ජනපතිගේ විධායක බලතල සෑහෙන ප්‍රමාණයක් පාර්ලිමේන්තුවට පැවරෙන 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳුදා (20) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පක්ෂ නායකයෝ අද (19) එකඟත්වය පළ කළහ.
මෛත්‍රිපාල සිරිසේන ජනපතිගේ ප්‍රධානත්වයෙන් ජනපති කාර්යාලයේදී අද මේ රැස්වීම පැවැත්විණි. රනිල් වික්‍රමසිංහ අගමැතිද ඊට සහභාගි විය.
සඳුදා සහ අඟහරුවාදා විවාදය පැවැත්වීමට නියමිතය. මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ 20 වැනි සංශෝධනය සමග 19 හා 20 යන සංශෝධන දෙකම මැයි මාසය මුලදී සම්මත කරගැනීම රජයේ අදහසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
19-20 ගැන අහල ම දැන් මටනම් එපාවෙලා. (බ)
යළිදු එ්කාධිපතියෙක් බිහිනොවන්න මේ සංශෝධන වලට සැවොම සහයෝගේ දෙන්න ඕනි සෑහෙන බලතල ප්‍රමාණයක් පාර්ලිමේන්තුවට ගියාම ඒ තුළින් ජනතා බලයක් ගොඩ නැගෙනවා රට තුළ ජාතික ප්‍ර්තිපතියක් ගොඩ නගන්න ඕනි ඉක්මන් දියුණුවක් කරා යන්න. (බ)
පොරොන්දු පරිදි මුළු විදායකයම ඉවත් කලානම් නේද හොඳ රට රවටන්න බොරු කෙලින්න එපා . විදායකය තියා ගන්නේ මහින්ද ට බය නිසා නේද. (ස)
ඕකෙන් වෙන්නේ මෛත්‍රී බාල්දු වී රනිල්ට සියලු බලතල ලැබීමි (ස)
පසුගිය වසර කිපය ලංකාව කඩිගුලක් වාගේ ක්‍රියාත්මක විය හැකි රටේ සෑම අතකම සංවර්ධනයේ ප්‍රතිලාභ බෙදි ගියා ..(ම)
ඇමරිකානු හා යුරෝපා හවුලේත් ඉන්දියාවෙත් අවශ්‍යතාවය මත දුර්වල පාලනයන් හා පාලකයින් බිහිකර ශ්‍රී ලංකාව අසමත් රාජ්‍යක් කරා යාමේ පළමු පියවර මෙය බව අනාගතයේදී කොයිකාටත් වැටහේවි. ඒ වෙනතොට අශ්වයා පැන ගිහින්. රනිල් යනු ලෝක ප්‍රජාතාන්ත්‍රිකයින්ගේ සංවිධානයේ ආසියානු කලාපීය උපසභාපතිවරයෙක් බව අමතක කරන්න එපා. මෛත්‍රීපාල අද පඹගාලක පැටලිලා. මේ රට සංවර්ධනය කරා වේගයෙන් ගමන් කළේ විධායක ජනාධිපති ධුරයේ අනුහසින්. ජේආර්. හා මහින්ද සමාජතල දෙකකදී මේ රට වෙනුවෙන් අවශ්‍ය දේ කළා. අෙනත් ජනපතිවරු බලය ගැන පමණක් සිතා කටයුතු කළා මිස මේ රටට කළ කිසිම දෙයක් නෑ. (ස)
පක්ෂ නායකයන් කැමති වුණාට අපේ සමහරු කැමති නැහැ. මේ අයට ඕනෑ යටත්වෙලා ඉන්න. (නි)
මේක සම්මත කරගෙන රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරුකොට 20 සංශෝධනය හැකි ඉක්මනින් ගෙනවිත් එයත් සම්මතකොට යහපාලනයක් සඳහා රට මෙහෙයවන්න වාසනාව උදාවේවා! (නි)
විධායකයද? විධායක ජනාධිපති බලතලද? (නි)
කතාව දෝලාවෙන් ගමන දහනමයෙන්. (නි)
සම්පත්, ඔබේ අදහස්වල හැටියට ඔබ බොහෝ ලාබාල අයෙක් විය යුතුයි.මොකද රනිල් ප්‍රජාතන්ත්‍රවාදී නිසා ඔහුට තැන නොදෙන ලෙසත්,ගම්උදාව, ජනසවිය, ඇගලුම් කම්හල්,නව මාර්ග වැනි බොහෝ දේ ලංකාවට හදුන්වාදුන් ප්‍රේමදාස ජනපති ගැන නොදැන සිටීමත් මට එසේ සිතීමට කාරණා විය (බ)