IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


15 දැරිය මුදලට ගත් විශේෂඥ වෛද්‍යවරයෙක් මාට්ටු

(ඉන්දිකා රාමනයක)

15 හැවිරිදි දැරියක් අන්තර්ජාලය ඔස්සේ ලබාගෙන ලිංගික අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියට අදාළව හෘද රෝග විශේෂඥ වෛද්‍ය වරයකු සහ තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

වෛද්‍යවරයාට අමතරව අත්අඩංගුවට ගත් සෙසු පුද්ගලයා දැරිය තැන තැන රැගෙන යාමට කුට්ටනය කළ තැනැත්තකු බවද හෙතෙම කීය .

හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයා බණ්ඩාරගම ප්‍රදේශයේ දී අද (6) අලුයම අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු කොළඹට ආසන්න රෝහලක සේවය කරන්නකු බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

සෙසු සැකකරු ඊයේ රාත්‍රියේ කිරිවත්තුඩුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබිණි .

මොවුන් දෙදෙනත් සමග ම මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 32 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් රිමාන්ඩ් බාරයට පත්කර ඇත.

මෙම සැකකරුවන් දෙදෙනා අද  අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

 



අදහස් (21)

15 දැරිය මුදලට ගත් විශේෂඥ වෛද්‍යවරයෙක් මාට්ටු

රමණී Tuesday, 06 July 2021 07:30 AM

හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයා හෘදයක් නැති එකෙක් වෙන්න ඇති... නැත්නම් ඔය පොඩි දරුවෙක්ට ඔහොම කරාවිද?.

:       2       54

VithanaThursday, 08 July 2021 06:18 AM

සැකකරුවන් දෙන්නෙක් මේක කියවලා තියෙනවා.

:       0       0

Bamunuarachchi Tuesday, 06 July 2021 08:06 AM

ඔය හම්බවෙන්නේ හිටු කියලා ...

:       2       46

Kumara Tuesday, 06 July 2021 08:32 AM

මේ දැරිය ගැන දැන්වීම් පලකල වෙබ් අඩවිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් අයගේ නම් පල කරලා තියෙනවා. ඇයි මේ කියන වෛද්‍යවරයාගේ නම් පල කරන්නේ නැත්තේ?

:       2       40

PAILORIS appuhamy.beralapanathara Tuesday, 06 July 2021 09:13 AM

මේ අපරාදකාරයගේ නමක් ගමක් නැද්ද

:       0       90

Raveendra Tuesday, 06 July 2021 10:17 AM

විශේෂඥ වෛද්‍යවරයාට නමක් ගමක් නැද්ද?

:       0       64

කල්පනාWednesday, 07 July 2021 06:37 AM

ඇත්තටම මෙවැනි අයෙකුට හෘද රෝග වෛද්‍යවරයෙකු ලෙසට වැඩකිරීමේ මානසික තත්වයක් තිබිය හැකිද?

:       0       0

Praba Tuesday, 06 July 2021 10:48 AM

අර වෛද්‍ය සංගම්, මේ වෛද්‍ය සංගම් වල ලොක්කනි, රටේ අනිත් මිනිස්සු හදන්න කලින් තමන්ගේ එවුන් ටික හදා ගනිල්ලකෝ...!!!

:       3       132

RaveendraTuesday, 06 July 2021 04:00 PM

සහතික ඇත්ත මේ අය මේ ඉහළටම ඉගෙනගෙන තියෙන්නේ ගෙදරින් ගෙනාපු සල්ලි වියදම් කරන්න නෙවෙයිනේ... මේ ඔක්කොම අහිංසක, දුප්පත් මිනිසුන්ගේ බදු මුදල් වලින් නේද මෙසේ ඉහළටම ඉගෙන ගෙන තියෙන්නේ. ඒ වුණාට සමාජයේ හැසිරෙන්න දන්නේ නැහැ කියන්නේ මේ උගත්කමින් වැඩක් තිබේද? අප සැමවිටම සඳහන් කරන්නේ "මෙවන්නන්ගේ" සියලු තොරතුරු මාධ්‍ය මගින් ඡායරූපද සමගම එළිකළ යුතුමයි යන්න. අප අදාල බලධාරින්ගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ මේ හැම "කෙනෙක්ගේම" වතගොත පැහැදිලිව මාධ්‍ය මගින් එළිකරන මෙන්ය. මේ අය විසින්ම සියදිවි නසාගැනීමට වැඩකටයුතු සමාජය මගින් කළ යුතුයි. මක්නිසාදයත් නීතිය ඉදිරියේ ගම්කබරයින්ගේ සටකපට තර්ක විතර්ක ඉදිරියේ මේ අය නිදහස් වෙනු නියතයි.

:       25       197

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 06 July 2021 11:14 AM

හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් කිව්වාම මොනතරම් වටිනා කෙනෙක්ද..? ඇයි ඔබතුමා මේ වටිනා උතුම් වෛද්‍ය වෘත්තිය කෙළෙසීමට පත්කළේ. හදවත් විවර කොට සැත්කම් කොට, ජීවිත ගොඩදාන ඔබතුමා කෙසේ මේ වැනි පහත් ක්‍රියාවකට සම්බන්ධ වුණේද? ස්ථිරවම ඔබතුමාව මේ දෙයට නම්මවා ගන්නට ඇත්තේ පාපමිත්‍ර සේවනය වෙන්නට ඇති. මිහිබට දෙවිවරුන්වන් වෛද්‍යවරුන් ගැන ඔබතුමාට නැවත සිතා බලන්නට තිබුණා. ඒත්, බුද්ධියට වඩා හැඟීම් ඉස්සර වුණා. දැන් ඇත්තේ ලැජ්ජාවට පත්වීම හා දඬුවමට මුහුණ දීමටයි. මේ පහත් වැඩේට සාමාන්‍ය මිනිසෙකු යොමුවීමට වඩා ඔබ වැනි කෙනෙකු යොමුවීම ගැන අපහට ඇත්තේ පුදුමයකි. මෘත ශරීර කපාකොටා ජීවිතයේ පිළිකුල් බව හා අනියත බව වෙනත් වෛද්‍යවරුන්ට මෙන් ඔබතුමාට නොවැටහීම ගැන අපහට ඇත්තේ පුදුමයකි. ඒ දේ ඔබතුමා අවබෝධ කොට සිටියේ නම්, අද මේ තත්වයට ඔබතුමා පත්වෙන්නේ නැත.

:       59       109

RaveendraThursday, 08 July 2021 06:28 AM

ඔබගේ වටිනා අදහස් අප හදවතින්ම අගය කරන්නෙමු. අවාසනාවට අද සමාජයේ වැඩි පිරිසකට ඔබගේ අදහස් නොතේරෙන බව නම් ස්ථිරය. අප අවට පරිසරය දූෂණය වී තිබෙනවාට වඩා අප අවට වැඩි පිරිසකගේ හිත දූෂණය වී තිබෙන බවත් නොරහසකි. එලෙසම ඔබ සඳහන් කළ එම අදහස් තේරුම් ගැනුමට නොහැකි උගතුන් වැඩි පිරිසක් අප සමාජයේ සිටීමත් කණගාටුවකි.

:       0       0

Deshapriya Tuesday, 06 July 2021 11:43 AM

මෙම සිදුවීමේදී ශ්‍රී ලංකා පොලිසිය ද බරපතල වරදක් සිදුකරමින් සිටියි. ඔවුන් අත්අඩංගුවට ගන්නා සැක කරු කිවෙනියද යන්න මාධ්‍යට තොරතුරු ලබාදෙන අතර සදාචාරයක්‌ නැති මාධ්‍යද ඒවා පල කරන්නේ දැරියගේ ආත්ම ගරුත්වය පිළිබද කිසිදු තැකීමකින් තොරවය. මේ සිදු වීමෙන් පසුවද මෙම දැරිවිය අපේ සමාජයේ ජීවත් නොවිය යුතුද?

:       51       45

සමන්Wednesday, 07 July 2021 03:08 PM

ඒ පිළිබඳ සිතිය යුතුව තිබුණේ දැරියගේ මව් නොවේද

:       2       54

sanjeeva Tuesday, 06 July 2021 01:36 PM

රණවිරුවාට අත නොතබනු

:       367       25

sanjeevaWednesday, 07 July 2021 12:33 PM

unlikes 300ට වැඩියි . ගොඩක් සතුටුයි. මම මේ කොමෙන්ට් එක දැම්මෙත් ඕක බලන්නමයි. .. මේ වගේ තිරිසන්නු සමාජයට බරක් වගේම තර්ජනයක් ... ඒවගේම 10දෙනෙක් මේ කොමෙන්ට් එක වෙනුවෙන් පෙනී සිටිනවා..

:       1       5

මෝ Tuesday, 06 July 2021 02:48 PM

ළමා අපරාධ කරුවන්ගේ වත ගොතසහ පින්තූර ප්‍රසිද්දියේ පල කිරීම සදහා නීති පැනවිය යුතුයි.මුගේ නම මොකද්ද?

:       0       1

sampath Tuesday, 06 July 2021 07:15 PM

මේ අයට බන්ධනාගාරගත වෙන්න වුණොත් නම් ආයේ ආත්මෙකට මේවගේ දේවල් නොකරන්න ලැබෙයි. මොකද හිරගෙදර වුණත් මේවට සමාවක් නෑ..

:       0       0

Dilshan Tuesday, 06 July 2021 07:44 PM

ඕක යහපාලනය කාලේ එහෙම වුණානම් දොස්තර සංගමේ මේ වෙනකොට දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක්...!!!

:       0       0

ගමේ එකාලා Tuesday, 06 July 2021 11:05 PM

ඔය කියන දොස්තර හදවතක් නැති කෙනෙක් වෙන්ඩැ. අඩුම ගානේ අනික් අයට දැනගන්ඩ නම ගමවත් දානවකෝ.

:       0       0

gayan Tuesday, 06 July 2021 11:31 PM

නීතිය හරියට ක්‍රියාත්මක වෙනකල් මේවා කතා කරල වැඩක් නැහැ

:       0       0

pakeer Wednesday, 07 July 2021 08:54 PM

මේ කොන්දොස්තරවරයා මේ ළමයාගේ හරි වයස දන්නේ නැතිනම්? මේ දොස්තර මේ දරුවා අලෙවි කළ කෙනා බොරු වයසක් කිව්වා නම්? අනික මේ ළමයා මේ වැඩේ කළේ කොහොමද? එක්කෙනෙක් නෙමෙයි... ඇයි දොස්තරව විතරක් අල්ලගෙන දඟලන්නේ..? ප්‍රශ්නයකදී තියෙනවා බලන්න ගොඩක් පැති. සමාජ ආචාරධර්ම තියෙනවා තමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රේගුවට ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියකරන කල්ලියක්
2024 අප්‍රේල් මස 25 151 0

රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ ඩෙන්ඩර් කැඳවා අළෙවි කිරීමේදී ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියගැන්වීමට මෙරටින් පැනගොස් සිටින පාතාල සාමාජික


මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 270 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


ලක්ෂ 27ක මත්කරල් ඔරුගොඩවත්තෙන් අල්ලයි
2024 අප්‍රේල් මස 25 65 0

රුපියල් ලක්ෂ 27 ක් වටිනා මත්කරල් 27,000 ක් ජාවාරම් කිරීම සදහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ‘බම්පින් කුමාර‘ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් අද (


ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 881 2

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා
2024 අප්‍රේල් මස 25 233 1

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


දුම්රියේ වැඩ ආවරණයට ප්‍රවාහන අධ්‍යක්ෂ ජනරාල් පත්කරයි
2024 අප්‍රේල් මස 25 277 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1703 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1547 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site