ලබන වසරේ පවත්වන 20 යි 20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට සුදුසු කම් ලෑබිම සදහා ඉතාලි ජාතික ක්‍රිකට් කණ්ඩායම ලබන මස 10වෙනිදා එක්සත් ආරාබි එමිර් රාජ්‍ය බලා පිටත් වීමට යයි.

එමිර් රාජ්‍යයේ  තරගාවලියට ටෙස්ට් වරම් නොලෑබුනු රටවල් 16ක් ක්‍රිඩා කරන අතර එයින් කණ්ඩායම් 6ක් ලොක කුසලාන තරගාවලියට තෝරා ගැනෙයි. ඉතාලි ජාතික ක්‍රිකට් කණ්ඩායම සදහා ශ්‍රි ලාංකික ක්‍රීඩකයෝ හත් දෙනෙක් ක්‍රිඩා කරති. උප නායකත්වය දරනුයේ ද ශ්‍රි ලාංකිකයෙකි.

ජුලි මස පෑවති යුරෝපා කුසලාන තරගාවලියට ශ්‍රි ලාංකිකයෝ පස් දෙනෙක් ක්‍රීඩා කළහ. අතර එයින් ජයග්‍රාහනය ඉතාලියට හිමි විය. එමිර් රාජ්ය බලා පිටත්වන ඉතාලි ක්‍රිකට් කණ්ඩායම මෙසේ නම්කොට තිබේ.

දමියන් ග්‍රෑහෑම් ( නායක) ගයශාන් ර0ග ( උප නායක කේරි විදුහල) ඈලෑක්සෑන්ඩර් බොනෝරා ( දකුණු අප්‍රිකාව) ඈන්දෘ නොර්ත්කුක්( එන්ගලංතය) වින්චෙන්සො පෙන්නාස්සා ( දකුණු අප්‍රිකාව) කාර්ල් ස්තේෆන් ( ඉතාලිය) පිටර් අන්තෝනි ( ඉතාලිය) සුජිත් කුමාර ( රිච්මන්ඩ් විදුහල) බෙන්තෝතා බදුගේ ( ජොසප් වාස් විදුහල) දිනිදු අස0ක ( රද්දොලුව විදුහල) තරිදු නිමාන් ( සාන්ත මරියා විදුහල) ශේහාන් මදුප ( ජොශප් වාස් විදුහල) ඩිල්ශාන් සමීර ( ජොශප් වාස් විදුහල)