ඉදිරි මහ මැතිවරණයේ දී සිදුවන දෙය තමා දන්නා වුවත් ඒ ගැන කිසිත් කිසිම කෙනෙකුට නොකියන බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජ්‍යෝතිර්වේදියා වූ සුමනදාස අබේගුණවර්ධන මහතා ඩේලිමිර්ර පුවත්පත සමඟ පැවැති සාකච්ඡාවක දී කීවේය.
ප්‍රශ්නය - ඔබ පසුගිය ජනාධිපතිවරණ සමයේදී අනාවැකි පළකළේ අවංකවමද?
පිළිතුර - විපක්ෂයෙන් ඉදිරිපත් වෙන්නේ කවුද කියලා කවුරුත් අවසාන මොහොත වෙනකන්ම නොදැන මේ රටේ පැවැත්වුණු පළමු ජනාධිපතිවරණය මේක. නොවැම්බර් 20 වැනිදා තමයි හිටපු ජනපතිවරයා, ජනපතිවරණය පැවැත්වෙන බවට නිල වශයෙන් නිවේදනය කළේ. විපක්ෂයෙන් ඉදිරිපත් වෙන්නේ කවුද කියලා අපි දැනගත්තේ ඊළග දවසේ. වෙනද නම් අපි කලින්ම මේ තොරතුරු දැනගෙන.
මම මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ හදහන් පත්‍රය බලලා තියෙනවා. ඒක බොහොම බලගතු එකක්. ඒ හින්දම ඔහු ජනාධිපතිවරණයට තරග කරනවා කියලා දැනගත්තහම මම ටිකක් කලබල වුණා. මොකද මම මුල ඉදන්ම දැනගෙන හිටියා මේ සැරේ නම් වැඩේ ලේසි වෙන්නේ නැහැ කියලා. ජනාධිපතිවරණ කාලේ අන්තිම සති කිහිපයේ තිබුණු තත්ත්වය එහෙම මතකයිනේ. ඉතින් මම කියලා මොනවා කරන්නද? මම හිටපු ජනපතිවරයාගේ නිල ජ්‍යොතිශවේදියා. මේ ගැන මට ප්‍රසිද්ධියේ කියන්න හැකියාවක් තිබුණේ නැහැ. ජනප්‍රිය රූපවාහිනී නාළිකා දෙකකින් මට ආරාධනා කරලා තිබුණා ජනාධිපතිවරණය ගැන ජ්‍යෝතිෂ මතය විමසන්න. නමුත් මම ඒවා ප්‍රතික්ෂේප කළා. මොකද මට මේ වෘත්තියට නරක නාමයක් ඇතිකරන්න වුවමනාවක් තිබුණේ නැහැ. මීට වසර 9 කට පෙර මා පැවසුවා කවදා හෝ මෛත්‍රීපාල සිරිසේන මහතා මේ රටේ ජනාධිපති වේවිය කියා. නමුත් හිටපු ජනාධිපතිවරයාගේ ජ්‍යොතිශවේදියා නිසා මගේ අත් තිබුණේ බැදලා. මේ දේවල් ප්‍රසිද්ධියේ කියන්න මට හැකියාවක් තිබුණේ නැහැ.එහෙම කිව්වනම් හිටපු ජනපතිවරයාට ලැබුණු ලක්ෂ 58 ක ඡන්ද ගාන ඊටත් වඩා ගොඩක් අඩු වෙන්න තිබුණා.
ප්‍රශ්නය - නමුත් ජනාධිපතිවරයාගේ හදහන හින්දා නෙවෙයි රටේ හදහන හින්දා ජනපතිවරයා වෙනස් වෙන්න යනවා කියලා ඇතැම් ජ්‍යොතිශ්‍යවේදීන් ඒ දවස් වල කිව්වා.මේ ගැන ඔබේ අදහස මොකක්ද?
පිළිතුර - නැහැ. මම නම් කියන්න තියෙන්නේ මහින්ද රාජපක්ෂ පරාද වුණේ මෛත්‍රීපාල සිරිසේනගේ හදහන බලවත් නිසා. බ්‍රහස්පති ලබලා තිබුණේ. පංච මහා බලවේගයක් මෛත්‍රීපාල සිරිසේන වටේ එක්රැස්වෙනවා කියලා බොහොම හොදට පෙනුනා. නමුත් මගේ වෘත්තිය නිසා මේ කරුණු වසන් කරගන්න මට සිදුවුනා.
ප්‍රශ්නය - දේශපාලනයත් එක්ක සම්බන්ධ වෙලා කරගත්තේ වැරැද්දක් කියලා ඔබට හිතනෙවද?
පිළිතුර - මට ඔබේ ප්‍රශ්නය පැහැදිලි නැහැ.
ප්‍රශ්නය - මම නැවත කියන්නම්. ඔබ වෘත්තියෙන් ජ්‍යොතිශ්‍යවේදියෙක්. නමුත් ඔබ මහින්ද රාජපක්ෂ මහතා එක්ක සමීපව කටයුතු කළ නිසා දේශපාලන කටයුතු වලට හවුල්වුනේ නැහැ කියලා ඔබට කියන්න හැකියාවක් නැහැ.එහෙම බැලූවොත් ඔබ කරගත්තේ වරදක් කියලා ඔබට හිතෙනවද?
පිළිතුර - නැහැ.මම එහෙම හිතන්නේ නැහැ. ඇත්තටම මම කරමින් හිටියේ බොහොම භයානක වෘත්තියක්. මේ වගේ තනතුරු තිබුණේ ඉස්සර රජ කාලයේ. උදාහරණයක් කියනවනම් පණ්ඩුකාභය රජතුමා අවුරුදු 70 ක් බලයේ හිටියා. දේවානම්පියතිස්ස රජතුමා අවුරුදු 40 ක් බලයේ හිටියා.1947 - 1977 අතර කාලයේ අවුරුදු පහකට වතාවක් ආණ්ඩු වෙනස්වුනා.
මේක ටිකක් අවදානම් සහගත රාජකාරියක් නිසා මම උත්සාහ කළා විශ්‍රාම යන්න.මට වයස දැන් අවුරුදු 60 ක්. ඒත් හිටපු ජනපතිවරයා මා සමග බොහොම සමිීපව සිටි නිසා මට හැකියාවක් තිබුණේ නැහැ මේ බව ඔහුට කියන්න.
ප්‍රශ්නය - ඒ කියන්නේ ඔබ හිටපු ජනපතිවරයාගේ නිල නොවන ජ්‍යොතිශ්‍යවේදියා හැටියට කටයුතු කළා කියන එකද?
පිළිතුර - ඔව්.නමුත් මම කරන දේ ආන්තරායක් තියෙනවා කියන එක මම නොදැන හිටියා නොවෙයි. රජවරුන්ගේ කාලයේ වගේ එක පුද්ගලයෙකු වෙනුවෙන් ජ්‍යොතිශ්‍ය කටයුතු කරන එක, අනාවැකි කියන එක බොහොම අමාරු කටයුත්තක්.
තව පැත්තක් තිබුණා.මම හිටපු ජනපතිවරයාගෙන් ඈත් වුනානම් ඒ කාලයේ තිබ්බ තත්ත්වය හැටියට රටේ ජනතාව අනිවාර්යයෙන්ම අහන්න ගන්නවා මොකද වුනේ කියලා. මම විපක්ෂයට යන්න ඇති කියලා ගොඩක් අය හිතන්නත් ඉඩ තිබුණා. ඒ හින්දම මම හිටපු ජනපතිවරයා ගැන හිතලා ඔහු එක්කම ඉන්න තීරණය කළා.ඒ මගේ හැටි.
ප්‍රශ්නය - එතකොට ඔබ ජාතික සංවර්ධන බැංකුවේ අධ්‍යක්ෂකවරයෙක් ලෙස පත්වෙන්නේ කොහොමද? ඔබට එවැනි තනතුරක් දරන්න සුදුසුකම් තිඛෙනවාද?
පිළිතුර - ජ්‍යොතිශ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න කලින් මම කුඩා පරිමානයේ මූල්‍ය ව්‍යාපාරයක් පවත්වාගෙන ගියා. බොහොම ලාභ ලැබුණු ව්‍යාපාරයක්.ඒ හින්දා ඒ තනතුර දරන්න අවශ්‍ය තරම් සුදුසුකම් මට තිබුණාය කියලා මම විශ්වාස කරනවා.
මම අවුරුදු 8 ක් එකදිගටම අධ්‍යක්ෂක මණ්ඩලයේ හිටියා. මම පත්වෙනකොට ජාතික සංවර්ධන බැංකුවට දිවයින පුරා තිබුණේ ශාඛා 130 ක් විතරයි. නමුත් මට හැකිවුනා ඒ ගණන 230 ක් කරන්න. මම හිටපු කාලයේ බැංකුවේ සභාපතිවරුන් පස් වතාවක් මාරු වුනා. මම මගේ රාජකාරිය කළේ අවංකව.
හිටපු ජනපතිවරයා මා කෙරෙහි තබාගෙන හිටපු විශ්වාසය නිසාම මට ස්වාධීන රූපවාහිනියේ වගකිව යුතු තනතුරක්, වෙනත් රාජ්‍ය ආයතන වල තනතුරු වල සේවය කරන්න අවස්ථාව ලැබුණා.මට පැවරුනු වගකිම් මම අකුරටම ඉෂ්ඨ කළා.
සේවයේ හිටපු කාලයේ මම කරපු දේවල් ගැන මට තියෙන්නේ සතුටක්. ඕනෑම කැබිනට් අමාත්‍යවරයෙකු එක්ක සම්බන්ධ වෙන්න පුලූවන් කම තිබුණු නිසා මම ඔවුන් මාර්ගයෙන් මේ රටේ ගොඩක් දෙනෙකුට උදව් කරලා තියෙනවා. ඒ වගේම ගොඩක් දෙනෙකුට රැකියා අවස්ථා ලබාදීලත් තිඛෙනවා.ඒ කාලයේ එක දවසකට කිහිප වතාවක්ම මම අරලිය ගහ මන්දිරය එක්ක දුරකථනයෙන් සම්බන්ධ වෙනවා නොයෙක් දේවල් ගැන අදහස් ලබාගන්න.මේවා කරන්න මට වෙනම නිල දුරකථනයක්වත් තිබුණේ නැහැ.මට කියලා වාහන බලපත්‍රයක්වත් මම ගත්තේ නැහැ.මම ඉන්නේ ඉතාම සතුටින්.
ප්‍රශ්නය - ඔබ හින්දා තමයි ජනාධිපතිවරණය පැරදුනේ කියමින් සමහර දේශපාලඥයෝ ඔබට චෝදනා කරනවා.මොකක්ද ඔබට මේ ගැන කියන්න තියෙන්නේ?
පිළිතුර - ඇත්තටම තවත් සමහර අය ඉන්නවා ජනාධිපතිවරණය කලින්ම පවත්වන්නේ උපදෙස් දුන්නේ මමය කියලා කියන. නමුත් අපිට වඩා මේ දේවල් ගැන විශ්වාස කරන ඉන්දියාවේ පවා කවදාවත් ජ්‍යොතිශ්‍යවේදියෙක් කියන හැටියට ජනාධිපතිවරණයක්,මැතිවරණයක් තියන්න පැවැත්වෙන්නේ නැහැ.මේ රටේ හිටපු ජනපතිවරුන් කිහිප දෙනෙක්ම ඔවුන්ගේ ධූර කාලයන් අවසන් වෙන්න ඉස්සෙල්ලා ජනාධිපතිවරණයක් පවත්වපු අවස්ථා තිඛෙනවා. ජේ.ආර්, චන්ද්‍රිකා තමයි ආසන්නතම උදාහරණ.මට ඇත්තටම දුකයි කැබිනට් මණ්ඩලයේ හිටපු අමාත්‍යවරුන් මෙහෙම මට චෝදනා කරනවා අහනකොට. ජනපතිවරයෙක් ධූර කාලය අවසන් වෙන්න ඉස්සෙල්ලා ජනපතිවරණයක් පවත්වන්නේ දේශපාලනමය තුරුම්පුවක් හැටියට බව ඔවුන් වටහාගන්න ඕනේ.
ප්‍රශ්නය - පහුගිය දවස් වල පැවැත්වුණු දේශපාලන රෑලි වලදී ඇතැම් හිටපු අමාත්‍යවරුන් ඔබව හදුන්වලා දුන්නේ ‘ගාල්ලේ එකා‘ කියමින්. ඒ විතරක් නොවෙයි ඔවුන් ඔබව තවත් නම් වලින් හැදින්වුවා. කාලයක ඔබ ඔවුන්ට සුමනදාස මහත්මයා නමුත් අද? කොහොමද ඔබ මේ තත්ත්වය දකින්නේ?
පිළිතුර - මෙවර මැතිවරණයෙන් පාර්ලිමෙන්තුවට උගත්, මහත්මා දේශපාලඥයින් පත්කරලා යවන්න කියලා මම රටේ ජනතාවගෙන් ඉල්ලනවා.මොකද අද මට ඔහොම චෝදනා කරන ගොඩක් දේශපාලඥයෝ මගේ ගෙදරටම ඇවිල්ලා කාපු බීපු,මගේ හොද මිතුරන් වෙලා හිටපු, අය.
ප්‍රශ්නය - ජනාධිපතිවරණයෙන් පස්සේ ඔබයි,හිටපු ජනපතිවරයායි අතර මොන වගේ සම්බන්ධතාවයක්ද දැන් තියෙන්නේ?
පිළිතුර - ජනවාරි මාස 9 වැනිදාත්,ජනවාරි මස 10 වැනිදාත් ඔහු මට කතාකළා. නමුත් අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේක බොහොම භයානක රාජකාරියක්. මගේ පවුලේ අයත් මට කියලා තිබුණේ කිසිම තනතුරක් භාරගන්න එපා කියලා. නමුත් මම මනුස්කම් දන්නා හින්දා එහෙම නොකර ඉන්න බැරිවුනා.
හය වැනි පරාක්‍රමභාහු රජතුමාගෙන් පස්සේ මේ රට එක්සේසත් කරපු පළමු නායකයා වන්නේ හිටපු ජනපතිවරයා.මම ඔහුගේ ජ්‍යොතිශ්‍යවේදියා හැටියට කටයුතු කළා කියන එක අද මුලූ රටම දන්නවා. අවුරුදු ගණනාවක් මම ඔහු සමග සිටියා.මට වාසි මොකවත් ලැබුණේ නැහැ.මේ රාජකාරියේ බැරෑරුම්කම තමයි හැමවෙලේම මගේ හිතේ තිබුණේ.වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේනත් බොහොම ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක්.
ඔහු මනුස්සකම් දන්නා කෙනෙක්.පහුගිය කාලයේ වාරතා පලවෙලා තිබුණා ඔහුගේ ජ්‍යොතිශ්‍යවේදියා වෙන්න මම ඉල්ලීමක් කරලා තිඛෙනවා කියලා.නමුත් එහෙම ඉල්ලීමක් මම කරලා නැහැ.ඔහු මගෙනුත් එහෙම ඉල්ලීමක් කරලා නැහැ,කරන එකකුත් නැහැ ඔහු ගැන මම දන්නා නිසයි මෙහෙම කියන්නේ.ඔහු එහෙම ඉල්ලූවත් මම කැමතිවෙන්නේ නැහැ.
ප්‍රශ්නය - ඉදිරි මැතිවරණය ගැන ඔබේ අදහස මොකක්ද?
පිළිතුර - මම කිසිම අනාවැකියක් කියන්නේ නැහැ කියන මතයේ ඉන්නේ.නමුත් සමහර අය මගෙන් තවදුරටත් සේවාවන් බලාපොරොත්තු වෙනවා.ඔවුන් වෙනුවෙන් මම මැතිවරණය ළං වෙනකොට එකම එක ප්‍රකාශයක් සිදුකරන්න සිතාගෙන ඉන්නවා.ඒකත් අනාවැකියක් විතරයි.
සමහරු කියනවා මම අනාවැකි කියන්නේ හිටපු ජනපතිවරයා වෙනුවෙන් විතරයි කියා.නමුත් මම පළමුවෙන්ම දේශපාලන අනාවැකියක්පළකළේ හිටපු ජනපතිනිය වෙනුවෙන්. ඇය වසර 17 ක එක්සත් ජාතික පාලනය වෙනස් කරනවා කියලා මම එදා කිව්වා. 2001 මැතිවරණය එක්සත් ජාතික පක්ෂය ජයගන්නවා කියලා කියපු එකම ජ්‍යොතිශ්‍යවේදියාත් මම.ගොඩක් අය කිව්වේ අනෙක් පැත්ත.
ප්‍රශ්නය - එක අනාවැකියක් වැරදුනු නිසා විශ්‍රාම යන්න සිදුවුනා,රටේ ජනතාව අතරින් ජ්‍යොතිශ්‍යය ප්‍රතික්ෂේප වුනා කියලා ඔබට හිතෙන්නේ නැතිද?
පිළිතුර - නැහැ.මට එහෙම හිතෙන්නේ නැහැ.මට මගේ දරුවන් එක්ක,මුණුබුරන් එක්ක කාලය ගතකරන්න ඕනේ.මම විශ්‍රාම යන්න ඕනේ වයසක ඉන්නේ.ඒ හින්දා මම විශ්‍රාම යන්න ඕනේ.ඉදිරි මැතිවරණයේදී මොකක්ද වෙන්නේ කියලා මම දන්නවා.නමුත් මම කාටවත් ඒ ගැන කියන්න යන්නේ නැහැ.
(ඩේලිමිරර් පුවත්පත ඇසුරෙනි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තැපැල් ඡන්ද ඉල්ලුම්පතවත් හරියට පුරවන්න දන්නේ නැති රාජ්‍ය සේවකයන් 60000 ඉන්නා රටක, සිල් රෙද්දකට, සනීපාරක්ෂක තුවායකට, කෑම පැකට් එකට , අරක්කු බෝතලයට ,ඡන්දය දෙන නුගතුන් ලක්ෂ ගණන් ඉන්නා රටකට මෙවැනි මිත්‍යා විශ්වාශ කරන, ගස් ගල් වලට වන්දනා මාන කරන අයව විශ්වාශ කරන ජනතාවක් ඉන්නා රටකට අනාගතයක් තියෙයිද ? මෙවැනි අය හිටපු හොරු රැල සමග එකතුවී පොදු දේපල හොරකම් කලා. ඉර හඳ තාරකා විකුණන් කන මෙවැනි අය කියන දේවල් උගත් බුද්ධිමත් මිනිස්සු විශ්වාශ කරන්නේ නැහැ (නදී)
මේ මමත් දන්නවා මොකද වෙන්නේ කියලා. ඒත් මමත් කියන්නේ නෑ. දැන් එතකොට මමත් හොඳ ජ්‍යෙතිෂ කාරයෙක් (බ)
අනේ මහත්තයෝ ආපහු සැරයක් කියපු දේ වැරදුනොත් දැනට වැටිච්ච බිස්නස් එක බින්දුවටම වැටෙන්ට ඉඩ තිබෙන නිසා "දන්නවා, එ්ත් කියන්නේ නෑ" කියන එක තමා බිස්නස් එකට ගුණ. (බ)
අත් දෙකම උස්සල මෙන්න වැන්දා මහත්තයෝ මුකුත්ම නොකිය ඉන්න , අපිට ජනවාරි 8 වෙනිදායින් ජෝතිෂය එපාම වෙලා තිබුනේ , ඔබ තුමා කට ඇරලා අපිට ජෝතිෂසය නයාට අඳු කොලනම් කරන්න එපා (බ)
එ්ක හොඳයි නැත්නම් මේ සැරේ මැරුම් කනවා. (බ)
මොනවා කියන්නද? ඉදිරි මැතිවරණයේදී මහින්ද මහත්තයට තිබ්බ ටිකත් නැතිවෙනවා. (බ)
පිස්සෙක් කියල විතරයි කියන්න තියෙන්නේ (බ)
පොඩ්ඩක් චූන් වෙන්නත් එක්ක මේදා පොටේ ජවිපෙ දිනනවා කියල කියන්න මාමේ. (නදී)
පව් අසරණයට ඉන්න අරින්න. ඔයා වගේ අය මිනිස්සු රවටන්න එපා (නදී)
ඡන්දෙන් පස්සේ කියයි -ඕක තමා මම කියන්න හිටියේ කියලා. (නදී)
වෙන්න දෙයක් නැහැ 29 වතාවටත් වාර්ථාවක් තියනවා (නදී)
අපිත් දන්නවා. කියන්නේ නැහැ. මේ සැරේ ඡන්දෙදි වෙන්නේ මොකක්ද කියල පොඩි ළමයිත් දන්නවා. ඕක කියන්න ජෝතිෂය දැනගන්න ඕන නෑ (නදී)
කට පියාගෙන සිටිනතුරු මෝඩයාද ඥානවන්තයෙකි. (ම)
මතිදුනි ඔබගේ සේවය වෙනදාටත් වඩා රටට අවැසි අදය.(ම)
පාලකයින්ගේ මිත්‍යා විෙශ්වාස නිසා මේවගේ මිනිස්සු බිහිවෙනවා. ඒක වලක්වන්න නම් උගත් බුද්ධිමත් පාලකයින් බලයට පත් කරගන්න ජනතාව දැනගත යුතුයි. (ස)
මේ මනුස්සයා තවත් බොරුමයි කියන්නේ. ඉන්දියානු නායකයෝ ජෝතිශයෝ අල්ලාගෙන ඔහොම පිස්සු වැඩ කරන්නේ නැහැ. (ස)
අගමැති වීමට ඉඩ ඇත්තේ ජ. ව. පෙ ට නොව කියන්න. (ස)
කුමාර එක්ක මම එකගයි මෙයාල වගේ අයට එලව එලව ගහන්න ඕන බොරු කියනවට ඔක්කොමටම ඉස්සෙල්ල එයාගේ වෙලාව බලාගත්ත නම් නරකද (බ)
රටේ මිනිස්සු දැන ගත්ත ඇත්ත (බ)
මෙයා දන්න ජ්‍යෝතිෂයක් නෑ බොරුකාරයෙක් (බ)
නොකියන තරමට ඔබට හොඳයි , ඡන්දෙන් පස්සේ ප්‍රතිපල බලා ඒ අනුව ප්‍රකාශ කළාම බේරෙන්න පුළුවන් , මම මේක දැන සිටියා , එහෙත් කිව්වේ නැහැ කියා (බ)
සුමනේ නැවත්ත් කට අරි .....(ස)
මහත්තයා, ඕය්ට වැඩිය හොද නැත්ද කඩල විකුනුවනම් .... අපි එතකොට ඔයාගෙන් කඩල හරි කනවා ... (ම)
සුමනේ රාජ්‍යආයතන වල වැඩට දැම්ම කියල මම දැනන් උන්නේ නැහැනේ. අම්මප රටකට හරියයිද එතකොට. තව විලිලජ්ජා නැතිව මම ගොඩක් අයට රස්සාවල් දුන්න කියලත් කියනවා. රෙදි ඇඳන්ද මේවා කියන්නේ. (ස)
මහින්ද කවදාවත් මේ රටේ අගමැති වෙන්නේ නෑ.......(ම)
ඔහේ මේ මක්කැයි දොඩන්නේ.... මැදමුලන වලව්වෙන් ඇවිල්ලා ඔහේගෙ බොටුව මිරිකලා 'කව්දැයි මේ විඩේ දිනන්නේ කියලා ' ඇහුවොත් මක්කොරන්නද? (බ)
ඔරුව පෙරලුනොත් ...ඒ පැත්ත හොදා කියනවා. (නදී)
ඉදිරි මැතිවරණයේදී මොකද වෙන්නේ කියල මමත් දන්නවා. කවුද දිනන්නේ කියල ඡන්දෙන් පහුවෙනිදට කියන්නම් (නදී)
මමත් දන්නවා වෙනදේ නම් (ම)
මට පුදුම ඔබ තාමත් ජීවතුන් අතර ඉඳීම ගැන. ඔබට දීඝායු වේවා. (බ)
මහින්ද මහත්තයා දිනනවා නම් මෙයා ඒක අනිවාර්යයෙන්ම කියනවා. (ස)