මැලේසියාවේදී මේ මස 23 වැනිදා සිට ජූලි මස 3 වැනිදා දක්වා පැවැත්වෙන වයස 19 න් පහළ ආසියානු කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ‍්‍රී ලංකා වයස 19 න් පහළ පිලේ නායකයා ලෙස මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහලේ සනිත ද මෙල් නම් කර තිබේ. උප නායකත්වය මීගමුව මාරිස්ටෙලා විදුහලේ ඇන්ජලෝ ජයසිංහට හිමිවිය. වේග පන්දු යවන තුන් ඉරියව් ක‍්‍රීඩක නායක සනිත ද මෙල් පසුගිය වසරේ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් වාර්ෂික සම්මාන උළෙලේදී නැගී යන ක‍්‍රීඩකයා ලෙස ද සම්මාන හිමිකර ගත්තේය. ආසියානු කුසලාන තරගාවලියට ශ‍්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තාය, බංග්ලාදේශ සහ සත්කාරක මැලේසියාව සහභාගි වීමට නියමිතය. ශ‍්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායම: සනිත ද මෙල් (නායක - මොරටුව ශා. සෙබස්තියන්), ඇන්ජලෝ ජයසිංහ (උප නායක - මීගමුව මාරිස්ටෙලා), පබසර වඩුගේ (ගාල්ල රිච්මන්ඞ්), ෂෙහාන් ප‍්‍රනාන්දු සහ රනිත ලියනාරච්චි (බම්බලපිටිය ශා. පීතර), කසුන් විදුර (වෙන්නප්පුව ජෝශප් වාස්), ජේසන් පෙරේරා (කොටහේන ශා. බෙනඩික්), නිරෝෂන් දික්වැල්ල (මහනුවර ත‍්‍රිත්ව), සදුන් වීරක්කොඩි (මහනුවර ධර්මරාජ), පුලින තරංග (අම්බලන්ගොඩ දේවානන්ද), ළහිරු මධුසංඛ (මාතලේ ශා. තෝමස්), චමෝද් පතිරණ (ගල්කිස්ස සා. තෝමස්), අනුක් ප‍්‍රනාන්දු සහ අමිල අපෝන්සු (මොරටුව ශා. සෙබස්තියන්ස්) සහ තරි`දු කෞෂාල් (රත්ගම දේවපතිරාජ)
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි......
බිග් මැච් එකෙත් 100 ගහලා 1000 ඉක්මනටම ගහපු prince of wales එකේ කුසල් මෙන්ඩිස්ට මොකද වුණේ?
අපට ආඩම්බරයි සෙබා බෝයිස්.....
සුභ පැතුම් සෙබා.........
නියමයි SEBZ..ආඩම්බරයි ඔබ ගැන....
නියමයි සෙබස්තියන්....
නියමයි ..........** SEBS
සනිතට හා අමිලට අපේ සුභ පැතුම්...
උණුසුම් සුභ පැතුම් SEBS ඔබේ දක්ෂතාවයට ...
සනිත,අමිල සහ අනුක්ට සුභ පැතුම්!
කෝ දැන් ආනන්ද, නාලන්ද, රෝයල්.... ගමට කිරි නගරෙට කැකිරිද??
රනිත ලියනාරච්චි, ෂෙහාන් ප්‍රනාන්දු, අපි ඔබලා ගැන හරිම ආඩම්බරයි.. දෙවියන් රැක දේවා ඔබලාව..පීටර්ස් සැමදා ජයවේවා. ඔබලාට සුභ අනාගතයක්
ඒක අහන්න තේරීම් කමිටුවෙන්. සුනිල් වික්‍රමනායක ගැන හොයන්න බලන්න. එතකොට තෙරෙයි.
රොජර් විජේසුන්දරටත් සුභපතන්න එයනෙ වැඩකාරයා
මීඩියා නැත්නම් කැප්ටන් කැන්ඩි වලින් තමයි
නියමයි බැස්ටියන් කොල්ලනේ....
අපි දන්නවා U 17 කැප්ටන් පත් වුණේ කොහොමද කියලා
සනිත, අනුක් සහ අමිල සෙබස්තියන් පුතුන්ට උණුසුම් සුභ පැතුම්! ඔබට ජයෙන් ජයම ලැබේවා!