ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ මෙම වසරේ (2-013) ඇස්තමේන්තුගත අයවැයට අනුව රුපියල් මිලියන 600 ක (රුපියල් කෝටි 60) පමණ පාඩුවක් පවතින බව ඉතාමත් විශ්වාසකටයුතු මාර්ගයකින් දැනගන්නට තිබේ.
වසර කීපයක සිටම දැඩිසේ පාඩු ලබන ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට මෑතකදී පත්වූ විධායක කමිටුවේ ප‍්‍රධාන උත්සාහය වන්නේ පිරිවැය කපා දැමීම් වැනි උපක‍්‍රම වලින් මෙම පාඩුව අවම කර ගැනීමයි.
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ කොන්ත‍්‍රාත් පදනම මත රැඳී සිටින සේවකයන් ඉවත් කිරීම පිළිබඳව ක‍්‍රිකට් ආයතනයේ පසුගිය 9 වැනිදා පැවැති අවසන් විධායක කමිටු රැස්වීමේදී දැඩි අවධානය යොමු වී තිබූ අතර ඉදිරියේදී මුහුණදීමට සිදුවන දැවැන්ත පාඩුව පිළිබඳව හෙට (14) පැවැත්වීමට නියමිත විධායක කමිටු රැස්වීමේදීත් සාකාච්ඡුා කිරීමට නියමිත බව වාර්තා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලාබ ලබන්න නම් හම්බන්තොට තව ක්‍රීඩාංගනයක් හදන්න.එතකොට ක්‍රිකට් වගේම ආර්ථිකයත් හැදෙනවා (නි)
ක්රිකට් ආයතනය වගේ රටට විදේශ වීනිමය උපයන , විවිධ ක්‍රම වලින් අදායම් ඉපිය හැකි ආයතනයකටවත් ලාභ ලබන්න බැරි නම් ලංකාවේ අනෙකුත් ආයතන ගැන කවර කතාද ? (නි)
කෝ අපේ කුනු බිත්තර ගහන කට්ටිය? (නි)
මම නම් ක්‍රිකට් වලට කැමති නෑ. (ස)
කරු ඔයා හොරුන්ගෙත් හොරු කියන චිත්‍ර පටිය බලල නැහැ වගේ. (ස)
වෙන අය ඇස්තමේන්තු කරන්නේ ලාබෙට මේ අය පාඩුවට. (නි)
කරු, හොරාගෙ අම්මගෙන් පේන අහල වැඩක් තියනවද? ඔයා ලංකාවෙ නෙමෙයිද ඉන්නේ.(නදී)
මුළු රටම දන්නවා කවුද ක්‍රිකට් ආයතනය බංකොලොත් කලේ කියලා. ඔය සුරංගනා කතා අහන්නද ආරාදනා කරන්නේ. මෝඩකමට බෙහෙත් හොයාගෙන නැහැනේ. (ස)
කවුද දැන් මේවට වගකියන්නේ? (නි)
සොරකම්වල ප්‍රතිපල. (ස)
ක්රිකට් ආයතනය කොපමණ පාඩු ලැබුවත් පරිපාලනය මොන විදිහට වෙනස් වුනත් සේවා කාලය තුල ලාබ ලබන එක නිලදාරියෙක් පමණක් බොහෝ කාලයක සිට සුවසේ වැජඹෙනවා. කව්ද දන්නවද.......? (නි)
නිකන් පඩි අරගෙන ඉන්න අයව ගෙදර යවන්න ඕනේ. (ස)
ජනාධිපති තුමනි, කරුණාකර මේ ආයතනය ලාබ ලබන තත්වයට පත් කරන්න. ඔබතුමාට පින්. මොකද අපි ජීවිතය වගේ ආදරය කල ක්‍රීඩාව. හොරුන් ඉවත් කරන්න ඉතා ඉක්මනින්. (ස)
දේශපාලනය ගෑවුනාට පසේ තමයි විනාශය පටන් ගත්නේ. (නි)