ඕස්ට්‍රේලියා මුහුදු සීමාවේ දී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික සරණාගතයන් ශ්‍රී ලංකාවට යැවීමේ අදහසක් නැතැයි ඕස්ට්‍රේලියා රජය ඕස්ට්‍රේලියා මහාධිකරණය හමුවේ කියා සිටියේය.
ඉන්දියාවේ සිට ගිය මෙම පිරිස පසුගිය ජූලි 07 වැනි දා අත්අඩංගුවට ගෙන මුහුද මැද රඳවාගනු ලැබ සිටිති.
දින තුනක ලිඛිත දැන්වීමකින් තොරව බෝට්ටුවේ සිටින පිරිස් ආපසු නොයවන බව ඕස්ට්‍රේලියා රජය කියයි.
විනිසුරු කෙනත් හේන් පැවසුවේ ඕස්ට්‍රේලියාවට පැමිණි සරණාගතයන් අතරමඟ දී බලෙන් නවතා ඕස්ට්‍රේලියාව හැර වෙනත් රටකට යැවීමේ බලය ඕස්ට්‍රේලියාවට ඇද්ද යන්න මෙම සිද්ධියෙන් මතුවන බවයි.
නඩුව අද සවස යළිත් කැඳවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පස්සේ කනවෝ.... කනවෝ.....කියල කියන්න එපා .(අ)
තව ඉන්නවා එවන්නම්, මෙහෙ කට්ටිය වැඩියි, ආණ්ඩුවට කට්ටිය මදියි, මොකද මෙහෙ ඕන තරම් ජොබ් , හොදට කන්න බොන්න, යාන වාහන එමටයි, සුකොපබෝගී නිවාස, (අ)
නිහාල් විතානගේට මොනවා වෙලාද මන්දා? (නි)
ඒ කියන්නේ ලිඛිත දැන්වීම දීලා, පැමිණි රටට යවනවා කියන එකද....? (නි)
කුමාර, ඔබ හරි (නි)
විසඳුම කුමක් වේවිද? (නි)
මොකක්ද මේ හතර බීරි කතාව. මෙය දැනගත්ත ගමන් මිනිස්සු හොර පාරේ ඕස්ට්‍රේලියාවට යාවි. ඕස්ට්‍රේලියාවට ගොහින් දුක්විදින්න ඕනේ ටික කාලයයි ලංකාවේ සිටියොත් ජීවිත කාලයම දුක්විදින්න ඕනේ කියල මිනිස්සු දන්නවා. ඔස්ට්‍රේලියාවට ගිහිල්ල මිනිස්සු මහන්සිවෙන්නේ තමන්ගේ දියුණුවට. ලංකාවේදී මහන්සි වෙන්නේ පළාතේ දේශපාලුවගේ දියුණුවට. (නදී)
අපේ පඩියෙන් කපන බදු මුදල් අනෙකුත් දේවල්වලට මෙහෙම නාස්ති වුනොත් බදු සිල්ලම වැඩිවේවි. මෙහෙම ගියොත් සරණාගතයන් නඩත්තු කරන්නෙත් අපෙන් කපන බද්දෙන්. කමක් නැහැ එක අතකට පිනක්නේ කියල ඉන්නවා (නදී)
ගාමිණි, නොදන්නා දෙයට කතානොකර ඉන්න. හරියන්නේ හරි ක්‍රමයට නම් කමක් නැහැ. පුළුවන් තරම් බොරු කියලා මෙතන වීසා නැතුව ගොඩබැහැපු කට්ටිය ලංකාව තුට්ටු දෙකට දාන හැටි නොදැන අනුමාන කතා කියන්න එපා. ඔබ හිතන්නේ ලංකාවෙන් මේ රටට ආ හැමෝම බෝට්ටු වලින් ගොඩ බැහැලා කියලාද? (නි)
ගාමිණි හිතන්නේ මෙහෙ ඉන්න ඔක්කොම බෝට්ටුවෙන් ගොඩබැහැලා කියලාද? (නි)
ගාමිණි මහත්තයා, උගත්කමක් කෙසේ වෙතත් ආචාර ධර්මයක් එක්කවත් මේ මිනිසුන් මෙහෙ එන්නේ නැති බව අපි හැමෝම දැන් තේරුම් අරගෙන ඉන්නේ. (නි)
ගාමිණි, අපි නම් ආවේ නීතියට අනුව වීසා අරගෙන. අපි රස්සාවල් සොයාගත්තේ බොරු කියලා නෙවෙයි. සුදුසුකම් අනුව. ඒ නිසා අපි කොන්ද කෙළින් තියාගෙන ජීවත්වෙනවා. (නි)
තමන්ගේ කියලා ලංකාවෙන් එන බෝට්ටු තරුණයෙකුට උදව කරන්න ගිහිල්ලා අපි හොඳ පාඩම් ඉගෙනගෙන තිබෙනවා. (නි)
අපේ පළාතේ මෙහෙම බෝට්ටුවේ ආ කෙනෙක්ව සම්මුඛ පරීක්ෂණයකදී අතටම අහු වුණා. (නි)
අපි මේ අයට මනුස්සකමට උදව් කරන්න ගිහින් හොඳ පාඩම් ඉගෙනගෙන තිබෙනවා. කන්න දීපු අත හපාකන වැඩමයි කරන්නේ. පිටින් ඉඳලා මේ අයගේ ගුණ වනන උදවිය මෙහෙ ඇවිල්ලා බලන්නකෝ මේ උදවිය ජීවත්වෙන හැටි. (නි)
මේ ප්‍රශ්නයට නිසි විසඳුමක් ඉක්මනින් අවශ්‍යයි (නි)
බහුතරය සුද්දන්ගේ රටවලට ආවේ ඔහොම තමයි.දැන් මුල මතක නැහැ. (නි)
මම ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. ලංකාවේ කුමාරගේ අදහසට මම ගරු කරනවා. ඒ තමන්ගේ අසහනය පිටකරන්නේ නැතුව තමන් ඉන්න කැමති ලංකාවේ කියලා වැදගත් විදියට ප්‍රකාශ කළ නිසා. (නි)
අනේ! අපි නම් හරි කැමතියි මහා ලොකුකම් නැති වුණාට , මව්බිම ගැන බොරු නොකියන අවංක, ලංකාවට ගෞරවයක් ලෙස ජීවත්වෙන්න කැමති උදවිය වැඩි වැඩියෙන් මෙහෙ එනවාට. (නි)
බෝට්ටු වලින් එන උදවියට ලංකාවේ කට්ටිය නේද කියලා උදව් කරන්න ගිහින් අපි හොඳ පාඩම් ඉගෙනගෙන තියෙනවා. ජම්ම පුරුද්දට මෙහෙ එන්නෙත් ලංකාව ගැන බොරු කියාගෙන. ඇවිල්ලා අපේ රට ගෝත්‍රික රටක් කියලා මෙහෙ අයට හිතෙන විදියට තමයි ජීවත් වෙන්නේ. (නි)
මගේ නම් කිසිම කෙනෙක් ඕස්ට්‍රේලියාවේ නැහැ. මේ කියන්නේ ඊර්ෂ්‍යාවට නෙමෙයි. මේ විදියෙන් රටවලට ගිය මිනිසුන් පරම්පරා දෙකක් යනකොට ඒ රටවලටම හිසරදයක් වෙනවා. (නි)
මට නම් මගේ රට සුරපුරයක් (නි)
ඕස්ට්‍රේලියාවේ ඉන්න සිංහලයින් තමන්ගේ කෙනෙක් එනවට කැමැති නැහැ වගෙයි (නි)
එහෙමනම් ඉතින් සාදරයෙන් පිළිගන්න වේවි. ඇවිත් නිකම් ඉන්න ගමන් අනිත් මිනිස්සු පැය 24 මහන්සි වෙලා උපයන මුදලින් හවසට බාර් ගානේ යන්න පර්මිට් එකකුත් ලැබුනා නම් පංකාදුයි. (අ)
එහෙම නම් ඉතින් සාදරයෙන් පිළිගන්න වේවි. ඇවිත් නිකම් ඉන්න ගමන් අනිත් මිනිස්සු පැය 24 මහන්සි වෙලා උපයන මුදලින් හවසට බාර් ගානේ යන්න පර්මිට් එකකුත් ලැබුනා නම් පංකාදුයි. (නදී)
ඉතාලියට සරණාගත බෝට්ටු හරියට එනවා. රැකියා නැති නිසා ආපසු යනවා (නි)
ඔය කෑගහන ගොඩක් අය ඕස්ට්‍රේලියාවට ආවෙත් ඔහොම තමයි. තව කාටවත් හරියනවට කුහකකමට කෑ ගහනවා. ඕස්ට්‍රේලියාව හොඳ නැත්නම් ලංකාවට එන්න. (නි)
මේ යන මිනිසුන්ට යන්න නිවැරදි මාර්ගයක් හදල දුන්නනම් මේ වගේ මාරාන්තික ගමනක් යන්නේ නැහැ , රටවල් අතර ප්‍රසන ඇති වෙන්නෙත් නැහැ. (නදී)