ශ්‍රී ලංකා වයස 17 න් පහළ ක‍්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස කොළඹ රාජකීය විදුහල් තුන් ඉරියව් ක‍්‍රීඩක චාමික කරුණාරත්න පත්කර තිබේ. පානදුර රාජකීය විදුහලේ තුන් ඉරියව් ක‍්‍රීඩක මාධව නිමේෂ් උප නායකත්වයට පත්කර ඇති බවද වාර්තා වේ.
ශ්‍රී ලංකා වයස 17 න් පහළ ක‍්‍රිකට් කණ්ඩායම අගෝස්තු මස 9 වැනිදා සිට 25 වැනිදා දක්වා එංගලන්තයේ තරග සංචාරයකට සහභාගි වීමට නියමිතය.
ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිලද නියෝජනය කළ වේග පන්දු යවන ප‍්‍රවේගකාරි පිතිකරුවකු වන චාමික කරුණාරත්න ක‍්‍රිකට් ක‍්‍රීඩාවට අමතරව බැඞ්මින්ටන් සහ මලල කී‍්‍රඩාවේ විසිකිරීමේ ඉසව්වල සමස්ත ලංකා වයස් කාණ්ඩ ශූරයෙකි. ඔහු ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළ බැඞ්මින්ටන් ශූර නිලූක කරුණාරත්නගේ බාල සොහොයුරා ද වේ.
පානදුර රාජකීය විදුහලේ ප‍්‍රබල පිතිකරු මාධව නිමේෂ් 2010 වසරේ ශ්‍රී ලංකා වයස 15 න් පහළ පිලේ නායකයා ලෙස ද කටයුතු කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඔවු. විශේෂයෙන් ගුවන් යානා වල තිබෙන වැසිකිලි වල දොරවල් අරින වාහන හැටි උගැන්විය යුතුයි ඔවුන් පිට රට යාමට පෙර. (නි)
මමත් පානදුර රාජකියේ මාදව නිමේෂ්ට උනුසුම් සුභපැතුම්.(නදී)
ශාමු අශාන් නම් කරලා නැද්ද? (නි)
මගේ උණුසුම් සුභ පැතුම් චාමික කරුණාරත්නට ! (නි)
මාධව නිමේෂ් පුතාට මගේ සුභ පැතුම් ! (නි)
මේ දරුවන්ට රටේ නම රැකගෙන හොද විනයකින් කටුයුතු කරන්න කියලා දෙන්න.ක්‍රීඩාවත් එක්ක විනය කියන දෙය අනිවාර්යයි. (නි)
බැරිද හොර උප්පැන්නකින් හරි වයස අඩුවට හදලා අර දොර මාරුවුණ පුතාව නායකයා කරලා මේ ටීම් එකෙන් එංගලන්තයට යවන්න. එතකොට එයා මේ පාර ප්ලේන් එකේ දොර කොහොමහරි ඇරලා ඒකෙන් පනියි (නි)