ජනාධිපති බලතල කිහිපයක් ඉවත් කිරීම සඳහා යෝජිත 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සංශෝධනයට නීතිපති යුවන්ජන් විජේතිලක මහතා විසින් කෙටුම්පත් කැරුණු සංශෝධනයට විපක්ෂය අද විරුද්ධ විය.
19 වැනි සංශෝධනයේ ඇතැම් වගන්ති ජනමත විචාරණයකට යොමු කරන ලෙස ශ්‍රෙෂ්ඨාධිකරණය කතානායකට දැන්වීය. විපක්ෂයේ විරෝධයෙන් පසුව මතු වු තත්ත්වය ගැන සාකච්ඡා කිරීමට පක්ෂ නායක හමුවක් ලබන සඳුදා පැවැත්වීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිවිතුරු ,කැමැත්ත අකමැත්ත අපිට වැඩක් නැහැ. අපි යනවා ජනතාවගේ කැමැත්ත ගන්න. සමහරු හිතනවා තමන්ගේ යටි අරමුණු ඉටුකරගන්න. (නි)
බලය ලබාගන්න තමාගේ වාසියට ව්‍යවස්ථා හැදීම විහිළුවක්.මේ දේශපාලනය කරන උදවිය මුලින්ම රටට ආදරය කරන්න පුරුදු වියයුතුය.රට නොබෙදී ආරක්ෂාව සුරක්ෂිතව ඉදිරියට ගෙනයාමට තේරුම්ගත යුතුය. (නි)
පාර්ලිමේන්තුව වහාම විසුරුවන්න ඕනෑ. (නි)
ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ වන අය 18 ට අත්උස්සපු අයද? (නි)
අපිට නම් මේවා තේරෙන්නෙ නැහැ (නි)
යහපාලනයට තියෙන්නේ බොහොම කෙටි ආයුෂක් කියන එක දේශපාලනයේ හය හතර තේරෙන ඕනෑම කෙනෙකුට පැහැදිලි වන සත්‍යයක්. (නි)
ජනමතයට පයින් ගහල මෙහෙම අසාධාරනකම් කරන්න ගියොත් අන්තිමේට වෙන්නේ ජනාධිපතිතුමාට යුඑන්පි එකයි ශ්‍රී ලංකා එකයි විතරක් නෙවෙයි නිර්පාක්ෂික ජනමතයත් නැතිවෙන එකයි. (නදී)
රෂිකා , මාටින් මහතා බොහොම හරි . මංගල මහතා 18 ට වඩා 19 සංකීර්ණයි , රටේ ස්වාධීනත්වයට , ස්වෛරී භාවයට බලපානවා , 18 කියන්නේ රට ඇතුළේ , පක්ෂ ඇතුළේ දෙයක් , අනෙක 18 වරදක් නෑ, තියෙන එකම වරද තමා ( එකම හා ලොකුම ) , ස්වාධීන කොමිෂන් සබා යටපත් කිරීමයි. මේක තමා මහින්ද මහතා ඇති වෙච්ච ලොකුම වරද හා මෛත්‍රී මහතා අතින් නිවරදි විය යුතුයි . 1978 ආණ්ඩු ක්‍රම වියවස්තාවේ ලොකුම හා බයානකම 13 සන්සොදනයයි , එක අපිට ඉන්දිආව බලෙන් පටවපු එකක් , තාම බෑ ඒ උගුලෙන් ගැලවෙන්න . ඒක අත්සන් කළේ ඇඳිරි නිතිය දාල පක්ෂේ අගමැති ප්‍රේමදාස මහතාට ත් නොකියා . 1948 ඉදන් ලංකා දේශපාලන ඉතිහාසයේ ඉල්ලා අස්වුණා එකම දේශපාලකයා ගාමණි ජයසුරිය මහතායි . එතුමා 13 ට විරෝධය පාලා කොන්ද කෙලින් තබා ගෙන එජාප පාලන පක්ෂෙන් ඉල්ලා අස්වී දේශපාලනෙන් සමු ගත්තා (බ)
මේ පාර්ලිමේන්තුව වහාම විසුරුවා හැර අලුත් විරුද්ධ පක්ෂයක් බිහි කරමු. දුෂිතයන්,තක්කඩින් එලවමු. මෛත්‍රී මහතාට සහයෝගය දෙමු. (නදී)
පිවිතුරු අයියා. මෛත්‍රී මහතාට කවුරුත් පක්ෂයි කියලයි උඩින් නම් පෙනෙන්නේ. නමුත් ඇතුලාන්තයෙන් එහෙම නොවෙයි කියලා මේ වගේ දේවලින් පෙනෙනවා නේද.? කොහොමටත් මෙය රටේ අනාගතයට බලපාන ප්‍රශ්නයක් නිසා හැල හැප්පිලි මැදින් සම්මතවිම හොඳයි මම සිතනවා. එවිට හොඳම දේ ජනතාවට රටට ලැබෙයි.(නදී)
මෛත්‍රී මහතා ශ්‍රී ලනිපයේ නායකයා උනේ මහජන කැමැත්තට හෝ පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ගේ කැමැත්තට හෝ නොවෙයි නිකන්ම නිල බලයට පමණි. ඉතින් එතුමාට පක්ෂය තුල සදාචාරත්මත්ක කැමැත්තක් නැහැ. අනෙක 19 බොහොම තදින් අධ්‍යනය කළ යුතුයි. මොකද විධායක ජනාධිපති ක්‍රමය හා සමානුපාතික මැතිවරණ ක්‍රමය ගහට පොත්ත වගේ. විධායක ජනාධිපති ක්‍රමයේ අසීමිත බලතල අඩු කල යුතුයි. නමුත් අනිවාර්යෙන්ම ලංකාවට එය අවශ්‍යයි. මොකද ලංකාව ප්‍රශ්ණ තියෙන තැනක්. විධායක ක්‍රමය නොතිබුනාම කවදාවත් ත්‍රස්තවාදය පරාජය කළ නොහැක. මේ මැතිවරණ සංශෝදනයත් අපිට පිටින් එන බව මගේ විශ්වාසයයි. මොකද ජනතාවට මේවා අත්‍යවශ්‍ය දේවල් නොවේ. නමුත් ස්වාධීන කොම්ෂන් 5 නම් අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කළ යුතුයි. මහින්ද මහතා කරපු ලොකුම වරද නම් ඒවා ක්‍රියාත්මක නොකර 18 මගින් 17 යට කිරීමයි. විධායක ක්‍රමයේ බලතල ගොඩක් අඩු කරනවා නම් ඇයි මහජන සල්ලි වියදම් කරලා ජනාධිපති කෙනෙක් පත් කරගන්නේ ? මගේ පුද්ගලික මතය නම් ලංකාව වගේ බහු ජාතික , බහු ආගමික රටක , කලාප වශයෙන් චන්ද පදනම වෙනස් වන රටක , බහුතරය සුළුතරය මගින් තීරණය වන රටක ප්‍රබල විධායක ජනාධිපති කෙනෙකු අවශ්‍යයි. (නදී)
එකිනෙකට නොපැහෙන විවිධ මත දරන්නන් එකතුවී බිහිකළ පියෙක් නොදන්නා මේ යහපාලන අවජාතක දරුවාට තියෙන්නේ බොහොම කෙටි ආයුෂක් කියන එක දේශපාලනේ හය හතර තේරෙන ඕනෑම කෙනෙකුට පැහැදිලිවන සත්‍යයක්.19 අවශ්‍ය අද යු අන් පි එකට පමණයි..දින සීයෙන් සියල්ල අත ඇරලා වෙස්සන්තර වෙන්න ආපු ඒ පොරොන්දු නිසාම ජනපති වුණු මෛත්‍රී මහත්තයට දැන් දුන් පොරොන්දු මතක උනත් ඒවා ඉටු කරන්න අමතකයි..මුකුත් නෙමෙයි ..පුටුවේ රහ වැටිලා..ඒකයි..රනිල් මහත්තයට ඔය පුටුවේ වාඩි වෙන්න ලැබෙන්නේ නැති බව දන්නා හින්ද එතුමා මේ 19 ට දත කෑවත් එතුමාට ලබන මැතිවරනෙන් පස්සේ අගමැතිකම නෙමෙයි විපක්ෂ නායක කමත් නැතිව නන්නත්තාර වෙන්න තමයි වෙන්නේ..(බ)
ලංකාවට වඩාත් උචිත දේ සම්මත කරනවා මිස අරයා මෙයා නිසා අත් උස්සා සම්මත කිරීම වැරදිය. ලංකාවේ මිනිසුන් ව්‍යවස්ථාවක් යනු කුමක්දැයි මීට වඩා අවබෝධයක් ලබාගැනීම වැදගත්ය. (නි)
පුදුම වෙන්න දෙයක් නැහැ මේ ගැන (නි)
ව්‍යවස්ථා කුමන්ත්‍රණයට අසුවිය යුතුනැහැ (නි)
අළුත් සංශෝධනත් අධිකරණයට යොමුකර අනුමත කරවා ගතයුතුයි. හොරාට වැඩේ කරන්න යනවා නම් විරුද්ධ වියයුතුයි. (නි)
ව්‍යස්ථා සංශෝධනය මෛත්‍රී මහත්තයාගේ පොරොන්දුවක් නම් එතුමාට ඒක ඉටුකරන්න අවශ්‍ය නම් එතුමා නායකත්වය දරන පක්ෂයේ සහයෝගය එතුමාට ඒකට ලබාගන්න බැහැ කියනවා නම් ඒක ලෝක පුදුමයක්. (නි)
මේ ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සංශෝධනයට විරුද්ධව ජනාධිපතිතුමාගේ කකුලෙන් අදින අයගේ අත්බැඳලා හරි, මේවා සම්මත කරගත යුතුයි. (නි)