කොටදෙනියාවේ සේයා සදෙව්මිගේ අවසන්කටයුතුවලින් පසු සැකකරුවන් අත්අඩංගුවට ගන්නැයි බලකරමින් දැරියගේ නිවසට බලෙන් ඇතුළු වූ බව කියන දෙදෙනෙක් පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
මේ වන විට 2000ක් පමණ නිවස අසල රැස්ව සිටිති. ඒ අතර ගාල්ල, මාතර, කුරුණෑගල පැතිවලින් ආ පිරිස් ද වෙති.
දැරිය ඝාතනය කළ පාපතරයා කවුදැයි හෙළි කරන ලෙස ඔවුහු ඉල්ලති.
පොලිස් පරීක්ෂණ අවසන්වන තුරු සාමකාමීව ඉවසීමෙන් සිටින්නැයි සමාජසේවා හා සමාජය සුබසාධන ඇමැති රංජන් රාමනායක මහතා එම ස්ථානයට පැමිණ ඉල්ලීමක් කළේය.
ප්‍රදේශයේ ආරක්ෂාව තර කර ඇත.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd