පසුගිය වසරේ ජනවාරියේ සිට අගෝස්තු අවසානය දක්වා සිදුවූ මනුෂ්‍ය ඝාතන, ලිංගික අපරාධ, ගෙවල්බිඳීම්, කොල්ලකෑම් හා සොරකම් යන ප්‍රධාන අපරාධ සංඛ්‍යාව මේ වසරේ එම කාලයේදී 264කින් වැඩි වී ඇතැයි පොලිස් ආරංචි කියයි.
පසුගිය වසරේ මුල් මාස අටේදී එවැනි අපරාධ 5231ක් වාර්තා වී ඇති අතර මෙම වසරේ එම ප්‍රමාණය 5495 දක්වා ඉහළ ගොස් තිබේ.
2015 අගෝස්තු මාසයේ එවැනි අපරාධ 623ක් වාර්තා වී ඇති අතර මෙම වසරේ අගෝස්තුවේ 689ක් වාර්තා වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුජීවගේ අදහසට මමත් එකඟයි. අපරාධ මර්දනයට තිරසාර උපාය මාර්ග අවශ්‍යයි. 2003 හඳුන්වාදුන් මාර්ග සැළැස්ම ක්‍රියාත්මක කළයුතුය. ප්‍රජා පොලිස් කාරණය වචනයට සීමාවෙලා. (නි)
මිනිස්සුන්ගේ එදිනෙදා ජීවිතය පවත්වාගෙන යාම අස්ථාවර වෙලා අසහනයට පත් වුණාම තමයි රටක අපරාධ වැඩිවෙන්නේ.නීතිය හා සාමය රැකීම අසාර්ථක වුණාම අපරාධ වැඩිවෙනවා.මට පේන හැටියට අපේ රටේ මේ දෙකම වෙලා තියෙන්නේ.හැබැයි මේකට තියෙන විසඳුමට මිනිස්සු කැමති නැ.(ම)
යහපාලන ආණ්ඩුවක් තියෙනකොට මෙහෙම වෙන්නේ මක්කැයි. (බ)
ඔබට දැන් සතුටුද (බ)
තව මොන විපත් වේවිද දන්නේ නැහැ (බ)
ඒකට කමක් නැහැ මොකද දැන් අපට සංහිදියාව තියෙනවනේ ළමයෝ. නැද්ද මන් කියන්නේ! (බ)
පුජිත මහතාගේ නීතිය නැවිල්ලේ හොඳකම තමා ලංකාවට එන්නත් බය හිතෙනවා දැන් (බ)
සුදු වැන් සුදු වැන් කියල කෑගහල යහපාලනය ගෙන්න උඩපැනපු අය මේගැන කිසිම සද්දයක් නැතිව ඉන්නේ මොකද කියන එක ප්‍රශ්නයක්. පසුගිය රාජපක්ෂ පාලන කාලය තුල විදේශ ගතව සිටි පාතාල නායකයන් යහපාලනය යටතේ නැවත ලංකාවට පැමිණීම මෙයට ප්‍රධාන හේතුවක්. (බ)
ඒ වුණත් අපිට නම් මේ වෙනස හොඳයි (නි)
සෙනරත්, මේගොල්ලෝ කරපු තොවිලෙකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ (නි)
ඕනෙම කෙනෙකුට මහා ප්‍රාඥයෝ වගේ ලොකු කතා කියන්න පුළුවන්. එත් ප්‍රායෝගිකව කරන්න පුළුවන් දේ කෙනෙකුට ඔය කියන තරම් ලේසි වැඩක් නෙමෙයි. එකම තමයි යහපාලනයට වුණෙත්. පසුගිය ආණ්ඩුව විවේචන වලින් පතුරු ගැහුවා. දුෂණය නතර කරාම සංවර්ධන වැඩ ඕනේ තරම් කරන්න පුළුවන් කිව්වා. පොලිස් කොමිසම ආවම රටේ අපරාධ ගොඩක් අඩුවෙනවා කිව්වා, ඖෂධ ප්‍රතිපත්තියට වුණ දෙයක් කිව්වා. දැන් බලයට ඇවිල්ල අවුරුදු 1 යි මාස 8ක් වෙනවා. මොනවද කෙරුනේ ? (ම)
සෙනරත්, ඔය මොනවා නැතත් ලක්ෂ 62ක් වූ බුද්ධිමත් ජනතාවට යහපාලනයයි සංහිඳියාවයි තියෙනවනේ. නොකා නොබී ගුටි කකා අපි ඒ දෙක ආරක්ෂා කරමු (නි)