තම රජය 19 වැනි සංශෝධනය ගෙනැවිත් ස්වාධීන කොමිෂන් සභා ස්ථාපනය කරන බවත් 17 වැනි සංශෝධනය ඉවත් කර 18 වැනි සංශෝධනය සම්මත කරගැනීමේ ප්‍රතිඵල ජනතාවට දැන් විඳීමට සිදුව ඇතැයිද ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා බෙන්තර ඇල්පිටියේදී පැවසීය.
‘මේ රටේ පවතින දේවල් කරපු , අවශ්‍ය අවස්ථාවලදී අවශ්‍ය සංශෝධන කරපු පක්ෂයක් හැටියට එක්සත් ජාතික පක්ෂය රට පැත්තෙන් හිතලා ගත යුතු තීරණ ගැනීමට මූලික එකඟතාවයන්ට දැනටමත් ඇවිල්ලා තියෙනවා‘ යැයිද කරුණාතිලක මහතා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු ගානක් කට වහන් හිටපු මිනිස්සු දැන දවස් 100 ඉවසන්න බෑ..(ම)
ගෙනාවට සම්මතවීම ස්ථිරද? (නි)
හොඳටම විශ්වාසද මේ පිහිටුවන කොමිෂන් සභා ඇත්තටම ස්වාධීන ඒවාම වේවි, කොයිම වෙලාවකවත් බාහිර බලවේගවල අවශ්‍යතා අනුව කටයුතු නොකරාවිය කියලා? (නි)
මේ ආයතන ස්වාධීන උනාම කවුද ඒවා නියාමනය කරන්නේ ? උදා . පොලිසිය තුලින් වරදක් උනාම කවුද ඒක හරි ගස්වන්නේ ? මම හිතන්නේ මේ හැමදේටම වඩා ලංකාවේ ආකල්පමය වෙනසක් හා ස්වයන් විනයක් අවශ්‍යයි . ඒක ස්වයංව බැරි නම් බලෙන් හරි කල යුතුයි, කල හැකියි. උදා. අපේ ලංකාවේ අය පිට රට ගියාම ඔය අපුරුවට නීති පිලි පැදලා වැඩ කරන්නේ. සිංන්ගප්පුර් ගියාම ඔය අපුරුවට පාරේ කෙලවත් නොගහා, කුණු බින්දුවක් වත් නොදමා ලස්සනට ඉන්නේ ? කලින් සංවාදයේ කිව්වා වගේ මේ ආණ්ඩුව දින 100 ඇතුලත කිසිම දෙයක් කලේ නැහැ කරන්නත් බැහැ. ඒකට කමක් නැ ප්‍රාතිහාර්ය පාන්න බැහැනේ. නමුත් ස්වාධීන කොමිෂන් සභා ගේන්න මුදල් අවශ්‍ය නැහැ. නමුත් ප්‍රවේශමෙන් කල යුතුයි, කල හැකියි. (නදී)
හරි හරි. කතා කළා ඇති. දින 100 කිට්ටු වෙමින් පවතිනවා. පොරොන්දු උන හොඳ දේවල් ඉක්මනින් ඉෂ්ට කරන්න. එතෙක් ජනතාව බලාගෙන ඉන්නවා. (බ)
අවුල් ලිහාගෙන -කළයුතුය නියමිත දින (නි)
අලුත් බයිලා නැතුව දින 100 පෙරළන්න (නි)
අපිට නම් දැන් කතා අහලා එපාවෙලා මහත්තයෝ (නි)