මහින්ද රාජපක්ෂ ජනපති අල්ලස් කොමිසමට නොගෙන යන්නැයි විපක්ෂය පාර්ලිමේන්තුවේ දී අද (20) උදේ විරෝධය පළ කිරීමෙන් පසුව පාර්ලිමේන්තුව අඟහරුවාදා දක්වා කල් තැබූ බව කතානායක චමල් රාජපක්ෂ මහතා නිවේදනය කළේය.
මේ අනුව 19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද ඉදිරිපත් නොකැරිණි.
ඉරිදා (20) පක්ෂ නායකයන් රැස්වී තීරණය කළේ 19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 20 වැනි දා විවාදයට ගන්නා බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බාලගිරි දෝෂය! (නි)
වැරදි කරලා නැත්නම් කාටවත් බයවෙන්න දෙයක් නැහැ (නි)
බිම වාඩි වෙලා ඉන්න කට්ටිය දැක්කහම අපිට හිතාගන්න පුළුවන් මේගොල්ලෝ මෙච්චර විරුද්ධ මොකද කියලා. පාර්ලිමේන්තුවෙන් ලැබුන පඩියෙන් පොඩි ගෙයක්වත් මේගොල්ලන්ට හදාගන්න පුළුවන් වුණාද? ලජ්ජා නැතිකම මහමුදලිකමටත් වැඩිය ඉහළලු (නි)
මෙතන බිම වැඩිවෙලා ඉන්න කට්ටිය තමයි ගොඩක් වැරදි කරලා තියෙන්නේ ඉදිරියේදී බලන්න පුළුවන් මොකද වෙන්නේ කියලා ජනතාව අන්දවන්න බැහැ නිතිය කාටත් එකයි ! (ම)
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ මූලික ගැටලූව නිර්මාණය වී තිබෙන්නේ ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර බල තුලනය සිදුවන ආකාරය පිළිබඳවයි. මෙහිදී කැපී පෙනෙන ලක්ෂණය වන්නේ ජනවාරි 8 ජනාධිපතිවරණය විශිෂ්ට අන්දමින් ජයගත් මෛත‍්‍රීපාල සිරිසේන මහතා සිය බලතල අහෝසි කරගැනීම සඳහා පැහැදිලි ජනවරමක් නොමැති ආණ්ඩුවක් සමග එක්ව කටයුතු කිරීමයි. එම සහජීවනය විසින් පෙන්නුම් කරනු ලබන කැපීපෙනෙන ලක්ෂණයක් වන්නේ මිනිසුන් අකමැති මිනිසකු අත ආඥාදායකත්වයක් නිර්මාණය කිරීම සඳහා භාවිත වූ බලතලම ශිෂ්ට මිනිසකු විසින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා භාවිත කරමින් ඇති අන්දමයි. (නි)