පළාත් සභාවල ඇතැම් බලතල ඉවත් කරනවා සේම අධ්‍යාපන වැනි බලතල අලුතින් දිය යුතු යැයි නැගෙනහිර ආණ්ඩුකාර රියර් අද්මිරාල් මොහාන් විජේවික්‍රම කියයි.
අධ්‍යාපන බලතල පළාත් සභාවට පවරන විට ජාතික පාසල් ක්‍රමය අවසන් වී සියලු පාසල් කළමනාකරණය පළාත්සභාවට පැවරෙන බව ඔහු කියයි.
‘උතුරේ ඡන්දය පැවැත්වීමට සූදානම් වන මේ මොහොතේ ඇතැම් බලතල ඉවත් නොකළ හොත් රට අනතුරටක පත් විය හැකි බව රජය කියනවා. 13 වැනි සංශෝධනය හිටි හැටියේ නීති ගත කළේ අවි ගත් කණ්ඩායම් නිරායුධ කරන්නයි. විවිධ පාර්ශ්ව ඊට විරුද්ධ වුවත් අවුරුදු 25ක් තිස්සේ එය ක්‍රියාත්මක වුණා. ‘
කෑගල්ල දිස්ත්‍රික්කයෙන් පැමිණි යොවුන් සමාජ පිරිසක් සමග පැවති සාකච්ඡාවකදී ආණ්ඩුකාරවරයා මේ අදහස් දැක්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හීනීන් ඇවිදින ගමන් වගේ කියල තියෙන්නේ.(නදී)
අධ්‍යාපනය එක විදිහකට මුළු රටේම පැවතුනොත් තමයි එක ජාතියක් විදියට ඉදිරියට යන්න පුළුවන්. (දී)