ප්‍රමාණයට වඩා පටවාගෙන විල්පත්තුව බැලීමට ගිය 18 දෙනකු රැගත් ධීවර බෝට්ටුවක් විල්පත්තුව පලුගහතුරේ දී පෙරලීමෙන් 5 දෙනකු මියගොස් ඇතැයි වනාතවිල්ලුව පොලිසිය කියයි. සෙසු 13 දෙනා නාවික හමුදාව සහ ධීවරයින් විසින් බේරාගනු ලැබූහ. මියගිය 5 දෙනා තලංගම උතුර පදිංචි විනුලි දනුනලියා (4) ඇගේ මව චම්පිකා ශිරෝමි (35) , චතුරිකා සුභෂිණි (20), ලලනි ගෝමස් (40) සහ ජුඩ් දයානන්ද පෙරේරා (55) යන අය බවට හඳුනාගෙන ඇත. මියගිය පිරිස පලුගස්තුරේ නාවික හමදා මුරපොළේ නාවික භටයකුගේ නෑයන් බව ද වාර්තා වේ. සාමාන්‍යයෙන් අට දෙනකු යන බෝට්ටුවකින් 18 දෙනකු ගමන් කර ඇතැයි පොලිස් ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජ්වීතාරක්ෂක උපකරණ නැතුව මෙහෙම බෝට්ටු වල යන එක තහනම් කර මේක සංවිධානය කළ අයට විරුද්ධව නීති මගින් කටයුතු කළ යුතුයි. (නි)
කණගාටුදායක සිද්ධියක්. අනික් අයට පාඩමක්.අවදානම් විනෝදය නරකයි. මියගිය අයට නිවන් සුව පතමු. සියලු සත්වයෝ සුවපත් වේවා! (නි)
නියමයි නාවික භටයාගේ දැනුම. (නි)
සත්‍යපාල, බ්‍රිතාන්‍යය විදේශ ගමන් බලපත්‍රය තිබෙන අයට රටවල් එකසිය ගණනකට වීසා නැතුව ඇතුල්වෙන්න පුළුවන්. ලංකාවේ පුරවැසියන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් අපි පෙනී සිටිනවා විතරක් නොවෙයි නොබියව හඬ නගනවා. (නි)
මැරෙන්න තියන වෙලාවට වළක්වන්න බැහැ. කොහොම හරි මැරෙනවා. අපි කොච්චර පණ්ඩිතකම් කිවුවත් අපි හැමෝම ඔය වගේ වැඩ ජීවිත කාලය තුල කරනවා. පොඩ්ඩක් හදවතට කතා කරලා බලන්න ඔබ කවදාවත් කිසිම අවදානම් වැඩක් කරලා නැද්ද කියලා. (නි)
පමණට වඩා දැනගන්න එකෙනුත් වෙන්නේ විනාසේ. මුකුත් නොදන්නා එකෙනුත් වෙන්නේ විනාසේ. කියන්න තියෙන්නේ ඔච්චරයි (නි)
නීල් රණා ලංකාවේ පුරවැසියෙක් තමන්ගේ රටට හෝ යන්න බලාපොරොත්තු වෙන රටට හෝ එම සමාජයන්ට හෝ වැදගත් වෙන ගමනකට විසා බලපත්‍රයක් අයදුම් කලොත් කිසිදු කරදරයකින් තොරව ඕනෑම රටකට එම බලපත්‍රය ලබා ගත හැකියි. නමුත් හොරුන්ට වංචනිකයන්ට බොරුකාරයින්ට නම් එය පහසු නැහැ. දැන් ඔයා සටන් කරන්නේ එයාල වෙනුවෙන්ද ?.බොහොම හොදයි. රටේ වෙන ප්‍රශ්ණ නැහැනේ?. (නදී)
නාවික සෙබලාට කෑමට මගෙන් තණකොළ මිටක් , තමන්ගේ නෑයෙක් තියා දන්නා හතුරෝන්ටවත් ඔය විදිහට බෝට්ටු වල යන්න දෙනවද යන්න පුළුවන් ප්‍රමාණය ආරක්‍ෂිත කබා ඇඳගෙන යන්න අවශ්‍ය බව නාවික සෙබලෙක් දන්නේ නැත්නම් අනෙක් අය ගැන කවර කතාද (නදී)
ටෙනිසන්, මේ වන විට විදෙස්ගතවී සිටින හොරෙක්, බොරුකාරයෙක්, වංචනිකයෙක් නොවේ යැයි 100% සහතික විය හැකි එක පුද්ගලයෙක් මට පෙන්වන්න. අඩුම තරමින් ආණ්ඩුවේ හෝ විපක්ෂයේ සිටින එවැන්නෙක්. එය ඔබට කළ නොහැකියි. ඒවගේම අපේ අය යන කිසිම රටක් හොර, බොරු, වංචාවෙන් තොර රටක් ලෙස හැඳින්විය හැකිද? . (නදී)
ඉතාලියට ඔස්ට්‍රේලියාවට මුහුදු මගින් යන්න ගිහින් සයුර මැද අණතුරට පත්වෙන අයට නාවික හමුදාව මීට වඩා උදව් කළයුතු බවක් පෙනෙනවා.(නදී)
මැරෙන්න තියෙන වෙලාවයි,පරිස්සමක් නැතිකමින් විහින් මැරෙන එකයි මේ දෙක එකක් නෙමෙයි.ලංකාවේ වෙඩි තියල මැරුණත්,බෙහෙත් නැතිකමින් මැරුණත්, රජ රට වකුගඩු රෝගයෙන් මැරුණත් කියන්නේ එයාගේ වෙලාව කියල.අපි තාමත් හිතන හැටි..(නදී)
නීල් රණා, බෝට්ටුව වෙන පැත්තකට හැරවෙනවා (නි)
සිතු දේ නොම වෙයි නොසිතු දෙයක් වෙයි. (නි)
නීල්-රානා,අනේ ඔවු. පිටත් වෙන්නට පෙර සිට ඕස්ට්‍රේලියාවට ගොඩ බහිනතුරු නාවික හමුදාව ගිහින් ඇරලවන්න කියලා නේද කියන්නේ.මේ නීල්-රානාගේ ඔලුව හොදටම අවුල්.දැන් ඉතින් මේකට පැදුරක් විතර උත්තරයක් ලියන්න බලයි. (නි)
අර නොදරුවා පව්. මොකද දැන් සමහර ගැහැනුන්ට කොහේ හරි ගියහම තමා නාන්න මතක් වෙන්නේ. හරියට ගෙදරදී නාන්නේ නැති හින්දා වෙන්න ඇති. මෝඩ වැඩ හින්දා දෙයක බරපතලකම නොතේරෙන පුංචි දරුවෙකුත් නැතිවුණා. (නි)
8 දෙනෙක්ට යන්න පුළුවන් එකක 18 ක් ගිහින් නම් මේ සිද්දිය වෙලා තියෙන්නේ ඒ අය උන්නත් එකයි මලත් එකයි කියලයි ගිහින් තියෙන්නේ .. ආර්ථික අමාරුකම් නිසාත් මේ වගේ තීරණ ගන්න ඇති ..අතේ මිටේ යහමින් මුදල් තිබුන නම් බෝට්ටු දෙකක් ගන්නවා නේ .. නැත්නම් නැවක් උනත් කුලියට ගන්නවා නේ .. .(නදී)
ගොඩක් කලකිරෙනවා මේ සිද්ධිය ගැන, ගිය හැම කෙනෙක්ම ඊට වැඩිය මොලය පාවිච්චි කළා නම් මෙහෙම විපතක් වෙන්නේ නැහැ. නාවික පුහුණුව තියන අය ඊට වැඩිය වගකීමෙන් වැඩ කළා නම් මේ අනතුර වළක්වා ගන්න තිබුණා. (නි)