නිවාඩු නොමැතිව හමුදා සේවයට වාර්තා නොකර සිටින හමුදා සාමාජිකයන්ට නිත්‍යනුකූලව ඉවත්විම සඳහා වන කාලය ලබන 25 වැනි දින දක්වා දිර්ඝ කොට ඇති බව හමුදාව කියයි.
ඉකුත් 02 වැනි දින සිට අද (16) දක්වා පොදු 13,600 ක් දෙනා භාර වු බවත් වැඩබලන හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර සඳහන් කරයි.
මින් 10,400 දෙනෙකුට නිත්‍යනුකුල ව සිය අස්වීමේ ලිපි දැනටමත් නිකුත් කර ඇති බවත් සෙසු පිරිසගේ අස්වීමේ කටයුතු ද දින කිහිපයකින් අවසන් කරන බවත් ඔහු පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහ පාලනේ කියන්නේ වැඩට නොගිහින් හොරෙන් පැනල ගෙදර ඉන්න උන්ට පඩි ගෙවන එකද? විජයබාහු මොන මගුලක් කතා කරනවද මන්ද.රාජ්‍ය සේවයේ වටිනාකම දැනගන්න පුළුවන් ආණ්ඩුවේ කන්තෝරුවකට ගියාම වැඩක් කරගන්න. යකඩෝ අපි හත් වැඳුම් වඳින්න එපාය දෙයක් කරගන්න.හැමෝම ගෙදර යවලා රස්සවක අගයක් තේරෙන උගත් තරුණ පිරිසක් ගත්තනම් හරි. (බ)
දිනුෂට වැරදිලා, කිසිදු වැටුපක් ගෙවන්නේ නැත (බ)
නදිනි රණවීර... ඔය නම් යුද්දේ ගැනවත් කිසිම දෙයක් දන්නේ නෑ වගේ... මම අවුරුදු 20ක් උතුරු නෙගෙනහිර සේවය කළේ ගුවන් හමුදාවේ... අගමැති රනිල් කරපු ඒවා මම හොඳට දන්නවා... ඒ වගේම ගෝඨාභය මහත්තය රට වෙනුවෙන් කරපු සේවයත් දන්නවා .... ලොතරැයි වික්ක රණවිරුවෝ දැනටත් ඉන්නවා බුද්ධි අංශයේ... හිඟා කන රණවිරුවොත් ඉන්නවා බුද්ධි අංශයේ .. එක නිසා දන්නේ නැති මගුල් කියවන්න එපා..(බ)
අවි පුහුණුව ඇති අය ගැන සුදුසු වේ පසු විපරම (බ)
කියපුව ටික ටික සිද්ද වෙනවා වගේ.(බ)
යහපාලනයේ රාජ්‍ය සේවයට ඕක තම වෙන්නේ. දැන් ඉතින් බලන් ඉන්න තියෙන්නේ (ම)
නදිනි, ඔයාලා තාමත් කඩේ යනවනේ. ඔයාලා කියන්නේ ඒ මිනිසුන්ට තුවක්කු අරගෙන හොරකමේ යන්න කියලද රැකියාවෙන් ඉවත්වෙලා. ඔයත් ළිඳේ ඉන්න ගෙම්බා වගේ ලෝකේ ගැන දන්නේ නැති නිසා ඔය ගැන අනුකම්පාවෙන් කියන්නේ. සමහර රටවල හමුදාවන් තිබෙනවා ඒ අය එළියට එන්නේ සුළි සුළඟකට පසු පාරවල් සුද්ධකරන්න විතරයි. ඔයා කියන්නේ ලක්ෂ ගණන් වියදම් කරලා ආයුධ පුහුණුව දීලා නිකන් ගෙදර යවන්න කියලද. ඒ අයගෙන් සමාජයට වැඩක් කරවාගන්න පුළුවන් නිසා ඒක එහෙම කරන එකයි හොඳ. අනික එයාලට හොඳ විනයක් තියනවා. උද්ඝෝෂණ පිකටින් කරන්නේ නැහැ. ඒ අයගෙන් රටට හොඳ සේවයක් ලබාගන්න පුලුවන් නම් ඒක ලබාගන්න එක වරදක් නොවේ. (නි)
දිනුෂ ඉතින් එකට විසඳුම රාජ්‍ය සේවය දිය කරන එකද. රාජ්‍ය සේවය තම ආණ්ඩුවකට තියන ශක්තිය. උදාහරණයකට පෞද්ගලික ප්‍රවාහන ගාස්තු වැඩි කළොත් එයට තියන විකල්පය මොකද්ද හැමෝටම මරුටි දෙන එකද. රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන එක සහ දිය කරන එක කියන්නේ දෙකක්. ඔබේ ප්‍රශ්නයට විසඳුම අංක 1 මිසක් 2 නොවේ. එක හින්ද ඔලුවෙන් හිටන් අදහස් දන්නේ නැතුව කකුල් දෙකෙන් හිටගෙන අදහස් දන්නා (අ)
දුමින්ද , සුනිල් ... නදිනි සහ දුනුෂ දන්නා කෙහෙල් අවරියක් නැ. ඔය කවුරු හරි කියන දෙයක් ලියනවා මිසක්.(අ)
දුමින්ද, විජයබාහු, මෙතන නිකන් මෝඩ කතා ලියන්න එපා. යුද්ධය හමාර කළ පසුව ඒ විරෝධාර රණවිරුවන්ට මොකක්ද පසුගිය රජය කලේ. පොළවල් වල එළවලු විකුනන්නයි, ලොතරැයි ටිකට් පත් විකුනන්න යෙදෙව්වා. දන්නෙම නැද්ද? ඇත්තටම, එක අවස්ථාවක ඔය ලොතරැයි ටිකට් විකුණමින් හිටිය රණවිරුවෙක් මට කිවා රටේ යුද්ධය තිබුන නම්, මිට වැඩිය ගෞරවයකින් යුතුව රටේ ජිවත් වෙන්න තිබුන කියලා. "අපි වෙනුවෙන් අපි" කියල ප්‍රසංග පවත්වල ඒ මුදල් වලට කල හරියත් හොඳට පැහැදිලි කළා. දැන් නම් එහෙම ලොතරැයි විකුනන්න හිඟමන් යදින රණවිරුවෝ පොළවල් වල රස්තියාදු වෙන්නේ නැහැ. දැනුත් ඉන්නවා දැක්කොත් පත්තරේට දාන්න එතකොට අපි එයට විරුද්ධවත් ලියනවා. අපි මේ බඩ පුරවා ගන්න පත්තරේට අදහස් ලියන අය නෙවෙයි. (බ)