ඉන්දීය දමිළ සිනමාවේ අදටත් සුපිරි වීරයා ලෙස සැළකන රාජිනිකාන්ත්ගේ අලුත්ම චිත්‍රපටය වන "2.0" මේ දිනවල රූපගත කිරීම් ආරම්භ කර තිබේ. ජනප්‍රිය දමිළ චිත්‍රපට කිහිපයක්ම අධ්‍යක්ෂණය කර ඇත ශේකර්ගේ අලුත්ම සිනමා අධ්‍යක්ෂණය වන "2.0" චිත්‍රපටය සඳහා ඉන්දීය රුපියල් කෝටි 350ක් නිෂ්පාදනයක් බව මේ වනවිට ගණන් බලා ඇත. මෙය එදා මෙදා තුර කොලිවුඩ් චිත්‍රපටයක් සඳහා වැය කරන ඉහළම නිෂ්පාදන මුදල වේ. මීට පෙර කොලිවුඩ් චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීම සඳහා වැය කළ ඉහළම මුදල වී තිබුණේ පසුගිය වසරේ අති සාර්ථක තිරගත වූ "බාහූබලී" චිත්‍රපටයයි. "2.0" චිත්‍රපටය සඳහා රාජිණිකාන්ත්ට අමතරව බොලිවුඩ් සිනමාවේ ජනප්‍රියම නළුවෙකු වන ආක්ෂේ කුමාර්ද එක්ව සිටින අතර, ඔහු මෙහි එන ඩොක්ටර් රිචඩ්ගේ නම් දුෂ්ඨ චරිතයට පණ පොවනු ලබයි.
ආක්ෂේ දමිල චිත්‍රපටයක රංගනයේ යෙදෙන පළමු අවස්ථාව මෙය වන අතර, ඔහු රඟපෑ "අජනබි" චිත්‍රපටයෙන් පසුව දුෂ්ඨ චරිතයක් සඳහා එක්වෙන පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි. මෙම චිත්‍රපටයේ රාජිනිකාන්ත්ගේ පෙම්වතිය ලෙස සුරූපි ඇමී ජැක්සන් රංගනයේ දායක වේ. "2.0" චිත්‍රපටය මීට පෙර ශේකර් විසින් නිර්මාණය කළ "එන්දිරන්" චිත්‍රපටයේ දෙවැනි කොටස වේ. දැනට ලැබෙන තොරතුරු වලට අනුව මෙම චිත්‍රපටය ලබන වසරේ ඉන්දීය සිනමාවේ ප්‍රදර්ශනය කිරීමට නියමිතව ඇත. පහත දැක්වෙන්නේ "2.0" චිත්‍රපටයේ ආක්ෂේ පෙනි සිටින රූපගත කිරීමක්.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ මේ වගේ දැවැන්ත සිනමා කර්මාන්තයක් පේන තෙක් මානෙක් දකින්න පුලුවන්කමක් නැහැ. සිනමාන නගා හිටුවන්න කියලා සමහර රංගන ශිල්පීන් ඒ වගේම රංගන ශිල්පිනියන් වරින් වර පාර්ලිමේන්තු යනවා අසරණ අහිංසක රසික ජනතාවගේ මහජන වරම ලබා දෙන ඡන්දයෙන් වැඩිම මනාප ලබා ගෙන නමුත් ඒ ගිය එක්කෙනෙකුගෙන් වත් මේ තාක් අවංකව මෙරට සිනමා කාර්මාන්තයකට අබැටකවත් සේවයක් සිදු වෙලා නැහැ. මේ විදිහට දැවැන්ත සිනමා නිර්මාණ අපේ වගේ රටවල හැදෙනකොට නම් තවත් කාලයක් මේ රටේ ප්‍රේ්ක්ෂක ජනතාවට සිනමා ලෝලීන්ට බලා ඉන්නට සිදු වේවි. (බ)