IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


2015 සල්ලිකාර List එකේ Numer 4 1D

dont-mis-20160112-01

 

බටහිර සංගීතයට ඇලුම් කරන බොහෝ තරැණ තරැණියන් අතර ජනප්‍රිය සංගීත කණ්ඩායමක් තමයි ONE DIRECTION කියන්නෙ. 1D කියලත් මෙයාලව හඳුන්වනවා. ඉංග්‍රීසි සහ අයිරිෂ් ජාතික තරැණයින් හතරදෙනෙක්ගෙ එකතුවක් වන මේ සංගීත කණ්ඩායම මුලින්ම සංගීත ලෝකයට ආවේ The X factor කියන බ්‍රිතාන්‍ය රියැලිටි වැඩසටහන හරහා යි. ඒ 2010 අවුරැද්දෙදි. මුල් කාලයේදී නයිල් හෝරන්, ලියම් පේන්, හැරී ස්ටයිල්ස්, ලුයී ටොම්ලින්සන් වගේම සෙයින් මලික් One Direction කණ්ඩායමේ හිටියත් ඔහු ගිය වසරේ මාර්තු මාසයේදී කණ්ඩායමෙන් ඉවත් වුණා. 


පොප් වගේම රොක් ගායන ශෛලියේ ගීතත් නිර්මාණය කරපු 1D තරැණයෝ තමන්ගෙ මුල්ම සංගීත ඇල්බමය එළිදැක්වූවෙ 2011දියි. Up All Night කියල නම් කරලා තිබුණු ඒ ඇල්බමයට පස්සෙ Take me home (2012), Midnight Memories (2013), Four (2014) සහ Made in the A.M. (2015) යන ඇල්බම ඔවුන් රසිකයින්ට ලබාදුන්නා.


ඔවුන් ගැයූ ගීත අතුරින් "What Makes You Beautiful", "Live While We're Young" සහ "Story of My Life" කියන ගීත අතිශය ජනප්‍රිය වුණා. බොහෝ රටවල ගීත දර්ශකයන්ගේ මුල් පෙළටම මේ ගීත තේරී තිබුණා. ඒ වගේම අෙමරිකානු සංගීත සම්මාන වගේ විශේෂ සම්මාන කිහිපයකටමත් හිමකම් කියන්න 1D සමත්වුණා. මේ බ්‍රිතාන්‍ය සංගීත කණ්ඩායම අෙමරිකාව තුළ කොතරම් ජනප්‍රිය වුණාද කියතොත් බ්‍රිතාන්‍යයේ අලුත්ම අෙමරිකානු ආක්‍රමණය විදිහටත් 1D කණ්ඩායම විචාරකයින් විසින් හැඳින්වූවා.


2015 වසරේදී ඔවුන් ඉපැයූ ආදායම ඩොලර් මිලියන 130ක් ලෙස නම් කරපු ෆෝබ්ස් සඟරාව ලොව සිව්වැනියට වැඩිම ඉපැයීමක් සහිත කලාකරැවන් පිරිස 1D බව ප්‍රකාශ කර තිබුණා. 


සංගීතයෙන් ජනතාව අතරට යන ගමන්ම තමන් ලබන ආදායමෙන් කොටසක් සමාජයේ අවශ්‍යතා ඇති අය වෙනුවෙන් යොදන්නත් මේ තරැණ පිරිස අමතක කරලා නැහැ. 2011 වසරේදී තමන්ගේ පළමු ඇල්බමය එළිදැක්වීමෙන් පස්සෙ BBC එක්ක එකතුවෙලා අසරණ දරැවන් වෙනුවෙන් මුදල් සොයාදීමේ අරමුදලක් ඔවුන් ගොඩනැගුවා. ඉන්පස්සෙත් ඔටිසම්, පිළිකා වැනි විවිධ රෝග තත්ත්වවලින් පෙළෙන දරැවන් වෙනුවෙන් ඔවුන් අරමුදල් සැපයුවා. 


 - ජා - 

 

dont-mis-20160112-02

 



අදහස් (0)

2015 සල්ලිකාර List එකේ Numer 4 1D

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 570 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 283 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site