19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමෙන් පසුව පාර්ලිමේන්තුව විසුරුවා හරින බව මෛත්‍රිපාල සිරිසේන ජනපති පොළොන්නරුවේදී අද (9) ප්‍රකාශ කළේය.
ලබන 20 වැනිදා එම සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් ජනපති කීවේය. විධායක ජනපති ක්‍රමයේ අත්තනෝමතික බලතල ඉවත් කරන බව සිරිසේන මහතා පසුගිය ජනපතිවරණයේදී ප්‍රකාශ කළේය.
තමා යළිත් ජනපති ධූරයට තරඟ නොකරන බවත් ධූර කාලයද වසර 6 සිට වසරකින් අඩුකළ බවත් ජනපති සිය ධූරය බාරගනිමින් ජාතිය අමතා ප්‍රකාශ කළේය.
පොළොන්නරුව විද්‍යාපීඨ ගුරුවරුන්ගේ ක්‍රීඩා තරඟයකදී ජනපති මේ අදහස් දැක්වීය. ජනපති ප්‍රකාශ කළේ දැනට පවත්නා අවුල් වියවුල් සහගත වටපිටාව පාර්ලිමේන්තුව විසිරවීමෙන් පසුව නැතිවී යන බවයි. මැතිවරණයෙන් අලුත් රජයක් පත්වූ පසු අද තිබෙන තත්ත්වය නැතිවී යාවි. යනුවෙන්ද ජනපති කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
18 කියන්නේ අසීමාන්තික වාර ගානක් ඉන්ට ඕන කියල හදපු එක. 19 කියන්නේ" අනේ මගේ අසීමාන්තික බලතල එපෝ" කියල හදන්ට යන එක. . සත්‍ය පාල වැනි අයට සත්‍ය නොපෙනීම තමා රටේ කරුමේ. දින 100න් පසු අලුත් පාර්ලිමේන්තුවක් හදන බව කලින් කියා තිබුනනේ. (ස)
අනේ මොනව කියනවද සඳුන්. ඒ දෙන්නටයි ඔයාටයි තමයි රට කරවන්න පුළුවන්. ඔයටනම් හොඳ අර සුමනදසගේ ජොබ් එක. (ස)
සඳුන් වගේ ළිං ගෙම්බෝ නිසා තමයි මේ රට විනාශ වෙන්නේ. අවබෝධය බොහොම දුර්වලයි. (නි)
විධායක බලය අහෝසි කරනවා කියා දුන් ප්‍රධාන ඡන්ද පොරොන්දුව ඉටුවෙන්නේ කවදාද? (නි)
හොඳදේට අපි හොඳයි කියනවා (නි)
අර සියල්ලෝම පැවසූ දස ගුණයේ සංවර්ධනය කොහේද? (නි)
අවුල් සහගත වට පිටාවක් තියනවා කියලා ඡන්දෙ දීපු අයට නොතේරුනාට ජනාධිපතිතුමාටත් තේරෙනවා එහෙනම් (දිල්)
අනිවාර්යෙන් මේක අවුල් සහගතයි. ගිය ආණ්ඩුවට 2/3 ක බහුතරයක් තිබුන පාර්ලිමේන්තුවක් මේක. (ර)
භාණ්ඩාගාර බිල් පනතට වුණදේම ඕකටත් සිදුවෙයි කියා මට හිතනවා. වඩා හොඳයි ජනමත විමසුමක් කළා නම් (නි)
මට බලය අඩුකරගන්න ඕනෑ කියන පළවන ජනපති. අපි එතුමාට පුළුවන්තරම් සහයෝගය දෙන්න ඕනෑ. (නි)
ජනතාව රවටමින් මහජන මුදල් කෝටිගානක් හොරකම් කරලා නිකං තොත්තබබාලා වෙන්න හදන කම්බා හොරු ඉදිරි මහ මැතිවරණයේදි නැවත නොඑන්නම පන්නා දමමු. මේ හොරු ගැන ලක්‍ෂ 63ක ජනතාව හොඳටම දන්නවා. දැනට විශාල සහනයක් ජනතාවට ලැබිලා. මේ සැරේ තමයි අවුරුදු 35 කට පස්සෙ සිංහල දමිළ ජනතාව හරියට අවුරුදු කන්නෙ. ඇඳුම් පැළඳුම්, ආහාරපාන, එලවළු මිල, දුරකථන ගාස්තු, බස් ගාස්තු, තෙල්මිල අඩුවෙලා. වැටුප් වැඩිවෙලා. වෙනදාට වඩා ජනතාව අතරේ ගොඩක් මුදල් සංසරණය වෙනවා. මෙන්න යහපාලනය! මේ ගැන කරකියාගත හැකි දෙයක් නැති දේශපාලන හොරු කෑගහනවා. (නි)
පින්සිද්ධ වෙනවා අපිට අළුත් ආණ්ඩුවක් හදාගන්න උදව් කළාට. පොඩ්ඩක් ඉන්න අපේ ආණ්ඩුව හරියට හැදුනහම අනිත් ටික බලාගමු (නි)
සම්මත කරගත්තාට පස්සේ විසුරවන්න පුළුවන් වෙයිද කියලා සැකයකුත් මට නම් තිබෙනවා (නි)
පි.සත්‍යපාල රට වෙනුවෙන් දක්වන ඔබගේ අදහස් වලට ගරු කරමි. පසුගිය රජය කාලේ විශාල වශයෙන් දුෂණ හා වංචා සිදු බව නොරහසකි. නමුත් ඒ වෙනුවෙන් රට අනාරක්ෂිත වීමට ඉඩ දිය යුතුද ? රටට අවශ්‍ය බේරා ගත් රට රැක ගත හැකි සහ ඉදිරි අවිනිශ්චිත තත්වයන්ට මුහුණ දිය හැකි නායකයෙකි. මහින්ද මහතා හෝ මෛත්‍රී වේවා අපට කම් නැත. නමුත් රටේ අවශ්‍යතාවය තේරුම් ගෙන අදහස් දැක්වීම වඩා වැදගත් බව මගේ අදහසයි. අද රටේ තත්වය 2009 ට වඩා කලින් ටත් බයානක බව දන්නේ කීයෙන් කි දෙනාද ? (නදී)
යමන්ත මහතාණෙනි, ණයට හෝ පොළියට සල්ලි ගෙන හෝ ආණ්ඩුවට පාඩු කරගෙන, බදු අඩුකිරීමෙන් ලැබෙන තාවකාලික සහන හරියට ක්‍රෙඩිට් කාඩ් එකකින් ණයට කනවා වගේ. බිල ආවහම තමා තේරෙන්නේ කරපු මෝඩකම. (නි)
ඉතින් විජිත්, ඔයා හිතන්නේ මේක කරන්න පුළුවන් කියලද? (නි)
"19 සම්මත කරගත් ගමන් මැතිසබය විසුරුවනවා - ජනපති" ඕක සම්මත කරලා විසුරුවන්නේ මොන මගුලකටද? සම්මත කරගන්න මරාගන්න හදන්න එපා. ඔය යෝජනා ජනතාව ඉදිරියට දාන්න. රටේ ජනතාව තීරණය කරයි. රටට හොදද නරකද කියල. එක නේද නියම ප්‍රජාතන්ත්‍රවාදය ? (ස)
ඇත්තටම මේ තිබෙන බලය වැඩියි තමයි (නි)
මහින්ද මහතා බිලියන බිලියනයක් හොරකම් කළා කියලා උපකල්පනය කරමු. නමුත් 30 අවුරුදු කුරිරු යුද්ධය අවු 5 නවතා , ඉතිරි කර බේරාදුන් ජීවිත වල මිල කීයද කියලා පුලුවන් නම් හදලා කියන්න දන්නා කෙනෙක් ඉන්නවා නම්. නමුත් ඒ සදහා යුද්ධය නිසා මියගිය ජීවිත වල හා අබ්බගාත වූ අයගේ මිල ගණන මුලින් ගණනය කළයුතුයි. පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ඒ නැතිවූ හා සදාකල් අබ්බගාත වූ ජීවිත වල මිල තක්සේරු කර මෙහි පළකරන්න. ඉන්පසු මහින්ද මහතා හොරකම් කළා යැයි කියන මුදල් හා සසඳා මෙහි පළකරන මෙන් කාරුණිකව ඉල්ලමි (නි)
අසම්මත උනත් විසුරුවන්න. පාර්ලිමේන්තු ජෝක් ඇතිවෙලා. (ර)
ලැම්බෝගිනි අශ්වයො කෝ ? දැන් කියනවා රටපටවලාලු.කටකතා හදලා ජනතාවගේ ඔලු හෝදපු අවාසනාව තමයි ඔය ගෙවන්නේ. (නි)
හොඳයි අපි බලමුකෝ වෙන්නේ මොකක්ද කියලා (නි)
සනත්, ඔබ හරියටම හරි (නි)
ඔය ලේ කොලපාට හැමදාම යූඇන්පී හෝ ලේ නිල්පාට හැමදාම ශ්‍රී ලංකා කාරයෝ නොවෙයි ආණ්ඩු වෙනස්කළේ. රට ලෝකේ ගැන අත්දැකීම් තිබෙන හොඳ නරක තේරෙන රට ගැන කැක්කුමක් ඇති උදවිය.මහින්ද වැරදි පාරේ යනකොට කෑගහුවෙත් අපි. මහින්ද එලෙවුවෙත් අපි.එහෙම එලවල මේ ආණ්ඩුව යනදිහා බලන් හිටිය.කිසිම දෙයක් විසදගන්න බැරිවෙලා දගලන දැගලිල්ල දැක්කම, දුන්න බලය වෙන අය අතට දීලා හරියට කපිතාන් නැතිව හුළගේ යන නැවක් වගේ එක එක්කනා සුක්කානම එහෙට මෙහෙට කරකවමින් මුහුදුබත් වන්නට පෙර, මහා විනාශයක් වෙන්නට පෙර හිටපු කපිතන්ට නැව දෙන එක තමයි දැනට තිබෙන හොදම විකල්පය. ඒ වෙනුවෙන් පෙනිසිටිනවා.කුනාටුව ඉවරවෙලා ගොඩබිමක් පෙනෙනවිට තව හොද කපිතාන් කෙනෙක් හිටියොත් එතකොට මෙයාවත් එලවනවා.එකයි අපේ දේශපාලනය.මේ යන විදිහට ගියොත් " අපිම දන්නේ නෑ මේ නැව අපිත් එක්ක ගිලෙනකම්"(බ)
ඒ කියන්නේ මැතිසබය විසුරවනවාට විරුද්ධ කට්ටිය 19 ට ඡන්දය දෙන්න එපාද? (නි)
මහානාම, ඔයා ඔය රට රැකගත් විරුවන්ව දේශපාලන වාසි වලට ගාවාගන්න එපා. (නි)
සත්‍යපාල, ඔයාගෙ නායකයා 18 සම්මත කළෙත් ජනතාවගෙන් අහලා නියම ප්‍රජාතන්ත්‍රවාදී විදියට නේද? ඔවා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට. (නි)
ඇත්තට එතුමාට මේතරම් බලතල වලින් වැඩක් නැතුව ඇති! (නි)
අපි බලමුකෝ එහෙමම වෙයිද කියලා (නි)
18 සහ 19 වෙනස මෙන්න. 18- අවස්ථාවාදීවීම , බලයට කෑදරවීම... 19-තැනට සුදුසු නුවණ , දුරදක්නා නුවණ , පරාර්ථකාමී වීම , රටේ සුබසිද්ධිය ගැන සිතීම, ප්‍රජාතන්ත්‍රවාදී වීම (නි)
ඔය කියන 19 සම්මත වෙන්නේ නෑ .. එක නම් ස්ථිරයි (ම)
සමන්,මගේ නායකයා 18 සම්මත කළ විදිහ වැරදියි කියමුකෝ.එහෙම වැරදි වැඩක් කළ මගේ නායකයා අන්තිම වැරදියි කියමුකෝ. ඒත් ඊට වඩා නවීන යුගයේ දැනුත් කවුරුහරි එවැනිම වැඩ කරනවා නම් එයාට එතකොට මොකක්ද කියන්නේ? (නි)
ශ්‍රේෂ්ඨාධිකරණය කියනවා නම් මේක ජනමත විචාරණයක යා යුතු නැහැ කියලා, පාර්ලිමේන්තුවේ 2/3 ඡන්දයෙන් සම්මත කරගන්න පුලුවන් නම් දැන් මෙතන තිබෙන වරද මොකක්ද ? (නි)
ප්‍රජාතන්ත්‍රවාදය වැඩියෙන් ජනතාවට දෙන්න අහන්න ඕනෑ නැහැ. නමුත් 18 තනිකරම ඒකාධිපති වියරුවක් (නි)
මොනවද මේ කියන්නේ? මම නම් කියන්නේ ඔය එකකක්වත් කෙරෙන දේවල් නොවේ. (නි)
තමන්ට මිනිස්සු කැමැත්ත දුන්නේ තමන්ගේ විශේෂත්වයකට නොවන වගත් තමන්ට බලය ලැබුනේ විවිධ මත දරන්නන්ගේ සාමුහික එකතුවකින් බවත් එය යම් කර්තව්‍යයක් ඉටුකරවා ගැනීම සදහා පමණක්ම බවත් සාමුහිකව තමන් බලයට පත් කළ ලක්ෂ 62 බෙදී වෙන් වෙන්ව ගිය පසු තමන් නිකම්ම නිකන් පඹයකු පමණක් බවත් මනා සේ වටහා ගත් මෙතුමා ඉතාමත් සුක්ෂමව මෙන්ම අසික්ෂිතව තමන්ට විරුද්ධ වුනු ලක්ෂ 58ක මතය හා අයිතිවාසිකම් මංකොල්ල කෑමට යාමෙන් අවසානයේ දැන් සියල්ල අනාගමින් මෙන්ම අනාගත් සියල්ල හත්පොලේ ගාගනිමින් සිටිනා බවනම් ඉතාමත් හොදින් අපට පැහැදිලි වෙමින් පවතී...(බ)
මොන වදයක්ද මේ? මට නම් මේ කතා අහලම එපාවෙලා. (නි)
තමන් කැමති කෙනා කරනකොට හොඳයි-ප්‍රජාතන්ත්‍රවාදය.තමන් අකමැති කෙනා කරනකොට නරකයි-ඒකාධිපතිවාදය. "ඔහේ මට කියපු දේ තමන්ටම නේද ගැළපෙන්නේ.ඔවා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට කියලා"? (නි)
ජනාධිපතිතුමා කියනවා 19 දිනුවාම පාර්ලිමේන්තුව විසුරුවනවා කියලා. මීට කලින් අගමැති කිව්වා ඕක පැරදුනොත් පාර්ලිමේන්තුව විසුරුවනවා කියලා. ඉතින් දිනුවත් එකයි පැරදුනත් එකයිනෙ. (නි)
සහතික ඇත්තයි පිවිතුරු යහපාල (නි)
අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
මහානාම, අපි මොකටද මොහොතකටවත් මහින්ද මහත්තයා නොකළ නරකක් කළා කියලා උපකල්පනය කරන්නේ? මහින්ද මහත්තයාගෙන් රටට කෙරුණු සහ කෙරෙන්නට ඕනෑ යහපත ගැන හිතමුකෝ. (නි)
මේ රට කරන්න පුළුවන් මහින්ද ගෝඨාභය වගේ අයට මිසක් ඔබ තුමාට නෙමේ . (ස)
ලංකාවේ තියෙන්නේ බල පෙරේත දේශපාලනය මිසක් මහත්මා දේශපාලනයක් නෙවෙයි. අ නිසි මැතිවරණයක් අවසානයේ එකම අසුනක් වැඩියෙන් ගත් පක්ෂයට නියමිත කාල සීමාව රජය කරගෙන යාමට ඉඩ නොදී සභාග කැඳහැලි සාදාගෙන රාජ්‍ය බලය ලබන්නේ.එහෙමත් නැතිනුම් රජය පරාද කරවන්නේ. එබැවින් මේ රටේ තීන්දු ගැනීමේ අයිතිය එක පුද්ගලයෙකුට ලබාදීම කිසිසේත්ම වටින්නේ නැහැ. රාජ්‍ය ආරක්ෂාව හැර අනිත් සෑම කට යුත්තකදිම රටට ආදරේ ඇති එක බුද්ධිමතුන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුවක් තුලින් අනුමත වන නීතිවලින් පමණක් මේ රට පාලනය වන,එමෙන්ම සිංහලය අනාගතයටත් රැකෙන ක්‍රමයක් සකස් විය යුතුයි. වත්තක මුරකරු තනතුරටත් චරිත සහතික පොලිස් වාර්තා සොයන බැවින් දේශපාලනය සඳහාද අනිවාර්යයෙන්ම නියම මහත්වරුන් පත්වෙන ක්‍රමයක් සැකසිය යුතුය. (බ)