ අපිට කියා සතුටුවෙන්න දෙයක් නැති වෙනවා. (බ)
මගේ උණුසුම් සුබ පැතුම්! කොදෙව්වන් අපේ කට්ටියට සහ මුළු ක්‍රීඩකයන්ටම ඉගෙනගත හැකි පාඩම් තොගයක් ලබාදුන්නා (නි)
ඇත්තටම කුසලානය අයිති වියයුත්තේ ඇෆ්ගනිස්ථානයට. ඔවුන් තමයි කොදෙව්වො මෙල්ල කළ එකම කන්ඩායම. අවසන් පූර්ව තරඟයට තේරිලා හිටපු නිසා කොදෙව්වො එතරම් ගණන් ගත්තෙ නැහැ කියන්න බැහැ. මොකද පරාජයෙන් බේරෙන්න ඔවුන් ලොකු උත්සාහයක් ගත්තා. අනෙක ඇෆ්ගනිස්ථාන් අය එතන හිටපු හැම කණ්ඩායමකටම ලොකු තර්ජනයක් කරලයි පරාද වුණේ. ලංකාවෙ කණ්ඩායම වගේ ප්‍රතිවාදීන්ට පුහුණු තරඟ කිරීමේ අවස්ථාව ලබාදුන්නෙ නැහැ. (නි)
හැම අතින්ම අතිවිශිෂ්ටයි ඔවුන් ලැබූ මේ ජයග්‍රහණය. එ්ත් එක්කම හිතට දුකයි අපේ ක්‍රීඩකයන්ගේ පසුබැසීම හා මන්දෝත්සාහය. (බ)
මගේ සුබ පැතුම්! (නි)
මම හිතන්නේ මෙය මහත්මා ක්‍රීඩාවක් නිසාවෙන් සහ ඔවුන්ගේ නොපසුබට උත්සාහය මතම ලබාගත් විශිෂ්ට ජයග්‍රණයක් බවයි. (නි)
ක්‍රීඩාව දියුණු කරන්න නම් ක්‍රීඩාව වෙනුවෙන් ආයෝජනය කරන්න ඕන. පහසුකම් දියුණු කරන්න ඕන. (ර)
අපේ ය පැරදුනේ මහේල සංගා මාලි නැති හින්දා නෙවෙයි.උදාසීන කම නිසා.සජිත් කියනවා වගේ කොදෙව්වන්ගේත් ප්‍රශ්න ගොඩයි.නවකයෝ ගොඩයි.අනික අපි වගේ නෙවෙයි රටවල් ගණනාවක්.විවිධ ජාතීන්.තනි කණ්ඩායමක් ලෙස ශක්තිමත්ව කටයුතු කරලා දිනුවා.අපි නවකයෝ..නවකයෝ.. කියකියා ඉන්නවා.(හේ)
මේ කණ්ඩායමේත් ගොඩක් නවකයෝ ඉන්නවා. එ්ත් එ්ක කිය කියා බැරිකම වහන්න ගියේ නැහැ. තමන්ගේ වැඩේ හරියට කළා. සුබ පැතුම්! (නි)
ඔබේ කණ්ඩායමට මම සුබ පතනවා! (නි)
අද ක්‍රිකට් ක්‍රීඩාව නිසා ලංකාව වැනි රටවල් වලට විශාල මුදල් ප්‍රමාණයක් ගලාගෙන එනවා. මේ සල්ලි ලොක්කන්ට පිටරට සෆාරි ගහන්න, මන්ත්‍රීලට වාහන පර්මිට් ගන්න වියදම් කරන්නේ නැතුව, පෝෂණයට අවශ්‍ය කිරිපිටි ආදියෙහි මිල අඩුකිරීමට යොදවන්න. එවිට අනාගතයේ මනා පෝෂණයක් ලැබූ, නිතර අබාධ වලට ලක්නොවන දක්ෂ ක්‍රීඩකයන් ලංකාවෙන්ද බිහිවනු ඇත. (නි)
නිමල්ගේ පණිවිඩය වගකිවයුත්තන්ගේ අවධානයට ලක්වේවායි පතමි. (නි)
කොදෙව්ව පිල වාර්තාකළ ඇති විශිෂ්ට ජයග්‍රහණයට අපේ උණුසුම් සුබ පැතුම්! මහත්ම ගතිගුණ වලින් පිරුණු මෙම ක්‍රීඩාවේ ගෞරවය රැකගනිමින්, ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දී කණ්ඩායම් හැඟීමෙන් ක්‍රීඩාකළ මෙම ක්‍රිකට් කණ්ඩායම ලෝකෙටම ආදර්ශයක්. තමන්ගේ නොහැකියාව වහගන්න අනුන්නට ඇඟිලි දික්කරන අපේ ක්‍රීඩකයන්ට ඉගෙනගන්න බොහෝදේවල් මේ කොදෙව් ක්‍රීඩකයන් තුළ තියෙනවා. (නි)
කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලයේ ගැටළු මැද්දේ වුවද ඔවුන් ලද මෙම ජයග්‍රහණය විජයග්‍රහණයකි. අපිට ඔවුන්ගෙන් බොහෝ පාඩම් උගත යුතුව ඇත. අපගේ පාලක මණ්ඩලයට මෙන්ම ක්‍රීඩකයින්ටද මෙය මහගු පෙරහුරු පාඩම් මාලාවකි. (බ)
කොදෙව්වන්ට මගේ උණුසුම් සුබ පැතුම්! ඒ අය කප් එක අරගෙන තම මව්බිමට පිටත්ව ගියා. රූපවාහිනි වල ඉන්න අය තවම අපේ ක්‍රිකට් වීරයන්ට 2016 විස්සයි විස්ස ලෝක කුසලානය ජයගැනීම සුබ පැතුම් ඉවරයක් නෑ.(බ)