වැලිවේරිය සහ මල්වතුහිරිපිටිය පොලිස් වසම්හි ලබන 20 වැනිදා තෙක් වාහන පෙළපාළි, පුද්ගල පෙළපාළි සහ පස් දෙනකුට වැඩි පිරිසකගේ රැස්වීමේ පොලිසියේ අවසරයකින් තොරව පැවැත්වීම තහනම් කරමින් ගම්පහ වැඩබලන මහේස්ත්‍රාත් සමරානි මුදලිගේ මහත්මිය අද (13) නියෝගයක් නිකුත් කළාය.
ප්‍රදේශයේ සාමය ආරක්ෂා කිරීම පිණිස උද්ඝෝෂණ සහ පෙළපාළි තහනම් කරන්නැයි කියමින් ගම්පහ සහකාර පොලිස් අධිකාරී චන්දන කොඩිතුවක්කු මහතා විසින් අද (13) දහවල් 12ට පමණ වැඩබලන මහේස්ත්‍රාත් හමුවේ කළ කරුණු දැක්වීමකට අනුව එම නියෝගය නිකුත් කැරිණි.
රතුපස්වල කර්මාන්ත ශාලාව වසා දමන්නැයි කළ උද්ඝෝෂණ නිසා වෙඩි වැදී තිදෙනකු මියගොස් ඇති බවටත්, ඌරුවල විහාරස්ථානයකට පහර දීමේ සිද්ධියක් පෙරේදා (12) වාර්තා වූ බවත්, උද්ඝෝෂණ හෝ පෙළපාළි පැවතියහොත් තවත් සිදුවීම් ඇති විය හැකි බැවින් සාමය ආරක්ෂා කර ගැනීම සඳහා නියෝගක් අවශ්‍ය බවත් කියමින් සහකාර පොලිස් අධිකාරී කරුණු දැක්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට කරන්ඩ දෙයක් නැහැ. ඇයි විරුද්ධ පක්ෂ මේකට අත ගහන්නේ නැත්තේ. ගරු සරත් ෆොන්සේකා මහත්තයත්, ගරු සජිත් ප්‍රේමදාස මහත්තයට, ගරු කරු ජයසූරිය, ගරු රනිල් වික්‍රමසිංහ, ජ.වි.පෙ එකටත් මේ ගැන කතා කල හැකිනේ. (නදී)
මෙහෙම අධිකරණ නියෝගයක් තිබුනත් කොහොමහරි පෙළපාලි යන්න කට්ටියකට ඕනෑ වෙලා තියෙනවනේ. ඒකෙ ප්‍රතිපලය හොඳටම දැනගෙන එහෙම නීති විරෝධී පෙළපාලියක් යන්න තියෙන වුවමනාව මොකක්ද? අහිංසකයින්ව උසිගන්නලා බිල්ලක් දීලා ඒ මතින් වාසි ගැනීමද? (නි)
අපි ගරු අදිකරණයේ තීන්දුවට ගරු කරමු . (නදී)
මේක මාර කෙලියක් නේ .රතුපස්වල නිදහසේ මගුල් උත්සවයක් වත් පවත්වන්න බැරිවෙයිද ? (නදී)
ලංකාවේ විරුද්ධ පක්ෂ වලට කරන දේම තමා මේ රතුපස්වල ජනයාටත් කරන්නේ. මරා දැමීම,මිලදී බිලී බා ගැනීම ,බිය වැද්දීම,පැහැර ගැනීම.(නදී)
මේ කම්හල විරුද්ධ පක්ෂිකයෙකුගේ නම් එක දිනකින් වසා දමා ඉවරයි.(නදී)
අනේ මන්දා ආණ්ඩුව කරන්නේ ලොක්කන්ව ආරක්ෂා කරන එක. දැන් බලන්න පේමන්ට් හදන හැටි. කොටුවේ මුදල් අමාත්‍යාංශ ඉස්සරහ හදන පේමන‍්‍ට් එක. එක වැස්සයි අල්ලපු ගල්කැඩිලා. මාස ගාණක් හදනවා තාම ඉවර නැහැ . දවසකට එක ගලයි අල්ලන්නේ. පයින් යන්නේ පුදුම අමාරුවකින්. හදන එකේ තත්වය අන්තිමයි. තිබුණු විදිහ හොදයි. කොන්ත්‍රාත් කාරයෝ ගසා කනකම් ආණ්ඩුව බලාගෙන ඉන්නවා. ව්‍යාපෘති අධ්‍යක්ෂකලා හොරුද කොහේදෝ. අපරාදේ මිනිස්සුන්ගේ සල්ලි.(නදී)
ගරු අධිකරණයට අපි හිස නමන්නෙමු. කිසිම වගකිවයුතු පුද්ගලයෙක් මේ ප්‍රශ්නයට මැදිහත් වන්නේ නැත. ලක්ෂ ගණනක් ජිවිත එක්ක මෙයාල සෙල්ලම් කරනවා .රජය හරි තීරණයක් ගන්න ඕනා .නැත්නම් මේ මිනිසුන්න්ට කරන පවට ජාති ජාති වන්දි ගෙවන්න වේවි.(නදී)
මහින්ද වික්‍රමසිංහ මහතාගේ කතාවට මගේ ස්තුතිය. (ස)
අවසානයේ නියමිත ස්ථානයට ඔවුන් සැපත් වූහ. (නදී)