(රෝෂන් තුෂාර)
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයෙකුට බැණ පහරදී තර්ජනය කළේ යැයි චෝදනාලත් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය අද (07) නියෝග කළාය.
එම නඩුවේ තෙවැනි සැකකරු ලෙස නම්කර සිටින හිටපු නාගරික මන්ත්‍රීවරයකු වන ලාල් පීරිස් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද නියෝග කළ මහේස්ත්‍රාත්වරිය ඔහුගේ විදේශ ගමන් තහනම් කිරීමට ද නියෝග කළාය.
2007 වසරේදී මැර කණ්ඩායමක් සමග රූපවාහිනී සංස්ථාවට ඇතුළු වී ප්‍රවෘත්ති අධ්‍යක්ෂකවරයාට පහරදීම තර්ජනය කිරීම ඇතුළු චෝදනා යටතේ මර්වින් සිල්වා මහතා ඇතුළු තිදෙනෙකුට එරෙහිව මෙම නඩුව පවරා ඇත.
මර්වින් සිල්වා සැකකරුට රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් නියම කෙරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව අවුරුදු 17 කින් නඩුව අහන්න පටන් අරන් ඊටත් අවුරුදු 17 කට පස්සේ තීන්දුව දෙවී
මෙපමණ කලක් එළියේ සිටියේ අප නැතුවද හා ?