
(කේෂර ගුණතිලක)
තණමල්විල ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන 16 හැවිරිදි ශිෂ්‍යාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් ශිෂ්‍යයන් 21 දෙනකු සහ ඊට අනුබල දුන් කාන්තාව අගෝස්තු මස 22 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස වැල්ලවාය දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් චතුර ඊ දිසානායක මහතා නියෝග කළේය.
පාසල් ශිෂ්‍යයන් 21 දෙනා බණ්ඩාරවෙල සුරක්ෂා ළමා නිවාසයේ රඳවා තැබීමටද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
ඌව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දිනේෂ් කරුණානායක මහතාට ඉකුත් හත්වෙනිදා ලද බුද්ධි තොරතුරක් මත තණමල්විල ප්‍රදේශයේ ප්‍රධාන පාසලක ඉගෙනුම ලබන 16 හැවිරිදි පාසල් ශිෂ්‍යාවකට ලිංගික අතවර කළ එම පාසලේම සහ තවත් පාසලක සිසුන් පිරිසක් සහ ඊට අනුබල දුන් සැකකාරියක තණමල්විල පොලීසිය මඟින් මෙලෙස අත්අඩංගුවටගෙන තිබිණි.
අතවරයට පත්වූ දැරිය තණමල්විල ප්‍රදේශයේ ප්‍රධාන පාසලක ඉගෙනුම ලබන එකොළොස් වන වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවකි.
නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණයකර ලිංගික අපයෝජනය සිදුකිරීම,බරපතළ ලිංගික අපයෝජනය සිදුකිරීම,ස්ත්‍රී දූෂණය සහ රංචු ගැසී ස්ත්‍රී දූෂණය සිදුකිරීම යන චෝදනා යටතේ ඉකුත් (11) වෙනිදා මෙම පිරිස අත්අඩංගුවටගෙන ඇත.
මෙම ස්ත්‍රී දූෂණයට අනුබලදීම සම්බන්ධයෙන් තණමල්විල තැපැල් කාර්යාලය පිටුපස පදිංචි 39 හැවිරිදි කාන්තාවක්ද රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.