එංගලන්තයේ ලන්ඩන් නුවරදී ජුලි මස 27 වැනිදා ආරම්භවන ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල ශ්‍රී ලංකාවේ විකාශය කිරීමේ අවස්ථාව මහරාජ මාධ්‍ය ජාලයේ එම්. ටී. වී. කී‍්‍රඩා නාලිකාවටත් හිමිව තිබේ. ඒ අනුව ජාතික රූපවාහිනී නාලිකාව සහ කාල්ටන් ක‍්‍රීඩා නාලිකාවට සමගාමීව එම්. ටී. වී. නාලිකාව ඔස්සේද ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ අවස්ථා සජීවීව නැරැුඹීමට මෙරට ක‍්‍රීඩා ලෝලීන්ට අවස්ථාව හිමිවනු ඇත.
ආසියානු පැසිපික් විකාශන සංගමය විසින් ඔලිම්පික් තරග ශ්‍රී ලංකාවේ විකාශය කිරීමේ අයිතිය සම්බන්ධයෙන් කරුණු දක්වනු ලැබ ඇත. එම සංගමයේ සාමාජිකත්වය හිමි එම්. ටී. වී. නාලිකාව ද ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල විකාශය කිරීමේ අයිතිය ලබා ගැනීම සම්බන්ධයෙන් කරුණු දක්වා තිබේ. විකාශන අයිතිය ලබා ගැනීම සඳහා රටක නාලිකාවක් කැමැත්ත ප‍්‍රකාශ කර තිබේ නම් සංගමයේ නීති මාලාවට අනුව එම අවස්ථාව දියයුතු බව ආසියානු පැසිෆික් විකාශන සංගමය පෙන්වා දී තිබේ. එම්. ටී. වී. නාලිකාවේ ක‍්‍රීඩා අධ්‍යක්‍ෂ සංජීව රණතුංග මහතා පවසන්නේ ඔලිම්පික් කී‍්‍රඩා විකාශය සම්බන්ධයෙන් විවිධ විවිධ අදහස් මතු කළද, ආසියානු පැසිෆික් විකාශන සංගමයේ අනුමැතියෙන් මෙරට ක‍්‍රීඩා ලෝලීන්ට ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ උණුසුම උපරිමයෙන් ලබාදීමට සිරස නාලිකාව සුදානම් බවයි.
මෙම අවස්ථාවට මහරාජා සමුහයේ සාමාන්‍යාධිකාරී මොහාන් බහරාරා, එහි අධ්‍යක්‍ෂවරුන් වන නීඞ්රා වීරසිංහ, ශාන්ති භාග්‍යරත්නම් සහ එම්. ටී. වී. නාලිකා ප‍්‍රධානී චෙවාන් ඩැනියල් යන මහත්ම මහත්මීහු සහභාගිවුහ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිරස තමයි හොද sports 1st සිරසම තමයි.
අපිනම් කාට හම්බුනත් එකයි , වෙළද දැන්වීම් බලලම එපාවෙයි අපිට.
ඒ කමෙන්ට්ස් දැම්මෙ කවුද කියල අපි දන්නවා...................
අපොයි ඉවරයි........c.s.n තමයි හොඳම.
සිංලයින් කෝ.........මේ කවුද?
ඒක හරි.ඒත් සිරස තමයි හොඳ.
සිරස තමයි හොඳ.ඒකට ලැබුණු එක හොඳයි......
නියමයි සිරස ....නියමයි...
සිරස තමයි නොම්මර එකේ නාලිකාව...
සිරසට ලැබුණු එකට සන්තෝෂයි..
සිරසෙන් අළුත් විදියට මේකත් කරාවි.අපි කවුරුත් සිරස පාවිච්චි කරල වැඩ කරමු.
ග්‍රී ලංකාවේ නොම්මර එකේ නාලිකාව සිරස තමයි...
ටීවී නම් සිරස තමයි .කතා දෙකක් නෑ.
එහෙනම් මොකද කෝටි ගානක් අරන් රුපවාහිනියට ඕක විකුණුවේ? ඉල්ලන හැම කෙනාටම දෙනවා නම් ?
සිරස නියමෙට දෙයි.
සිරස සිරස මය
අපෝ.. වෙළද දැන්වීම් බලලම එපාවෙයි අපිට
ක්‍රීඩාව දුෂණයෙන් ගලවා එහි උන්නතිය වෙනුවෙන් කටයුතු කරන්න සිරස තමයි ඔලිම්පික් වල විකාශනයට නියම හිමිකරු.සිරසට ජය !!
සිරස හොඳයි ...........ට.
සිරසත් හොඳයි.
දැන්වීම් බල බල ඉන්න පුළුවන් නියමෙට...
ඔලිම්පිකුත් ඉවරයි...
සිරසද ? සී.එන්.එස් ද? නියමා.....යි.....
අපිනම් කාට හම්බුනත් එකයි.....
ලංකාවේ අංක එකේ නාලිකාව සිරස. අංක එකේ ප්‍රවෘත්ති සිරස
නියමයි