IMG-LOGO

19 න් පහළ අන්තර් පාසල් සය සාමාජික ක‍්‍රිකට් තරගාවලිය 26 - 27 කොළඹදී

කොළඹ අශෝක විද්‍යාලයීය ආදී ශිෂ්‍ය සංගමය මෙහෙයවන ‘අශෝකන්ස්’ වයස 19 න් පහළ අන්තර් පාසල් සය සාමාජික ක‍්‍රිකට් තරගාවලිය මේ මස 26 සහ 27 දෙදින කොළඹ වෙළෙඳසේවා ක‍්‍රිකට් සංගම් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ. අශෝක විද්‍යාලය 40 වැනි සංවත්සරය ලබන වසරට යෙදී තිබෙන අතර එය සැමරීමේ අංගයක් ලෙස මෙම ක‍්‍රිකට් තරගාවලිය සංවිධානය කෙරේ. තරගාවලියට දිවයිනේ පාසල් කණ්ඩායම් 16 ක් සහභාගිවේ.  ක‍්‍රිස්බෝ සමාගමේ අලෙවි කළමනාකරු අමෝරස් සෙලර් මහතා විසින් අශෝකන්ස් ක‍්‍රීඩා සමාජයේ සභාපති කපිල පල්ලියගුරු මහතාට අනුග‍්‍රහකත්වය පිරිනමන ලද අයුරු. අශෝක විදුහලේ විදුහල්පති කර්නල් ප‍්‍රසන්න උපශාන්ත මහතා ද මෙහි සිටියි. ක‍්‍රිස්බෝ සමාගම අනුග‍්‍රහය දක්වන තරගාවලියේ ශූරයන්ට කුසලානය සමග රුපියල් 100,000 ක ත්‍යාග මුදලක් පිරිනැමේ. අනුශූරතාව දිනාගන්නා කණ්ඩායමට පිරිනැමෙන ත්‍යාග මුදල රුපියල් 50,000 කි. ජයග‍්‍රාහී පාසලේ ක‍්‍රීඩා සංවර්ධනය උදෙසා මුදල් ත්‍යාගයක් පිරිනැමීමට කටයුතු කළ බව ආදී අශෝකන්ස් ක‍්‍රීඩා සමාජයේ සභාපති කපිල පල්ලියගුරු මහතා පැවසීය. පසුගිය වසරේ පැවැති අන්තර් පාසල් ක‍්‍රිකට් තරගාවලියේදී දස්කම් දැක් වු පාසල් කණ්ඩායම්වලට මෙන්ම කොළඹින් පිට පළාත්වල පාසල්වලට ද තරගාවලියට සහභාගිවීමේ අවස්ථාව හිමිව ඇතැයි පල්ලියගුරු මහතා පවසයි. යාපනය කොකුවිල් හින්දු විද්‍යාලය ද තරගාවලියට සහභාගිවේ. තරගාවලියට සහභාගිවන පාසල්: තර්ස්ටන්, කොළඹ සහිරා, දෙහිවල එස්.ද.එස්. ජයසිංහ, මොරටු විද්‍යාලය, කොකුවිල් හින්දු විද්‍යාලය, කළුතර විද්‍යාලය, කඳාන ද මැසනොද්, මහනුවර ධර්මරාජ, කෝට්ටේ ජනාධිපති, කොළඹ අශෝක, පානදුර රාජකීය, මාතර ශා. සර්වේසස්, කොළඹ ඞී. එස්. සේනානායක, වෙන්නප්පුව ජෝශප් වාස්, අම්බලන්ගොඩ ධර්මාශෝක සහ ලූම්බිණි යන විදුහල්



අදහස් (0)

19 න් පහළ අන්තර් පාසල් සය සාමාජික ක‍්‍රිකට් තරගාවලිය 26 - 27 කොළඹදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 139 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 426 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site