
(කේෂර ගුණතිලක)
තණමල්විල ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන 16 හැවිරිදි ශිෂ්‍යාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් ශිෂ්‍යයන් 21 දෙනකු සහ ඊට අනුබල දුන් කාන්තාව අගෝස්තු මස 22 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස වැල්ලවාය දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් චතුර ඊ දිසානායක මහතා නියෝග කළේය.
පාසල් ශිෂ්‍යයන් 21 දෙනා බණ්ඩාරවෙල සුරක්ෂා ළමා නිවාසයේ රඳවා තැබීමටද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
ඌව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දිනේෂ් කරුණානායක මහතාට ඉකුත් හත්වෙනිදා ලද බුද්ධි තොරතුරක් මත තණමල්විල ප්‍රදේශයේ ප්‍රධාන පාසලක ඉගෙනුම ලබන 16 හැවිරිදි පාසල් ශිෂ්‍යාවකට ලිංගික අතවර කළ එම පාසලේම සහ තවත් පාසලක සිසුන් පිරිසක් සහ ඊට අනුබල දුන් සැකකාරියක තණමල්විල පොලීසිය මඟින් මෙලෙස අත්අඩංගුවටගෙන තිබිණි.
අතවරයට පත්වූ දැරිය තණමල්විල ප්‍රදේශයේ ප්‍රධාන පාසලක ඉගෙනුම ලබන එකොළොස් වන වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවකි.
නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණයකර ලිංගික අපයෝජනය සිදුකිරීම,බරපතළ ලිංගික අපයෝජනය සිදුකිරීම,ස්ත්‍රී දූෂණය සහ රංචු ගැසී ස්ත්‍රී දූෂණය සිදුකිරීම යන චෝදනා යටතේ ඉකුත් (11) වෙනිදා මෙම පිරිස අත්අඩංගුවටගෙන ඇත.
මෙම ස්ත්‍රී දූෂණයට අනුබලදීම සම්බන්ධයෙන් තණමල්විල තැපැල් කාර්යාලය පිටුපස පදිංචි 39 හැවිරිදි කාන්තාවක්ද රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් පාසල්වල ඉන්නේ නරුමයෝ...!
එතකොට හොරෙන් ලියවිලි සකසා පාසලේ බම්බුව රකින්න කටයුතු කළා කියන ගුරු උපදේශක හා විද්‍යාලයේ විදුහල්පති හා විනයතකා කටයුතු කළා කියන කමිටුවේ අයට මොකුත්ම කරන්නේ නැද්ද? ඒක එහෙම නම් කියන්න වෙන්නේ ඉතින් මොකේදැයි දන් වළඳන්නේ? තිබුණු පාත්‍රයේ කොස් ඇට බැද්දේ කියලා තමයි ඊළඟට මෙහෙම අය ළමා නිවාසවල රැඳවීම ඉතාමත් භයානකයි. ඔවුන්ව රැඳවීම කරන්න ඕන පරිවාස දෙපාර්තමේන්තුවේ රැඳවුම් නිවාසවල පමණයි...
දැන් නම් ලංකාව හොඳටම පිරිහිලා...
ළමයි දූෂණය කරලා පාර්ටි දාපු අය හදපු අමන දේශපාලකයෝ කවුද කියලා හොඳට මතක් කරගන්න.
ඒ ගෑනු දරුවා අනාත වෙලා අපකීර්තියට පත්වෙලා ... ඊළගට දැන් ඔය පිරිමි ළමයි 21 දෙනාගේත් අනාගතයම අඳුරු වෙනවා මේ වගේ දේවල් පත්තර ටීවීවල ලොකු නිවුස් කරලා ඒ දරුවන්ගේ අනාගතේ විනාශ කරන්න එපා. මේ සියලු දෙනා මේ වගේ දෙයකට යොමුවෙලා තියෙන්නේ සමාජයේ වැඩිහිටියන්ගේම වරදින්... ඒ අම්මා තාත්තාත් තමන්ගේ දුව යන එන තැන් කරන්නේ මොනවාද කියලා සොයලා බලලා නැහැ.. ගෑනු ළමයාට බොන්න දීලා කියලා තිබුණානේ.. එහෙම දුවෙක් බිල ගෙදර එනකොට දෙමාපියන්ට තේරෙන්නේ නැද්ද? පිරිමි ළමයිගේ දෙමාපියනුත් තමන්ගේ පුතාලා මොනවාද කරන්නේ කියලා සොයලා නැහැ.. ගුරුවරු, විදුහල්පතිත් වැරැදියි... දරුවන්ව පුනරුත්ථාපනය කරන්න වෙයි.. වැඩිහිටියන්ට දඬුවම් කරන්න...
මේ දූෂණ සිදුවීම යටපත් කිරීමට උත්සාහ කළ විදුහල්පති ඇතුලු ගුරුදෙගුරුන් අත් අඩංගුවට ගන්නේ නැත්ද?
මේකට විදුහල්පති සම්බන්ධයි වගේ...
මේ ළමුන් මැක්ස් වැනි අය විසින් පත්කළ, ළමුන් දූෂණය කර වාර්තා තැබූ අයගෙන් පැවතෙන්නන් මිස ජවිපෙ අය නොවේ.
පාසලේ විදුහල්පති, විනය කමිටුව ගැනත් නීතියෙන් බලන්න ඕනේ.