IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


2017 දී හම්බන්තොටින් හිරු පායයි

රටක් දියුණුව කරා ගමන් කිරීමේදී එහි ප‍්‍රතිරූපය ඔසවා තැබීම සඳහා මහා පරිමාණයේ කී‍්‍රඩා උළෙල ආධාර කරගත යුතු බවත්, එවන් අවස්ථා උදාකරදීම සඳහා තමන් සූදානමින් සිටින බවත් ආසියානු ඔලිම්පික් සභාවේ සභාපති, ෂෙයික් අහමඞ් ෆහාඞ් අල් සබාත් කුමරු පවසයි. වසර 2017 දී පැවැත්වීමට නියමිත තුන්වැනි ආසියානු යොවුන් කී‍්‍රඩා උළෙල හම්බන්තොට නගරයේදී පැවැත්වීම නිල වශයෙන් නිවේදනය කරමින්, කොළඹ 7, නිදහස් මාවතේ පිහිටි ජාතික ඔලිම්පික් කමිටු නිවහනේදී ආසියානු ඔලිම්පික් සභාවේ සභාපතිවරයා මේ බව පැවසීය. "යුද්ධය කාලයේදී ශී‍්‍ර ලංකාව ලෝකයේම ප‍්‍රසිද්ධව තිබුණා. ඒත් දැන් තිබෙන පහසුකම්, ස්ථාවරත්වය සහ ආරක්‍ෂාව දකින්නත් පුදුමයි” "දැන් ඔබලාට  ඕනෑ කරන්නේ කී‍්‍රඩාවෙන් පෙරමුණ ගැනීමයි” යයිද ෂෙයික් අහමඞ් ෆහාඞ් අල් සබාත් කුමරු පැවසීය. ශී‍්‍ර ලංකාව ඉදිරිත් වන්නේ නම් ආසියානු වෙරළ කී‍්‍රඩා උලෙල සංවිධානය කිරීමේ අවස්ථාවත් ශී‍්‍ර ලංකාවට පිරිනැමීට තමන් පසුබට නොවන බවද පැවසූ අල් සබාත් කුමරු, ආසියානු යොවුන් කී‍්‍රඩා උළෙලේ සත්කාරකත්වය ශී‍්‍ර ලංකාවට නිල වශයෙන් පැවරීම සඳහා තමන්ගේම පෞද්ගලික ජෙට් යානයකින් ශී‍්‍ර ලංකාවට පැමිණියේය. හම්බන්තොට නගරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන 2017 ආසියානු යොවුන් කී‍්‍රඩා උළෙල සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 300 ක් (රුපියල් කෝටි 390 ක්) පමණ වැය වන බවත් ඒ සඳහා සූදානම් වීමට තමන්ට අවශ්‍ය තරම් කාලය තිබෙන බවත් කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා පැවසීය. වසර 2018 දී පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා උළෙල හම්බන්තොටදී පැවැත්වීම සඳහා ශී‍්‍ර ලංකාව ගත් උත්සාහය අසාර්ථක වුවද ඒ සඳහා ඉදිකිරීමට සූදානමින් සිටි කී‍්‍රඩා සංකීර්ණය ආසියානු යොවුන් කී‍්‍රඩා උළෙල වෙනුවෙන් ඉදි කෙරෙන බවද කී‍්‍රඩා ඇමතිවරයා පැවසීය. තුන්වැනි ආසියානු යොවුන් කී‍්‍රඩා උළෙල හම්බන්තොට නගරයේදී පැවැත්වෙන බව ආසියානු ඔලිම්පික් සභාවේ සභාපති ෂෙයික් අහමඞ් ෆහාඞ් අල් සබාත් කුමරු විසින් නිල වශයෙන් නිවේදනය කරන ලද අවස්ථාව. පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාමල් රාජපක්‍ෂ, කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ සහ ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති හේමසිරි ප‍්‍රනාන්දු යන මහත්වරුද ඡායාරූපයේ සිටිති.



අදහස් (0)

2017 දී හම්බන්තොටින් හිරු පායයි

සුදුමාටින් Friday, 15 June 2012 04:20 PM

මේවා හම්බන්තොටට එක එක නම් හොදයි.ඒත් ඉතිං හැම දෙයක්ම හම්බන්තොටට.අනේ මන්දා

:       0       0

හෙළයා Friday, 15 June 2012 04:50 PM

හම්බන්තොටින් හිරු පායාවි .... පවුලට

:       0       0

සල්මන් Friday, 15 June 2012 07:24 PM

මෙහෙම ගියොත් හම්බන්තොට දියුණු වෙයි...අපි නැති වෙයි.... හම්බන්තොටට ජය වේවා !!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මැතිවරණ රාජකාරිවලට ආ කතක් මරුට
2025 මැයි මස 05 1357 0

පේරාදෙණිය පොලිස් වසමේ ගන්නොරුව කනිෂ්ඨ විද්‍යාලයට මැතිවරණ රාජකාරී සඳහා වාර්තා කළ රාජ්‍ය නිලධාරිනියකට හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් පේරාදෙණ


හෙට ඇරැඹෙන එ.ජා වෙසක් උළෙලේ ප්‍රධාන දෙසුම ජනපතිගෙන්
2025 මැයි මස 05 380 0

වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong) මහතාගේ ආරාධනයකට අනුව වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෝ චි මිං නගරයේදී ආරම්භ වන එ


ඡන්දපොළ ඡායාරූප ගැනීම වීඩියෝ කිරීම තහනම්
2025 මැයි මස 05 137 0

ඡන්ද මධ්‍යස්ථාන ඡායාරූප ගැනීම සහ වීඩියෝ ගතකිරීම මෙන්ම ඒවා සාමාජ මාධ්‍ය ජාලාවල ප්‍රදර්හනය කිරීම තහනම් බවත් දුම්පානය සහ මත්ද්‍රව්‍ය පානය කරමින් ඡන්ද ම


ශ්‍රී ලංකාව එක්දින ක්‍රිකට් රටවල් අතර 4 වැනි තැනට
2025 මැයි මස 05 1208 0

ශ්‍රී ලංකාව, අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් රටවල් ශ්‍රේණිගත කිරීමේ 4 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණියේය.


වැලිකඩ බන්ධනාගාරයේ කාණුවක් රිවෝල්වරයක්
2025 මැයි මස 05 866 0

වැලිකඩ බන්ධනාගාරයේ එල්. වාට්ටුව පිටුපස අපජලය බැස යන කාණුවක් අසල පස් ඉවත් කිරීමේදි 0.38 (විශේෂ) වර්ගයේ රිවෝල්වරයක් හමු වූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන


දේශබන්දුට ඇති තර්ජන ගැන CID පරීක්ෂණයක්
2025 මැයි මස 05 282 0

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා විසින් ආරක්ෂාව ඉල්ලා කළ ඉල්ලීම සම්බන්ධයෙන් ඔහුට ඇති තර්ජන පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 730 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 188 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1228 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site