
(අංජුල මහික වීරරත්න)
159 නම් අදාළම නෑ.ඔවුන් ෆේල්.ඒක තමයි අනුර කුමාර මහත්තයත් තනියෙන් එල්ලිලා මේකෙ සටන් කරන්නේ.ඒ එතුමා දැනට මිනිස්සු අතර පාස් නිසා වෙන්න ඕන යැයි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් හරින් ප්‍රනාන්දු මහතා පැවසීය.
"ඉදිරියේදී අපි ඇත්ත එළි කරන විට ජනතාවට ඇත්ත තේරේවි යැයි හරීන් ප්‍රනාන්දු මහතා කීය.
කොළඹ මල් පාරේ දේශපාලන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී හරීන් ප්‍රනාන්දු මහතා මේ බව සඳහන් කළේය.
"එක්සත් ජාතික පක්ෂය මෙතන හිට ගත්තේ ඇයි කියා සමාජ මාධ්‍යයේ කැළඹීමක් ඇතිවී තිබෙනවා. ආණ්ඩුවට විරුද්ධව හදන බලවේගයක් සමග හිට ගන්න අප ඕනෑම මොහොතක සූදානම්.අභියෝග හමුවේ එකට සිට ගැනීම එක්සත් ජාතික පක්ෂයේ එදා සිටම ස්ථාවරයයි.
නිදහස ලබා ගැනීමේ සිට ලංකාවේ ප්‍රශ්නයක් තිබෙන සෑම මොහොතකම එක්සත් ජාතික පක්ෂය ඒ වෙනුවෙන් පෙනී සිටියා" යනුවෙන්ද හරීන් ප්‍රනාන්දු මහතා මෙහිදී කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැක්කා නුගේගොඩදී. අනේ මේ කුණුහරප විතරක් අහගන්න එපා.
දේශපාලන අනාතයෙක්ගේ අඳෝනාව හරි මිහිරියි.
අනුර ෆේල් නිසා තමයි 159ත් ෆේල් වෙලා තියෙන්නේ. ආපහු 3%ට බහින එක අනිවාර්යයි. ඒ මෙහෙයුමේ මහමොළකරු රනිල්...
මුලු රටේම දැක්කා ආණ්ඩුවට කොච්චර ජනතාව කැමැතිද කියලා නුගේගොඩ රැස්වීමෙන්...
රනිල්ගේ ප්‍රතිරූපය පුම්බන්න රට වටේ සංගීත සංදර්ශන තියලා, මෙයයි මනුෂයයි කෝටි ගණන් මාටියා ගැහුවා...
මේ වගේ හොරු රැලකට අනුරට කිට්ටු වෙන්න පුළුවන්ද?
අරක්කු බයිට් දීලා ගෙනාපු හාදයෝ දකිනකොට, මොවුන් බලයට ආවොත් මේ රට විනාසයි කියලා හිතනවා..
නුගේගොඩ මිනිස්සු සාප කරනවා. ආපු රැල වැලි පාක් එක හැමතැනම කෑම පාර්සල්, බෝතල් දාලා වනසලා, මේ හරක් රැලද රටේ පාලනය ඉල්ලන්නේ තූ නොදකින්...
ශ්‍රී ලංකාවේ දේශපාලනයට හොරකම පුරුදු කලේ 1977 එවකට නායකයා වශයෙන් කටයුතු කළ J R ජයවර්ධන මහතා තමයි. අපිට තාම මතකයි. මිස්ට හරීන් කරුණාකර බයිලා කියන්නේ නැතුව ඉන්න
පාස් ද ෆේල් ද කියල කියන්නේ ෆෙලේ වෙච්චි එවුන්නේ. පාස් වෙච්චි කෙනෙක් හොයා ගන්න නැද්ද?
රජයේ සේවකයින් ගේ මාසේ පෙන්ෂන් එක ගෙවන්න CTC එකේ මාසේ අන්තිම බදු ටික එනකල් බලන් ඉන්න රටක් හදපු මෙයාලා මොන විකාරද මේ කතා කරන්නේ. අපේ ජීවිත කාලේ ඉවරයි දැන්, අපිට ජීවත් වෙන්න හොඳ පරිසරයක් හදන්න තමුනුත් ඇමැතිකම් කරපු ආණ්ඩු වලට බැරි වුණා. අන්තිමට බංකොලොත් රටක් හදලා, අපිට අපේ දරුවන්ගේ අනාගතේ කොහොම වෙයිද කියලා හූල්ලන්ට වෙන තත්වෙකට තමුන්ලා ආණ්ඩු කළා. දැන් වත් පැත්තකට වෙලා ඉන්න.
පිළිවෙලකට දරුමල්ලොත් එක්ක පවුල් ජීවිතයක් ගෙනියන්න බැරි එකෙක් එනවා රට හදන්න.
මෙ යකා ඊයෙ අයිස් ගහල වගෙ කාත කරෙ.. මෙලෝ තේරුමක් නැ කියෝපු දේවල්..
අනුර පාස්ද ෆේල්ද බලන්න ඔයා විභාග කොමසාරිස්ද? අනේ මේ වැඩක් බලාගෙන ඉන්න හලෝ. ඉස්සර අපිත් UNP තමයි. ආයෙ නම් ආත්මෙකට නම් දෙන්නේ නෑ.
ඔයාලාට වඩා හොදයි මේ අය. හරීන් ඔයා හිතන් ඉන්නේ ජගතා කියලාද?
හැරෙන හැරෙන පැත්තට හුරේ දාලා, වාසි ගන්න හදන දේශපාලකයින්
මේ වගේ කෙනෙක් කියන ඒවා වැඩක් නැති බව බුද්ධිමත්ව හිතන්න.
දැන් එතකොට ඔයාල පාස්ද?