(ඉන්දිකා රාමනායක)
ගල්කිස්සේ 15 හැවිරිදි දැරිය ලිංගික කටයුතු සඳහා අලෙවි කිරීමට යොදාගත් වෙබ් අඩවි හතරක් ම තහනම් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
ළමා හා කාන්තා කාර්යාංශය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයෙන් කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් මෙම වෙබ් තහනම් කර ඇති බව ද හෙතෙම කියා සිටියේය .
මෙම වෙබ් අඩවි තහනම් කරන ලෙසට අධිකරණය විසින් විදුලි සංදේශ නියාමන සංදේශ නියාමන කොමිසම් සභාව වෙත කළ දැනුම්දීමකට අනුව මෙම වෙබ් අඩවි තහනම් කළ බවද පොලිස් මාධ්‍ය බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හානියට පෙර TRC විසින් පියවර ගත යුතුව තිබුණි ...... රජයේ ආයතන වැරදි වලින් ඉගෙන ගන්නවාද ????? ඔවුන් ක්‍රියාකාරී නොවේ ........ ඔහුගේ අවධානය පිණිසයි
දැන් තමයි මේවා තහනම් කරන්න හිතිලා තියෙන්නේ.මේ තිරයේදී අප බොහෝ කලක සිට නිතර නිතර මේ අසභ්‍ය වෙබ් අඩවි ගැන පියවරක් ගන්නා ලෙස ඉල්ලීම් කළා.ඒත් ඒ ගැන කිසිදු පියවරක් ගත්තේ නැහැ.අප අපගේ ජාතික යුතුකම ඉටු කොට තිබෙනවා.ප්‍රමාදවී හෝ මේ පියවර ගැනීම ගැන ස්තූතියි.කුණුහරුප යොදාගෙන පවත්වාගෙන ගිය වෙබ් අඩවියක තිදෙනෙකුත් අත්අඩංගුවට ගත් කතාවක් කියැවුණ බවක් මතකයි.එයට මියගිය පාතාල නායකයකු අනුග්‍රහය දක්වා ඇති බවක් ද කියවුණා.මෙන්න රටේ කිසිදු පාලනයකට ලක් නොවූ සමාජ මාධ්‍යවල යථා තත්ත්වය.සමාජ මාධ්‍යයන් ට පූර්ණ නිදහස ලබාදිය යුතුයි. ඒත්,අසභ්‍ය අසංවර හා අපහාසාත්මක ඒවාට නිසි ලෙස නීතිමය පිළියම් යෙදිය යුතුයි.නිදහස අවශ්‍යයි.ඒත් රටකට සමාජයකට හෝ පුද්ගලයන්ට වල්බූරු නිදහසක් හිමිකොට නොදිය යුතුයි.මේ තීරයේ ලියන සමහර අයද අපහාසය පසෙකලා උපහාසය යොදාගෙන කටයුතු කරන්නේ නම් බෙහෙවින් අගනේය. මන්ද යත්, අපහාසයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළහැකි වුවද,උපහාසයට එරෙහිව නීතිමය පියවර ගැනීම කල නොහැකිය.
වෙබ් අඩවි හතරක් විතරක් තහනම් කළාම ඇද්ද?
දැකලා දැකලාම දැන් මෙයාව මිනිස්සුන්ට එපා වෙලයි තියෙන්නේ .උදේ හවස දකින කුකුලාගේ කරමලේ සුදට පේනවා කියන එක මේ මහත්තයා දන්නේ නැද්ද දන්නේ නැහැ
එතකොට ඔය චූදිතයන් සියලුම දෙනා මේ වෙනකොට අත් අඩංගුවට අරගෙනද තියෙන්නෙ. සමහර අය අඬ අඬා ලොක්කන්ට කියල බේරුනා කියලත් ආරංචියි. මේ රටේ වැරදි කරුවන් බේරන නීතියකුත් තියනවානේ . ඒක ඉතින් ඔබ තුමා නොදන්නවා ඇති.