(නිමල කොඩිතුවක්කු)

19 වන ලෝක වෘත්තීය සමිති සම්මේලනය 2027-05-13 දින සිට 2027-05-15 දින දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

ලෝක වෘත්තීය සමිති සම්මේලනය මඟින් සංවිධානය කරනු ලබන 19 වන ලෝක වෘත්තීය සමිති සම්මේලනය 2027-05-13 දින සිට 2027-05-15 දින දක්වා කොළඹදී පැවැත්වීමට තීරණය කරනු ලැබ ඇත. ශ්‍රී ලංකාවේ සක්‍රීය වෘත්තීය සමිති ක්ෂේත්‍රය සහ උපායමාර්ගික පිහිටීම සලකා බලා ලෝක වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති මණ්ඩලය විසින් එම සම්මේලනයේ මෙවර සත්කාරකත්වය ශ්‍රී ලංකාවට පවරා තිබේ. 

ලොව පුරා ක්‍රියාත්මක වෘත්තීය සමිති නියෝජනය කරමින් රටවල් 130කට ආසන්න ප්‍රමාණයකින් නියෝජිතයන් 800ක් පමණ එම සමුළුවට සහභාගි වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඒ අනුව, 19 වන ලෝක වෘත්තීය සමිති සම්මේලනය 2027-05-13 දින සිට 2027-05-15 දින දක්වා කොළඹදී පැවැත්වීම සඳහා ශ්‍රී ලංකාව විසින් සත්කාරකත්වය දැරීම සම්බන්ධයෙන් කම්කරු අමාක්‍යතුමා විසින් අමාත්‍ය

මණ්ඩලය දැනුම්වත් කරන ලදුව, ඒ අනුව ඉදිරි කටයුතු සිදු කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දෙන ලදී.