ශ්‍රී ලංකා ජනාධිපතිවරයා 2010 වසරේ දී පොරොන්දු වූ පරිදි ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව බහුතරයක් ජීවත්වන පළාත්වලට පුළුල් බලතල දෙන ලෙස ඉන්දියා නව අගමැති නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකා ජනපතිට අවධාරණය කළ බව හින්දු පුවත්පත කියයි.

ඉන්දියාවේ හිටපු අගමැති මන් මෝහන් සිං හා එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කි මූන් සමඟ 2010 මාර්තු මාසයේ පැවැති සාකච්ඡාවක දී බලය බෙදීම 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එහා ගිය විසඳුමක් ලබා දීමට ශ්‍රී ලංකා ජනපති මහින්ද රාජපක්ෂ මහතා පොරොන්දු විය.

ඉන්දියා අගමැතිවරයා උපුටා දක්වමින් එරට විදේශ ලේකම්වරිය සඳහන් කළේ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය හා ඊට වඩා එහා ගිය විසඳුමක් මඟින් මෙම ක්‍රියාවලිය සාර්ථක කර ගත හැකි බවයි.