දහතුන් වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් දකුණේ ඕනෑම දේශපාලන පක්ෂයක් සමග සාකච්ඡා කිරීමට තම පක්ෂය සූදානම් යැයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා ”ලංකාදීප”යට ප‍්‍රකාශ කළේය.
උතුරු පළාත් සභා මැතිවරණය සඳහා මේ වනතෙක් තම පක්ෂය අපේක්ෂකයකු නම්කර නැති බවද සුමන්තිරන් මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තංගවේලු, බාලසුභ්‍රමනියම් කියන්න තියෙන්නේ මෙච්චරයි. මේ ලෝකේ අන්ත ජාතිවාදී ජාතියක් ඔයාලා. මට ඔයාලා කියන්නේ මොනවද? දෙමල ජාතියට නැතිවෙච්ච අයිතිවාසිකම්, අයිතිවාසිකම් නැති වුනේ සිංහල ජාතිකයන්ට,අපේ රටේ මැදවච්චියටවත් යන්න බැරි කාලයක් අපිට තිබුනා. ලංකාවේ දෙමල ජාතිකයෙක් හිටපු නැති පැත්තක් මට පෙන්වන්න. පහුගිය යුද්ද කාලේ පවා කිසි වෙනසක් නැතුව සිංහලයෝ දෙමල මිනිස්සු එක්ක හිටියා. ලංකාවේ කාටත් නීතිය එක හා සමාන කරන්න ඕනා. සිංහලුන්ට නැති වරප්‍රසාද ඔයාලට තියෙනවා. ඔයාලගේ කෙනෙක් අත්අඩංගුවට පත් උන හැටියේ පෙළපාලි ගියාම නිදහස්. අපට යාපනේ බිම් අඟලක් ගන්න බෑ තේසවලාමේ නීතිය නිසා. එම නිසා ඉඩම් බල තල,පොලිස් බලතල,මද්‍යම ම රජය යටතේ තියා ගෙන උතුරු පළාතේ ඡන්දෙ තිබ්බට කමක් නෑ.(නදී)
අපට කරුණු කාරනා වලින් වැඩක් නැත. පොලිස් සහ ඉඩම් බලතල ඔබලාට දෙනවට අපි කැමති නැත. එය මධ්‍යම ආණ්ඩුවට තිබිය යුතුය.(නදී)
සකච්ඡා කොලාට කාරී නැහැ මලයෝ. රට කන්න දෙන්න බැහැ. පහු ගිය අව්රුදු 30 ම අපි දෙගොල්ලොම නැති උණා. ඒ නිසා රෑ වැටුන වලේ දවල් වැටෙන්න බෑ. ගහල ගන්න බැරි උණ දේ ඇහැ වහලා ගන්න හිතන්න එපා.(නදී)
දකුණට කරුණු කියන්න උතුර එයාලගෙද? මේ සුඩානය කියල හිතන් ඉන්නවද දන්නේ නෑ. එයාල කොටි එක්ක කරපු දේ නොදන්න තොත්ත බබ්බුත් ඉන්න නිසා හොඳයි.(නදී)
එක්වෙමු අපි අපේ රට ගොඩ නගන්න. බේද දුරු කරමු. මේ රට ලෝකෙන් උතුම් රට කරමු. දෙමල සිංහල , මුස්ලිම් අපි කවුරුත් මේ රටේ උපන්න නම් මේ රට වෙනුවෙන් එක්වෙමු. උපන් රටෙන් හමන සුළගත් සැපයි. අරාබිය ලංකාවේ මුස්ලිම් අයව ගණන් ගන්නෙවත් නැහැ. තමිල් නඩුව ලංකාවේ දෙමල අයව ගණන් ගන්නේ නැහැ. සිංහල යට කොහොමත් වෙන තැනක් නැහැ. අපි හැමෝටම තියෙන්නේ මේ රට විතරයි. ඉතින් අපි අපේ රට ගොඩ නගමු.(නදී).
19% දෙමල ජාතිය, 75% ක් වූ සිංහල ජාතියට 13 ගැන උගන්නන හදනවා. කොන්ඩේ බැදපු චීනෙක් හොයල සාකච්ඡා කරනම් හොදයි. මුන් ලෝකේ වටේ කරක් ගහල අපිට බැන බැන පොත පෙරලන්න හදන හැටි කොහොමද. (නදී)
මම අහගෙන ඊයෙ විමල් ඈමති තුමා කියනව නයාව තියාගන්නවලු විස දළ ගලවල එතකොට ඕන විදිහට නටවන්න පුලුවන්ලු.(නදී)
පොලිස් ඉඩම් බලතල අනිත් පළාත් සභා වලට නැති දෙයක්ද? ඒහෙම නැතුව උතුරට විතරක් දෙන්න එපා කියන එක අසාධාරණයිනේ. හිතලා බලන්න ජාති බේද අමතක කරලා ස්වාධීනව.(නදී)
දෙමල කට්ටිය ලංකාවේ ඉන්නේ වහලුන්සේද? කොලඹ ඉන්න දෙමල කට්ටිය අදටත් ලොකු ජාතියෙන් ඉන්නේ. මහා ජාතිය වුණාට සිංහලයන්ට උතුරේ ඉඩම් ගන්න බැහැනේ. අරහෙන් මුස්ලිම් අය නැගෙනහිර ඉඩම් ටික අල්ලාගෙන. කොටි කාලේ සිංහල නමක් උතුරේ හොයා ගන්න බැරිවුණා. නැගෙනහිරට ෂරියා නීති ගේන්න හදනවා. දැන් කොටිය පැරැද්දුවා. ඉන්න අයට අයෙත් ආයුධ ගන්න දෙන්න නරකයි. ඉන්නවා නම් ඉන්න නැත්නම් යන්න. ඉන්දියාව හින්දුස්ථාන්(හින්දුන් ගේ දේශය). ලංකාව සර්ව ආගමික රටක්. කාට මේවා කියන්නද? (නි)
මහේෂ්, මම පිළිගන්නෙ නැහැ දමිළ කියන්නෙ අන්තවාදී ජාතියක් කියලා. ඔයා හැරෙන්න වෙනත් අය එහෙම කියන්නෙත් නැහැ (නි)
අපි හැමෝම එක වහලක් යට ඉදිමු. (නි)
බමුණු, හේරත්, සනත්, ප්‍රසන්න, ඔය ගොල්ලෝ එහෙම කිව්වට අපිත් යාපනයේ ජීවත් වන ලාංකිකයෝ. අපටත් අයිතියක් තියෙනවා. ලංකාවටම එක හැන්දකින් බෙදලා දුන්න නම් මේ කිසිවත් නැහැනේ. (නි)
හැමදාම ඉවර වුණ යුද්ධයත් ජාතිවාදයත් ඇදගන අතීත සිහින කතා මවමින් ජිවත් වෙන හැමෝම බුද්ධියට ඉඩදී කතා කරන්න. දෙමල සහෝදර ජනතාවට අසාධාරනයක් කරන්න හොඳ නැහැ. දුටුගැමුණු රජතුමාත් යුද්ධය කරලා දිනුවා කියලා දෙමල ජනතාවට අවමන් කරන වැඩ කළේ නැහැ. මෙරට දැන් යන විදිය අන්තිම කණගාටුදායකයි. නිතිය සාධාරණය, අධ්‍යාපනය විනාශ වෙලා. මිනිසුනි, සිතන්න අපේ රට පෙරට වඩා ලොකු ආගාදයකට වැටිලා. මෙහෙම ගියොත් අපි හැමෝම විනාශයකට ලක්වෙනවා. එය 30 අවුරුදු යුද්ධයට වඩා ඉතාම දරුණු විනාශයක් (නි)
ප්‍රසන්න ඔයා හරි. මේ දේ ලංකාව ඉන්න දෙමල,මුස්ලිම් සියලු දෙනා දැනගන්න ඕනෑ.ලංකාවට ආදරේ කරන්න ඕනැ.අවංකව වැඩ කරනවා නම් සිංහල අපි ඔයාලගේ ඉල්ලීම් තේරුම් ගන්න බැරි පහත් ජාතියක් නෙමෙයි. ප්‍රශ්නේ තියන්නේ අවංකභාවයේ....... (නි)
පාර්වතී නංගිට, දෙමල ජනයා අනෙක් රටවල ඉන්නවා. හැබැයි ඔය කියන සමානකම ඒ රටවල නැහැ. හොදට හොයලා බලන්න. මලයාසියාවේ මැලේ නොවන අනෙක් ජාතින් දෙවැනි පුරවැසියන් විදියට තමා සලකන්නේ. උසස් අධ්‍යාපනයට විශ්වවිද්‍යාල වලට සිසුන් ඇතුලත් කරන්නේ වර්ගවාදී විදියට. ඔය මෙතන තියෙන ප්‍රශ්නය ඕක නෙමෙයි. මුරුගන් මල්ලි ට... ලංකාවේ අපි හැමෝම එක ජාතියක් අපේ රට රකින්න කතා කරනවා නම් අපිට සිංහල , දෙමල, මුස්ලිම් කියල බේදයක් නැහැ. ප්‍රශ්ණ නැත්තේ මොන රටේද? ඒවා විසදගන්න අපි එකතු වෙමු. යුද්දෙන් දෙමළ ඔයාලටවත්, සිංහල අපිටවත්, මුස්ලිම් අයටවත් ලැබුන දෙයක් නැහැ. ලැබුනේ දුක, පසුතැවිල්ල වගේම දුප්පත්කම විතරයි. මේ රට බෙදන්නේ නැතුව අපි එකට ඉමු. මෙරට අපි දියුණු කරමු. ජාතිවාඩි දේශපාලනයට අහු වෙන්න එපා. (නි)
ප්‍රසන්නගේ අදහස් ඉතාමත් ප්‍රසන්නයි. ඔයාලා වගේ අයට තමා අපි සිංහල සහෝදරවරු කියන්නේ. (නි)
මොන කරුණුද ? එකම රටක් එකම ධජයක් යටතේ සිංහල දෙමල මුස්ලිම් සියලු දෙනාටම එකම නීතියක් වෙන්න ඕනෑ. මධ්‍යම ආණ්ඩුව යටතේ පොලිස් සහ ආරක්ෂක හමුදාව, ජාති වාදය නැතුව, ඊලම නැතුව අපි එකට ඉදිමු (නි)
මහේෂ් කට වචනෙට දෙමල අයට අරආ තියනවා මේවා තියනවා නොකියා කොලේ ලියලා පෙන්වන්ට. ඒ කියන්නේ ව්‍යවස්ථාවෙන් ලියලා පෙන්වන්ට. පෙළපාලි යන්නේ අසාධාරන නීතියට එරෙහිව. ඔහෙලටත් ඕන නම් යන්ට තිබුන 89 එහෙම කොන්ද පන නැතිවට අපි මොකෝ කරන්නේ.(නදී)
ජාතික ගීය දෙමළ සිංහල සහ වැදි භාෂාවෙන්, උප්පැන්නේ සහ හැදුනුම්පත දෙමලෙන්. මේ කිසිත් බැරි නම් ඉංග්‍රීසියෙන්, ජනපතිධූරයට තරග කිරීමේ අයිතිය, ජාතික කොඩියේ දෙමළ අනන්‍යතාවය වෙනත් ආකාරයකින් (පටියකින් නොව) පෙන්වීම ඇතුළු අනෙකුත් දේ දෙන්න බැරි නම් අපට ෆෙඩරල් ඕනා.(නදී)
ඇසල ඔහෙට මාන්දමද නැතිනම් ආඩම්බරයිද? සියයට 19 නෙවේ එකක් හිටියත් ඉගනගන්න දෙයක් වේ නම් ඉගෙන ගන්න. හැමෝටම සම අයිතීන් දෙන්න බැරි කුහකයන්ට. හැමදාම අපි බෟද්ධ බෞද්ධ කිය කියා කියා බෙරිහන් දෙන එකේ වැඩත් පෙන්වන්න.(නදී)
අනේ සුමන් තිරන් මාමේ. මටත් එන්න දෙන්න කෝ. අනේ මාමේ. කරුණු කියන්න මාවත් එක්ක යන්න හොද මාමා වගේ.(නදී)
දෙමළ අය ජිවත් වෙන්නේ ඉංදියාවෙයි ලංකාවෙයි පමණක් නෙවේ. අපි රටවල් බෙදන්ට හදනවා නෙවේ. බලන්න බටහිර ඉන්දීය කොදෙවු, කෙන්යා, සිංගප්පූරු, ,යුරෝපේ,ඇමරිකාවේ,මැලේසියා,දකුණු අප්‍රිකා වගේ හැම තැනම ඉන්නවා. මේ කිසි රටක ප්‍රශ්නයක් නැහැ. නමුත් මෙහෙ මහා ජාතිය අපට සම තැන නොදීමයි ගැටලුව.(නදී)
අපි ඔක්කොම ආවේ ඉන්දියාවෙන්.සිංහල අය ඉස්සරලා ආවා.දෙමල අය ටිකක් පහු වෙලා ආවා.සිංහල අය හිතන් ඉන්නේ දෙමල අය මහජාතියෙන් අවවාද අනුශාසනා ලබමින් එහි සෙවනේ වැඩ වෙසිය යුතුයි කියා.ඒක වහල්වාදී මානසිකත්වයක්. මේක යක්ෂයෝ නාගයෝ කුවේනිලා එලවලා අල්ලගෙන දැන් ඇයි තනියම ගන්න හදන්නේ. (නි)
ලෝකේ ෆෙඩරල් බල තල කියන ඒවා මෙපමණයි කියලා මැනලා දෙන්නේ නැහැ.ඇමරිකාවේ තියන ෆෙඩරල් බලය ඉන්දියාවට වෙනස්. කොහොමත් මහා ජාතිය අකමැති නම් දෙමල බාසාව,දෙමල සංස්කෘතිය, හින්දු සම්ප්‍රදායට තැනක් එනවට... ඒකට හොදම විසදුම ෆෙඩරල්.කැනඩාවේ තියන කියුබෙක් ප්‍රාන්තේ බලන්න. (නි)
පද්මා අක්කේ, ඔයාගේ ස්වාමි පුරුෂයා ඔයාගේ පිටුපස සිට කියන දේවල් නේද ඔය ලිව්වේ? මම වරදක් කියන්නේ නැහැ සිංහල ගෑනු කෙනෙක් දෙමල මනුස්සයෙක් බැන්දට. ඒත් මෝඩ කතා ලියන්න එපා (නි)
ෆෙඩරල් වලට මිනිස්සු බය කලේ වර්ග වාදියෝ. එක්කෝ හැමෝටම එක හා අයිතීන් දෙන්න මහා ජාතිය හිත හදාගන්න. නැති නම් ෆෙඩරල් හෝ කොන් ෆෙඩරල් දෙන්න. ඇමරිකාවේ,කැනඩාවේ,ස්විට්සාලන්තේ වගේ.එහෙම බැරි නම් ඉන්දියාවේ මට්ටමටවත් දෙන්න.සිංහල බාසාව බලෙන් පටවන්නේ නැතිව.එක්කෝ ඉංග්‍රීසි රාජ්ය භාෂාව කරන්න.(නදී)
අපට මහාජාතියේ අනුකම්පාව,අවවාද අනුශාසනා ලබමින් සිටීමේ අවශ්‍යතාවයක් නැහැ.වහලුන් සේ ඉන්නත් බැහැ.ඕනෑ සමතැන.සම භාෂා අයිතීන්.ප්‍රතිශත මට්ටමින් බදවාගැනීම් වෙනුවට දක්ෂතා මට්ටමින් බදවා ගැනීම්. හරියට සමතැන දේ නම් ෆෙඩරල් ඕනෑ නැහැ.මේවා නොදී අපව ෆෙඩරල් වලට තල්ලු කරන්නේ මහා ජාතිය. (නි)
ඔය තෙසවලාම් නීතියෙන් මහා ජාතියට අවාසියක් වේ නම් එක වෙනස් කරන්න.රටේ ව්‍යවස්ථාවෙන් හැමෝටම සමානව සලකන්නේ නැති නිසයි කියන්නේ ඒක වෙනස් කරන්න කියලා.හැමෝටම සමානව සලකන ව්‍යවස්තාවක් හදන්න බැරි නම් ෆෙඩරල් දෙන්න. අපි අපේ වැඩක් බලා ගන්නම්. (නි)
බාලා සහෝදරයා, ඒ උනාට අවුරුදු 30 මේ රට ගිල ගත්තේ අපි නෙවෙයිනේ. අයිතිය කාටත් තියෙනවා. ඒත් ලක්ෂ ගණනකට ජිවත් වීමේ අයිතිය නැති කලේ කවුද? මලක් පහනක් පුජා කරන්න ගියත් මරණය හිමි කලේ කවුද? උගත් දමිළයෝ විනාශ කලේ කවුද? ත්‍රස්තවාදයට සුදුසුම හැන්දෙන් තමයි බෙදුවේ. ලාංකිකයෝ වගේ හිතන්න බැරි හැම ජාතියේම කළු සුද්දෝ පිටරට වල ඉඳගෙන කොටින්ට උඩ ගෙඩි දුන්නේ නැත්නම් මෙව්වා වෙන්නේ නෑ. ලග එන ඡන්දෙදි බාලා සහෝදරයාටත් බලා ගන්න හැකිවෙයි එකම රටක් ගැනද කියන්නේ කියලා.(නදී)
අපි අවුරුදු 30ක් ඇහුවා. ඒ ඇති වෙලා තමයි ජනාදිපතිතුමා මේක ඉවරකරලා දැම්මේ (නි)
මහත්තයෝ ඔය වැඩේ නම් කරන්න එපා. වැඳලා කියන්නේ. විදුලි බිල අනං මනං වගේ නෙවෙයි මේක. (නි)
කවුරු මොනවා සාකච්චා කළත් කමක් නැහැ. ඉඩම්,පොලිස් ,මුදල් ආරක්ෂක, සහ විබාග පැවැත්වීමේ අයිතිය සහ පළාත් සබාව හේතු දක්වා විසුරුවා හැරිමේ බලය කව්රු බලයේ සිටියත් මධ්‍යම රජය යටතේ තබා ගත යුතුයි. මේකට සමහරු සිංහල ජාතිවාදය කියාවි. (නි)