IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


2.0 හදන්න කෝටි 350ක් වියදම් කරයි

20160324-ent-15

20160324-ent-16ඉන්දීය දමිළ සිනමාවේ අදටත් සුපිරි වීරයා ලෙස සැළකන රාජිනිකාන්ත්ගේ අලුත්ම චිත්‍රපටය වන "2.0" මේ දිනවල රූපගත කිරීම් ආරම්භ කර තිබේ. ජනප්‍රිය දමිළ චිත්‍රපට කිහිපයක්ම අධ්‍යක්ෂණය කර ඇත ශේකර්ගේ අලුත්ම සිනමා අධ්‍යක්ෂණය වන "2.0" චිත්‍රපටය සඳහා ඉන්දීය රුපියල් කෝටි 350ක් නිෂ්පාදනයක් බව මේ වනවිට ගණන් බලා ඇත. මෙය එදා මෙදා තුර කොලිවුඩ් චිත්‍රපටයක් සඳහා වැය කරන ඉහළම නිෂ්පාදන මුදල වේ. මීට පෙර කොලිවුඩ් චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීම සඳහා වැය කළ ඉහළම මුදල වී තිබුණේ පසුගිය වසරේ අති සාර්ථක තිරගත වූ "බාහූබලී" චිත්‍රපටයයි. "2.0" චිත්‍රපටය සඳහා රාජිණිකාන්ත්ට අමතරව බොලිවුඩ් සිනමාවේ ජනප්‍රියම නළුවෙකු වන ආක්ෂේ කුමාර්ද එක්ව සිටින අතර, ඔහු මෙහි එන ඩොක්ටර් රිචඩ්ගේ නම් දුෂ්ඨ චරිතයට පණ පොවනු ලබයි.

ආක්ෂේ දමිල චිත්‍රපටයක රංගනයේ යෙදෙන පළමු අවස්ථාව මෙය වන අතර, ඔහු රඟපෑ "අජනබි" චිත්‍රපටයෙන් පසුව දුෂ්ඨ චරිතයක් සඳහා එක්වෙන පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි. මෙම චිත්‍රපටයේ රාජිනිකාන්ත්ගේ පෙම්වතිය ලෙස සුරූපි ඇමී ජැක්සන් රංගනයේ දායක වේ. "2.0" චිත්‍රපටය මීට පෙර ශේකර් විසින් නිර්මාණය කළ "එන්දිරන්" චිත්‍රපටයේ දෙවැනි කොටස වේ. දැනට ලැබෙන තොරතුරු වලට අනුව මෙම චිත්‍රපටය ලබන වසරේ ඉන්දීය සිනමාවේ ප්‍රදර්ශනය කිරීමට නියමිතව ඇත. පහත දැක්වෙන්නේ "2.0" චිත්‍රපටයේ ආක්ෂේ පෙනි සිටින රූපගත කිරීමක්.

 

20160324-ent-14



අදහස් (0)

2.0 හදන්න කෝටි 350ක් වියදම් කරයි

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Thursday, 24 March 2016 08:34 AM

අපේ රටේ මේ වගේ දැවැන්ත සිනමා කර්මාන්තයක් පේන තෙක් මානෙක් දකින්න පුලුවන්කමක් නැහැ. සිනමාන නගා හිටුවන්න කියලා සමහර රංගන ශිල්පීන් ඒ වගේම රංගන ශිල්පිනියන් වරින් වර පාර්ලිමේන්තු යනවා අසරණ අහිංසක රසික ජනතාවගේ මහජන වරම ලබා දෙන ඡන්දයෙන් වැඩිම මනාප ලබා ගෙන නමුත් ඒ ගිය එක්කෙනෙකුගෙන් වත් මේ තාක් අවංකව මෙරට සිනමා කාර්මාන්තයකට අබැටකවත් සේවයක් සිදු වෙලා නැහැ. මේ විදිහට දැවැන්ත සිනමා නිර්මාණ අපේ වගේ රටවල හැදෙනකොට නම් තවත් කාලයක් මේ රටේ ප්‍රේ්ක්ෂක ජනතාවට සිනමා ලෝලීන්ට බලා ඉන්නට සිදු වේවි. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 669 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site